තමාට කළු යැයි ඇමතීම නිසා සැමී කනස්සල්ලෙන්

304

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් සැමී එම තරගාවලිය අතරතුර තම කණ්ඩායමේ ක්‍රීඩකයන් තමන්ට “කළු” යැයි ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තම කලකිරීම පලකර තිබේ. 

2013 සහ 2014 දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සිටිය දී බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක ඩැරන් සැමී ඔහුගේ සමේ වර්ණය ගැන සඳහන් කර ක්‍රීඩකයන් ආමන්ත්‍රණය කිරීම ගැන ප්‍රශ්න කර තිබේ. ඔහු ඔහුගේ හිටපු කණ්ඩායම් සගයන්ගෙන් ඉල්ලා ඇත්තේ එලෙස ආමන්ත්‍රණය කිරීම ගැන පැහැදිලි කර දෙන ලෙසයි.

‘රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්’ගෙන් මැරුම් කන්න ගොස් බේරුණු පාකිස්තාන නායකයා

සඳුදා ඉන්ස්ටග්‍රෑම් හි වීඩියෝ සටහනක සැමී තම කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු තමාට පහත් නමක් ලෙස හැඳින්වීම ගැන කතා කළේය. සැමී මීට පෙර ජුනි 07 වැනි දින ඉන්ස්ටග්‍රෑම් හි පලකළ සටහනකින් ඔහු පවසා ඇත්තේ සෙසු ක්‍රීඩකයන් භාවිතා කළ වචනය Kalu බවයි. එය හින්දි වචනයක් බවත් එය ඔහුගේ වර්ණයට සම්බන්ධ වචනයක් බවත් ඔහු සඳහන් කළේය. සැමී තවදුරටත් කියා සිටියේ මෙම වචනයේ තේරුම යම් විහිළු එකක් බව ඔහු මීට පෙර සිතා සිටි බවයි. 

දැන් ඔහු එහි තේරුම දන්නා නමුත්, සැමී පැවසුවේ ඔහුගේ හිටපු කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් තමාට පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි. ඔහු අදහස් කළේ එය කිසියම් ආකාරයකින් පහත් කොට සලකන එකක් නම් තමාගෙන් සමාව ඉල්ලිය යුතු බවයි.

මෙම වචනය තමා සහ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යන දෙදෙනාටම භාවිතා කර ඇති බව සැමී පවසා තිබුණි. ඔහුගේ අදහස් දැක්වීමේ දී සැමි පැවසුවේ කණ්ඩායම් සගයන් ඔහුට ඒ වචනය නැවත නැවතත් කියා සිටි බවයි. ඔහු ද එය ‘මගේ නම’ යැයි කියන තැනට පත්වූ බව සැමී කියා සිටියා. 

ඔහු කියා සිටියේ එය “ශක්තිමත් අශ්වයෙකු” යැයි තමා සිතා සිටි නමුත් එක්සත් ජනපදයේ විකට නළුවෙකු වන හසන් මින්හාජ්ගේ ප්‍රසංගයකට සවන් දීමේ දී සැබෑ අරුත දැන ගත් බවයි.

“හසන් මින්හාජ් ඔහුගේ සංස්කෘතියේ සමහර අය කළු ජාතිකයන් දෙස බලන ආකාරය හා විස්තර කරන ආකාරය ගැන කළ වැඩසටහනට මම ඇහුම්කන් දුන්නා” යැයි සැමී සිය ඉන්ස්ටග්‍රෑම් සටහනේ සඳහන් කර තිබේ. “දැන් එය සෑම කෙනෙකුටම අදාළ නොවේ. නමුත් මම මෙය කියන්නේ මා අත්විඳි දෙයක් නිසා”

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම කල් යයි

“මීට පෙර, ජුනි 7 වැනි දින ඉන්ස්ටග්‍රෑම් හි පලකළ සටහනෙන් මම කියා සිටියා කළු ජාතිකයන් විස්තර කිරීම සඳහා සමහර අය භාවිතා කරන වචනයක් ගැන දැනගැනීමෙන් මා කෝපයට පත් වූ බව. 2013 සහ 2014 දී සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් ක්‍රීඩා කළ දවස්වල මට මතකයි සමහර අය මින්හාජ් විස්තර කළ ඒ වචනය මටත් කිව්වා,”

 “මම ඒ අයට පණිවිඩ යවනවා. ඔබ කවුදැයි ඔබ දන්නවා. එය මට කියූ අවස්ථාවේ දී, එහි තේරුම කුමක්දැයි මම දැනගෙන හිටියේ නෑ. මම සිතුවේ එය ශක්තිමත් යමකට කියන දෙයක් කියලා. එය කුමක් වුවත් මම එයට කිසිදු ගැටලුවක් නොදැක්වූයේ එහි තේරුම පිළිබඳව නොදැන සිටි නිසා. මම සිතුවේ එය උසස් තේරුමක් තියන දෙයක් කියලා.” 

“නමුත්, මට සහ තිසර පෙරේරාට ඒ නමෙන් ආමන්ත්‍රණය කරන සෑම විටම ක්‍රීඩකයන් අතර සිනහවක් ඇති වුනා. මම කණ්ඩායම් ක්‍රීඩකයෙක් වීම නිසා මම සිතුවේ එය විහිළුවක් විය යුතුයි කියලා. ඔබට පුළුවන් එය කිසිසේත් විහිළුවක් නොවන බව මම දැන ගත් විට මගේ කලකිරීම සහ කෝපය තේරුම් ගන්න.”

“ඉතින්, මම ඔබට කෙටි පණිවිඩයක් යවමින්, ඔබෙන් විමසනවා. ඔබ නැවත නැවතත් මට එම වචනය කියා කතා කළාම මම එය එතරම් හිතුවේ නෑ. ඔබ සියල්ලන්ම එය කිසියම් ආකාරයකින් අපහාස වන ලෙස අදහස් කළා ද කියලා මට දැන ගන්න ඕන.”

“මම සෑමවිටම කණ්ඩායම ගොඩගැනීමට කණ්ඩායම තුල සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළා. මම කණ්ඩායම පහළට ගෙන යන්න හැදුවේ නෑ. ඉතින්, මට කතා කළ සියල්ලන්ම, ඔබ ඔබම දන්නවා එහි බරපතළ කම. ඔබගෙන් සමහරෙකුට මගේ අංකය තියනවා. ඔබ මාව ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, කොතැනකින් හෝ මාව සම්බන්ධ කරන්න. අපි සංවාදයක් පවත්වමු.”

“මක්නිසාද යත් එය කිසියම් ආකාරයකින්, මගේ වර්ණය ගැන කළ දෙයක් නම්, මම ඉතා කලකිරී ඉන්නේ. මම තවමත් තරහින් ඉන්නේ. මන්ද ඔබ සියල්ලන්ටම මගේ සහෝදරයන් ලෙස මා සැලකූ නිසා.”

“ඉතින්, මා සමඟ කතා කරන්න, කරුණාකර මේ තත්ත්වය පැහැදිලි කරන්න. ”  

මේ නිසා පන්දු යවන්නන් රොබෝවරු වේවි – වසීම් අක්‍රම්

සැමී 2013 සහ 2014 යන තරගවාර දෙකේ දී ම සන්රයිසර්ස් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර 2014 දී කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත. තිසර පෙරේරා සන්රයිසර්ස් කණ්ඩායම  වෙනුවෙන් 2013 දී ක්‍රීඩා කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් සන්රයිසර්ස් කණ්ඩායමෙන් ESPNcricinfo වෙබ් අඩවිය ප්‍රකාශයක් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, එම වෙබ් අඩවිය වාර්තා කළේ සැමී ඒ වන විට එම කාරණය වාර්තා නොකිරීම නිසාත්, ඔහු කණ්ඩායම් පාලනාධිකාරියට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු නොකිරීම නිසාත්, එම කණ්ඩායම මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට සූදානම් නැති බවයි. ESPNcricinfo වෙබ් අඩවිය ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ද මේ පිළිබඳව අදහස් විමසා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<