ආසියානු රග්බි කුසලානයේ පළමු කාණ්ඩයේ තරගාවලිය මැයි මස 14 වන දින සිට 20 වන දින දක්වා මැලේසියාවේ ඉපෝ නුවර දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා මයිකල් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු තේරීම් කමිටුව තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරන ලදි.

රොෂාන් වීරරත්න රග්බි නායකත්වයට

මෙම මස 14 වනදා සිට 20 වනදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය…

31 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් රදීෂ සෙනෙවිරත්න (පොලිස් SC), දමිත් දිසානායක (මහනුවර SC), ගයාන් ජයමාන්න සහ සෂාන් මොහොමඩ් (CR & FC), ස්ටෙෆාන් ග්‍රෙගරි (නාවික හමුදා කණ්ඩායම) සහ සුදම් සූරියආරච්චි (හැව්ලොක් SC) යන ක්‍රීඩකයින් 6 දෙන ඉවත් කර 25 දෙනාගේ සංචිතය තෝරා ගෙන ඇති අතර එම ක්‍රීඩකයින් 6 දෙනා පොරොත්තු ක්‍රීඩකයින් ලෙස නම් කර ඇත.

මෙම සංචිතයට තෝරා ගෙන ඇති නවක ක්‍රීඩකයින් වන්නේ තාරික් සලී (CR & FC), අෂාන් ඩාලිං, නිෂෝන් පෙරේරා සහ උමේෂ් මදුෂාන් (හැව්ලොක් SC), ජොයෙල් පෙරේරා (පොලිස් SC), රිචඩ් ධර්මපාල (මහනුවර SC) සහ ඔහුගේ සොහොයුරු රිචී ධර්මපාල (නාවික හමුදා කණ්ඩායම) යන ක්‍රීඩකයින් ය.

Umesh Madhushan (left) and Suhiru Anthony (right) at training
Umesh Madhushan (left) and Suhiru Anthony (right) at training
Richie Dharmapala passing to Lavanga Perera
Richie Dharmapala passing to Lavanga Perera

සලී, නිෂෝන් සහ මදුෂාන් යන තිදෙනාම 2015 වසරේ පැවති අවුරුදු 19න් පහළ ආසියානු රග්බි කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායම නියෝජනය කළ අතර මෙම තරගාවලියේ දී ද ඔවුන්ට අත්දැකීම් රාශියක් ලබාගැනීමට හැකි වනු ඇත.

මේ අනුව කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්නට නවක සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් යුත් කණ්ඩායමක් ලැබී ඇති අතර ඔහු හමුවේ ඇති ප්‍රමුඛ අභියෝගය වන්නේ කණ්ඩායමේ වැදගත් ම ක්‍රීඩකයෙක් වන ධනුෂ්ක රන්ජන් 100%ක සෞඛ්‍ය තත්වයෙන් පසු නොවීමයි. ලබන සතියේ දී තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනු ඇතැයි කණ්ඩායමේ සියලුම දෙනා අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ටස්කර්ස් කණ්ඩායම මැයි මස 14 වන දින පිලිපීනය සමඟත්, 17 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟත්, මැයි මස 20 වන දින සත්කාරක මැලේසියාව සමඟත් තරග වැදීමට නියමිතයි.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට