Team Dambulla පරාජය වලකා ගනී

SLC National Super League 4 Day Tournament 2024

159
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (04) නිමා වූ Team Galle සහ Team Dambulla කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

මෙම තරගයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 250ක හඹා යන ඉනිමක නිරත වූ Team Dambulla ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා සිටියා.

එම ඉනිමේ දී සනෝජ් දර්ශික සහ සොනාල් දිනූෂ අර්ධ ශතක ඉනිම් ගොඩ නැගීම කැපී පෙණුනා.

Team Galle සහ Team Dambulla

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Galle

මෙම තරගයෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිටියට පිවිස සිටි Team Dambulla ක්‍රීඩකයෝ අද තරගය අවසන් කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළා.

පෙර දිනයේ ඔවුන් තරගය අවසන් කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලබා සිටි අතර නොදැවී ලකුණු 26ක් ලබා ගනිමින් පිටියේ රැදී සිටි  සනෝජ් දර්ශික අද තම ඉනිම ලකුණු 58ක් දක්වා දීර්ඝ කර ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 127කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් ඊට ඇතුලත් කළා.

ඊට අමතර ව සොනාල් දිනූෂ ද අර්ධ ශතකයක් ලබා ගනිමින් Team Dambulla කණ්ඩායමේ ගැලවුම්කරුවන් බවට පත් වුණා. ඔහු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී නිමේෂ් විමුක්ති සහ නිශාන් පීරිස් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර ඊට අමතර ව අසංක මනෝජ කඩුල්ලක් දවා ගැනිමට සමත් වූවා.

Team Galle – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 519 (120) ඔෂද ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ 78, මොහොමඩ් ෂමාස් 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26, චමිඳු විජේසිංහ 3/70

Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (99.4) රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ශික 63, මිනෝද් භානුක 56, පවන් රත්නායක 63, නිශාන් පීරිස් 5/72, නිමේෂ් විමුක්ති  4/48

Team Dambulla – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 253 (80.3) රනේෂ් සිල්වා 26, සනෝජ් දර්ශික 58, මිනෝද් භානුක 20, සොනාල් දිනූෂ 67, දුශාන් හේමන්ත 27, නිමේෂ් විමුක්ති 3/88, නිශාන් පීරිස් 3/74

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<