Home Sinhala මාමා – පුතා ශතක සබඳතාවය ශ්‍රී ලංකාවට පීඩනයක් ගෙනයි

මාමා – පුතා ශතක සබඳතාවය ශ්‍රී ලංකාවට පීඩනයක් ගෙනයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

145

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (4) SSC පිටියේ දී ක්‍රියාත්මක වුනා. 

තෙවැනි දිනය සඳහා තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 42ක් පසුපසින් පසුවෙමිනි.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Ibrahim Zadran සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගනිමින් ලකුණු 101*ක් ලබාගෙන සිටින අතර Rahmat Shah නොදැවී ලකුණු 46*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93*ක සබඳතාවයක් ගොඩනංවමිනි. 

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 410ක් ලබාගෙන සිටියේ ඇෆ්ගනිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 212ක් පසුපසින් පසුවෙමිනි. ඒ වන විට සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 21*ක් ලබාගෙන සිටි නමුත් ලකුණු 27ක් ලබාගෙන සිටියදී සමරවික්‍රමගේ කඩුල්ල දවාගන්නට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වේගපන්දු යවන ක්‍රීඩක Naveed Zadran සමත් වුනා. 

කෙසේ නමුත් සමරවික්‍රමගේ දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසානය ඉක්මන් වුනු අතර තෙවැනි දිනයේ පන්දුවාර 8ක් තුල ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වුනා. ඒ අනුව තෙවැනි දිනය තුල ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 29ක් ලබාගත් අතර මේ තරගයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් චාමික ගුණසේකර හට මේ තරගය ද සම්පූර්ණ ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණක් වුනා. චාමික පන්දුවට පහරදෙමින් සිටියදී එක්වරම ඔහුගේ හිසේ කැක්කුමක් පැමිණි අතර එම අවස්ථාවට පන්දුවාර 2කට පමණ ඉහතදී ඔහුගේ හිසේ පන්දුවක් වැදීම Concussion වීම නිසාවෙන් ඔහුව පිටියෙන් ඉවතට රැගෙන ගිය අතර අවසානයේ දී අසිත ප්‍රනාන්දු දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා ඉනිම අවසන් වුනා. 

චාමික ගුණසේකර පිටියෙන් ඉවත් වීම නිසා ඔහුගේ Concussion ක්‍රීඩක ආදේශය ලෙස වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මේ තරගයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය අනුමැතිය තරග තීරවරයා විසින් ලබාදී තිබුනා. 

දිවා ආහාරයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 241ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළා. එහිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන Noor Ali Zadran සහ Ibrahim Zadran යන මාමා සහ පුතා දෙපල පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක ප්‍රතිප්‍රහාරයක් දියත් කළා. ලකුණු 106ක් දක්වා වර්ධනය වුනු එම සබඳතාවය අසිත ප්‍රනාන්දු විසින් බිඳ දැමුවේ ලකුණු 47ක් ලබාගෙන සිටි Noor Ali කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගෙනයි. 

එම සබඳතාවය ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල (ටෙස්ට් වරම් ලැබීම 2017 වර්ෂය) පළමු කඩුල වෙනුවෙන් මේ දක්වා වාර්තා වුනු ඉහළම සබඳතාවය වන අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු 7 වැනි ඉහළම සබඳතාවය ද එයයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවන් (DRS) නිසිලෙස ප්‍රයෝජනයට ගත්තේ ද යන්න ගැටළුවක්. එසේම ලකුණු 68ක් ලබාගෙන සිටියදී Ibrahim silly mid off කලාපයේ පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක වෙත ලබාදුන් උඩපන්දුව ඔහුගේ අතින් ගිලිහී ගියා. 

එය සිය වාසියට හරවාගත් Ibrahim සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගනිමින් ඇෆ්ගනිස්තාන දෙවැනි ඉනිමේ කොඳු නාරටිය බවට පත්ව සිටිනවා. පන්දු 217ක් තුල නොදැවී ලකුණු 101*ක් ලබාගෙන සිටින Ibrahimගේ ඉනිම 4 පහර 11කින් වර්ණවත් වී තිබෙනවා. පළමු ඉනිමේ දී ලකුණු 91ක් ලබාගත් Rahmat Shah 4 පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 46*ක් ලබාගෙන දෙවැනි කඩුල්ලේ සබඳතාවය ශක්තිමත් කරමින් සිටිනවා. 

තරගයේ සිව්වැනි දිනය හෙට (05) ක්‍රියාත්මක වීමට නියමිත අතර, තරගය පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
439/10 (109.2) & 56/0 (7.2)

Afghanistan
198/10 (62.4) & 296/10 (112.3)

Batsmen R B 4s 6s SR
Ibrahim Zadran lbw b Asitha Fernando 0 2 0 0 0.00
Noor Ali Zadran c & b Vishwa Fernando 31 46 5 0 67.39
Rahmat Shah c Sadeera Samarawickrama b Prabath Jayasuriya 91 139 13 0 65.47
Hashmatullah Shahidi c Sadeera Samarawickrama b Vishwa Fernando 17 45 1 0 37.78
Nasir Jamal b Prabath Jayasuriya 0 7 0 0 0.00
Ikram Alikhil c Nuwanidu Fernando b Vishwa Fernando 21 50 3 0 42.00
Qais Ahmed lbw b Prabath Jayasuriya 21 44 1 1 47.73
Zia-ur-Rehman lbw b Vishwa Fernando 4 11 1 0 36.36
Nijat Masood c & b Asitha Fernando 12 24 1 1 50.00
Naveed Zadran  not out 0 6 0 0 0.00
Mohammad Saleem b Asitha Fernando 0 2 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 198/10 (62.4 Overs, RR: 3.16)
Bowling O M R W Econ
Asitha Fernando 14.4 1 24 3 1.67
Vishwa Fernando 12 1 51 4 4.25
Chamika Gunasekara 9 1 50 0 5.56
Prabath Jayasuriya 25 7 67 3 2.68
Dhananjaya de Silva 2 0 6 0 3.00
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Noor Ali Zadran b Naveed Zadran  37 53 6 0 69.81
Dimuth Karunaratne c Ibrahim Zadran b Qais Ahmed 77 72 12 0 106.94
Kusal Mendis c Zia-ur-Rehman b Nijat Masood 10 22 1 0 45.45
Angelo Mathews hit-wicket b Qais Ahmed 141 259 14 3 54.44
Dinesh Chandimal c Ikram Alikhil b Naveed Zadran  107 181 10 1 59.12
Dhananjaya de Silva run out (Hashmatullah Shahidi) 0 1 0 0 0.00
Sadeera Samarawickrama c Rahmat Shah b Naveed Zadran  27 33 4 1 81.82
Chamika Gunasekara retired 16 27 2 0 59.26
Prabath Jayasuriya b Naveed Zadran  2 8 0 0 25.00
Vishwa Fernando not out 0 2 0 0 0.00
Asitha Fernando b Nijat Masood 0 1 0 0 0.00


Extras 22 (b 5 , lb 9 , nb 3, w 5, pen 0)
Total 439/10 (109.2 Overs, RR: 4.02)
Bowling O M R W Econ
Nijat Masood 19.2 3 76 2 3.96
Mohammad Saleem 12.1 0 57 0 4.71
Naveed Zadran  22.5 4 83 4 3.69
Zia-ur-Rehman 28 2 90 0 3.21
Qais Ahmed 22 2 98 2 4.45
Rahmat Shah 3 0 10 0 3.33
Hashmatullah Shahidi 2 0 11 0 5.50
Batsmen R B 4s 6s SR
Ibrahim Zadran b Prabath Jayasuriya 114 259 12 0 44.02
Noor Ali Zadran lbw b Asitha Fernando 47 136 5 0 34.56
Rahmat Shah c Sadeera Samarawickrama b Kasun Rajitha 54 119 5 0 45.38
Hashmatullah Shahidi c Sadeera Samarawickrama b Prabath Jayasuriya 18 37 3 0 48.65
Nasir Jamal not out 41 67 5 1 61.19
Ikram Alikhil c Kusal Mendis b Asitha Fernando 1 6 0 0 16.67
Qais Ahmed c Dhananjaya de Silva b Prabath Jayasuriya 1 3 0 0 33.33
Zia-ur-Rehman b Prabath Jayasuriya 0 11 0 0 0.00
Naveed Zadran  b Prabath Jayasuriya 4 14 1 0 28.57
Nijat Masood c Sadeera Samarawickrama b Kasun Rajitha 0 0 0 0 0.00
Mohammad Saleem c Dhananjaya de Silva b Asitha Fernando 2 9 0 0 22.22


Extras 14 (b 1 , lb 6 , nb 1, w 6, pen 0)
Total 296/10 (112.3 Overs, RR: 2.63)
Bowling O M R W Econ
Vishwa Fernando 14 3 37 0 2.64
Asitha Fernando 21.3 2 63 3 2.96
Kasun Rajitha 20 5 59 2 2.95
Prabath Jayasuriya 47 10 107 5 2.28
Dhananjaya de Silva 10 1 23 0 2.30


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne not out 32 22 3 1 145.45
Nishan Madushka not out 22 23 4 0 95.65


Extras 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0)
Total 56/0 (7.2 Overs, RR: 7.64)
Bowling O M R W Econ
Zia-ur-Rehman 3 0 12 0 4.00
Naveed Zadran  3 0 30 0 10.00
Nijat Masood 1 0 5 0 5.00
Qais Ahmed 0.2 0 8 0 40.00