ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් ළමුන්ට විශේෂ අවස්ථාවක්

177

පාසල් ළමුන්ට හා ක්‍රිකට් ඇකඩමිවල පුහුණුව ලබන ශිෂ්‍යයන් හට හෙට (12) සිට ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකම නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

චන්දිමාල්ලාගේ පරීක්ෂණය කල් යයි

පසුගිය 27 වැනිදා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවන ටෙස්ට් තරගය අතරතුර …

ඒ අනුව ජූලි මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හා  ජූලි මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ සිංහල සමාජ ක්‍රිකට් (SSC) පිටියේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇතුළු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සෑම දිනයක දී ම ක්‍රිකට් තරගය නොමිලේම නැරඹීමට පාසල් ළමුන්ට හා ක්‍රිකට් ඇකඩමිවල පුහුණුව ලබන ශිෂ්‍යයන් හට වරම් ලැබේ.

තරග නොමිලේ නැරඹීමට නම් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමෙන් පැමිණිය යුතු අතර ක්‍රිකට් ඇකඩමි සිසුන් එහි හැඳුනුම්පත රැගෙන ඒම අත්‍යාවශ්‍ය වේ. එසේ පැමිණි විට ඒ ඒ අදාළ ක්‍රිකට් ක්‍රීඩාංගණ තුලට නොමිලේම ඇතුළත් වීමට අවසර ලැබෙනු ඇත.

දෙරට අතර පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය 12 වැනිදා ගාලු ජාත්‍යන්තර පිටියේ දී පැවැත්වෙන අතර එතැන් සිට තරගාවලිය අවසානය දක්වා එම තරගාවලියේ තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට ThePapare.com සූදානම්. එතෙක් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<