තේරීම් ගැන ප්‍රශ්න කළ බංග්ලාදේශ ක්‍රීඩකයාට අකරතැබ්බයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

1239

බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Abu Jayed හට ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත්තේ, ශ්‍රී ලංකා සංචාරයට නම් කළ සංචිතයෙන් ඔහුව ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්න නැගීම පිළිබඳව විභාග කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කිරීමත් සමඟයි.

Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් Abu Jayed ඔහුගේ වර්තමාන දස්කම් මත මෙම ඉවත් කිරීම කළ යුතු දෙයක් නොවන බව ප්‍රකාශ කිරීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව සහ කළමනාකාරිත්වය අසීරුතාවට පත්ව තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව අවධානය යොමු කළ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු Jalal Yunus මෙය පිළිබඳව සොයා බලන ලෙස තේරීම් කමිටුව උපදෙස් ලබා දී තිබූ අතර එයට පිළිතුරු වශයෙන් තේරීම් කමිටු නිලධාරි Minhajul Abedin ප්‍රකාශ කළේ රාමසාන් උපවාසයෙන් පසුව ඔහුව ප්‍රශ්න කිරීම සඳහා කැඳවන බවයි.

“ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයෙන් ඔහුව ඉවත් කිරීමෙන් පසුව ඔහු මේ ආකාරයෙන් කතා කිරීම පිළිබඳව අපි බොහෝ කනගාටුවට පත්වුනා”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔහු පසුගිය කාලසීමාවේ දී දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ, ක්‍රීඩා කළ අවසන් තරග තුනෙහිම කඩුලු දවා ගැනීමට අපොහොසත් වූ අතර ඔහුව අවසන් තරගාවලි ද්විත්වයේම සංචිතයට නම් කර තිබුනත්, කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<