Ashwinගෙන් තවත් පෙරළිකාර වැඩක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1350
(Wisden)

Lucknow Super Giants සමඟ තරගයේ දී Rajasthan Royals ක්‍රීඩක Ravichandran Ashwin 19 වැනි පන්දුවාරයේ දී පිටියෙන් ඉවත්ව යෑම දැඩි කතාබහට ලක් වුනා.

ඔහු ස්වකැමත්තෙන් පිටියෙන් ඉවත් වූ අතර (retired) ඔහු වෙනුවට පැමිණි පිතිකරු Riyan Parag අවසන් පන්දුවාරයේ දී පන්දු හතරකට ලකුණු 8ක් රැස් කළා. ඒ හයේ පහරක් ද සමඟිනුයි. එම අවසන් පන්දුවාරය ඉතා වැදගත් වුනේ Rajasthan Royals කණ්ඩායම ලකුණු 3කින් තරගය ජය ගත් නිසයි.

ඒක ඒ අවස්ථාවේ ගත්ත තීරණයක්”, Ashwin, Cricbuzz වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

Royals කණ්ඩායමේ පුහුණුකරු කුමාර් සංගක්කාර පවසා සිටියේ එම තීරණය කණ්ඩායම හා Ashwin සමඟ සාකච්ඡා කර ගත් තීරණයක් බවයි. “ඒක පාර්ශව දෙකම සමඟ සාකච්ඡා කරලා ගත් තීරණයක්. ඒක තමා ඒ දෙය කරන්න හොඳම මොහොත. Ashwin පන්දු රකින්නන්ගෙනුත් එය ඇහුවා.”

මෙවැනි සිදුවීමක් මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිදුව නැහැ. නමුත් ජාත්‍යන්තර හා දේශීය තරගවල මෙවන් සිදුවීම් සිදුව තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ භාරකාරයින් වන Marylebone ක්‍රිකට් ක්‍රීඩා සමාජය පවසා සිටින්නේ එසේ කිරීම නිත්‍යානුකුල බවයි.

“එය නිත්‍යානුකූලයි. 25.4.1 නීතිය යටතේ පිතිකරුවෙකුට ඕනෑම වෙලාවක පිටියෙන් ඉවත් වෙන්න පුළුවන්. 25.4.3 නීතිය යටතේ ආබාධයක් හෝ අසනීපයක් නිසා ඉවත් නොවන්නේ නම් පිතිකරුවා Retired – out ලෙස සැලකෙන අතර ඔහුට විරුද්ධ පිළේ නායකයාගේ කැමැත්ත නැතිව නැවත පන්දුවට පහර දෙන්නට හැකියාවක් නැහැ”, MCC මාධ්‍ය ප්‍රකාශකයෙක් පවසා තිබුණා.

මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. අපිට ඒක නිතරම අමතක වෙනවා. මේක අපි වැඩිය හිතන්නේ නැති වුනත් ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් අංගයක්”, Ashwin පවසා සිටියා.

මේ අතර Rajasthan Royals කණ්ඩායමේ පුහුණුකරු හා ක්‍රිකට් අධ්‍යක්ෂක කුමාර් සංගක්කාර පවසා සිටින්නේ Ravichandran Ashwin ගත් එම තීරණය ඉතා ඥානාන්විත තීරණයක් බවයි. නමුත් Rassie van der Dussenට පෙර Riyan Parag පිටියට නොඑවීම තමන් කළ වරදක් බව ද ඔහු පවසා සිටියා.

“පුහුණුකරුවෙක් ලෙස මගේ එක් තීරණයක් වැරදි ගියා. ඒ Rassie van der Dussenට පෙර Riyan Parag එවීමට මා ගත් තීරණයයි. ඒ නිසා අපිට Riyanගෙන් උපරිම සේවය ගන්න පුළුවන් වුනේ නැහැ.”

මෙවර තරගවාරයේ සිය පළමු තරගය ක්‍රීඩා කළ van der Dussen, ලකුණු 4කට දැවී ගියා.
“Ashwin එම තත්වය පාලනය කළ ආකාරය විශේෂයි, පීඩනය මැද පිටියට පැමිණ ඔහු පන්දුවට පහර දුන්නා. කණ්ඩායමට සහය දුන්නා හා ඉන්පසුව ඔහු තමන්ගේ කඩුල්ල කණ්ඩායම වෙනුවෙන් පූජා කළා. ඒ වගේම ඔහු හොඳින් පන්දු යැව්වා”, සංගක්කාර පවසා තිබුණා.

Ashwin පන්දු 23ක දී ලකුණු 28ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් ඇතුළත් වුනා. ඔහු Shimron Hetmyer සමඟ එක්ව ලකුණු 68ක සබඳතාවයක් ද ගොඩ නැගුවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<