Home Sinhala අතපත්තු සහ සමරවික්‍රමගේ වාර්තාගත සබඳතාවයෙන් ජය ශ්‍රී ලංකාවට

අතපත්තු සහ සමරවික්‍රමගේ වාර්තාගත සබඳතාවයෙන් ජය ශ්‍රී ලංකාවට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

706

චමරි අතපත්තු සහ හර්ශිතා සමරවික්‍රම දියත් කළ වාර්තාගත සබඳතාවය සහ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12) සමත් වුනා. 

එය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලබා ගත් පළමු විස්සයි විස්ස ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එකතු වුනා. කෙසේ නමුත්, 2-1ක් ලෙස විස්සයි විස්ස තරගාවලිය ජය ගත්තේ නවසීලන්තයයි. ඊට පෙර පැවති තීරණාත්මක ICC එක්දින ශූරතාවලියට අයත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.   

මේ තරගාවලිය තුල පළමු වරට කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා අතපත්තු පළමුව පන්දු රැකීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනු අතර ඉමේෂා දුලානි සහ කාව්‍යා කාවින්දි මේ තරගය සඳහා කැඳවා තිබුණේ විශ්මි ගුණරත්න සහ උදේශිකා ප්‍රබෝධනී වෙනුවටයි. දුලානි මේ තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත්තා. 

Suzie Bates සහ 19 හැවිරිදි Isabella Gaze පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් Powerplay අවස්ථාව තුල සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර ඉනෝකා රණවීර එම සබඳතාවය බිඳ දමමින් කඩුලු දඩයම ආරම්භ කළා.  

අනතුරුව නවසීලන්ත නායිකා Sophie Devine වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 25ක් තුල ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා. එහි දී ඇය ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 3000 සීමාව පසු කළ අතර ඇය එම ලකුණු සීමාව වේගවත්වම පසු කළ ක්‍රීඩිකාව ද බවට පත් වුනා. 

Maddy Green සහ Devine එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 31 සබඳතාවය බිඳ වැටුණු පසුව නවසීලන්ත ලකුණු සටහන 104/4ක් ලෙස සටහන්ව තිබුණු අතර ඒ වන විට ඉනිමේ පන්දුවාර 15ක් අවසන් වී තිබුණා 

කෙසේ නමුත් අවසන් පන්දුවාර 5 තුල නවසීලන්ත මැදපෙළ සහ පසුපෙළ පිතිකාරිණියන් ඉතාමත් හොඳින් පාලනය කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ලකුණු 36ක් තුල කඩුලු 5ක් දවා ගනිමින් ලකුණු 150-160ක් පමණ ලබා ගැනීමට හැකිව තිබුණු නවසීලන්ත ලකුණු සටහන ඉතාමත් හොඳින් පාලනය කළ අතර ශ්‍රී ලංකා පන්දු රැකීම ද එයට හොඳ දායකත්වයක් ලබා දුන්නා. 

අවසානයේ දී නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත් අතර Devine ඇයගේ අර්ධ ශතකය ආසන්නව සිටිය දී ලකුණු 46කට දැවී ගියා. ඇයගේ ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුනා.  

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 15කට කඩුලු 3ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරත වුනා. සුගන්ධිකා කුමාරි කඩුලු 2යි. 

ලකුණු 141ක තරගකාරී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවේ නව ආරම්භක පිතිකාරිණියන් යුගලය ලෙස නායිකා අතපත්තු සහ සමරවික්‍රම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවයේ වාර්තාව අලුත් කරමින් නොදැවී ලකුණු 143*ක සබඳතාවයක් පිහිටවනු ලැබුවා. 

එහි දී වැඩි වගකීමක් ඉටු කළ නායිකා අතපත්තු පන්දු 47ක් තුල නොදැවී ලකුණු 80*ක් ලබා ගත්තේ 4 පහර 13ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්. එය ඇයගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 7 වැනි අර්ධ ශතකය වන අතර ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලබාගත් වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ද ලෙස එය වාර්තා අතරට එකතු වුනා. 

අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 18කුත් පන්දු 4ක් තුල කිසිවෙක් නොදැවී ලකුණු 143ක් ලබාගෙන සුපිරි ජයග්‍රහණයක් සමඟින් තරගාවලිය අවසන් කළ අතර අතපත්තු හට අනගි සහයක් ලබා දුන් සමරවික්‍රම පන්දු 40ක් තුල නොදැවී ලකුණු 49*ක් ලබා ගත්තේ 4 පහර 7ක් එල්ල කරමින්. 

  • තරගාවලියේ ක්‍රීඩිකාව – Suzie Bates (නවසීලන්තය) 
  • තරගයේ ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

Result


Sri Lanka Women
143/0 (14.3)

New Zealand Women
140/9 (20)

Batsmen R B 4s 6s SR
Suzie Bates b Kavisha Dilhari 37 38 6 0 97.37
Isabella Gaze b Inoka Ranaweera 13 14 2 0 92.86
Amelia Kerr c Kavisha Dilhari b Sugandika Kumari 14 14 1 0 100.00
Sophie Devine c Nilakshi de Silva b Inoka Ranaweera 46 25 2 3 184.00
Maddy Green c Kavisha Dilhari b Kawya Kavindi 10 12 0 0 83.33
Georgia Plimmer st Anushka Sanjeewani b Inoka Ranaweera 3 6 0 0 50.00
Brooke Halliday c Chamari Athapaththu b Sugandika Kumari 2 4 0 0 50.00
Hannah Rowe c & b Inoka Ranaweera 0 1 0 0 0.00
Molly Penfold run out (Anushka Sanjeewani) 2 6 0 0 33.33
Eden Carson not out 0 0 0 0 0.00
Fran Jonas not out 2 2 0 0 100.00


Extras 11 (b 0 , lb 3 , nb 2, w 6, pen 0)
Total 140/9 (20 Overs, RR: 7)
Fall of Wickets 1-43 (5.1) Isabella Gaze, 2-65 (10.1) Amelia Kerr, 3-73 (11.1) Suzie Bates, 4-104 (14.6) Maddy Green, 5-127 (17.2) Georgia Plimmer, 6-135 (18.1) Sophie Devine, 7-135 (18.2) Hannah Rowe, 8-138 (19.3) Molly Penfold, 9-138 (19.4) Brooke Halliday,

Bowling O M R W Econ
Kawya Kavindi 4 0 27 1 6.75
Inoshi Priyadarshani 3 0 25 1 8.33
Sugandika Kumari 4 0 23 2 5.75
Inoka Ranaweera 4 0 15 3 3.75
Chamari Athapaththu 2 0 15 0 7.50
Kavisha Dilhari 3 0 32 1 10.67


Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama not out 49 40 7 0 122.50
Chamari Athapaththu not out 80 47 13 2 170.21


Extras 14 (b 0 , lb 0 , nb 0, w 14, pen 0)
Total 143/0 (14.3 Overs, RR: 9.86)
Bowling O M R W Econ
Eden Carson 3 0 31 0 10.33
Hannah Rowe 2 0 24 0 12.00
Molly Penfold 1.3 0 28 0 21.54
Sophie Devine 2 0 13 0 6.50
Amelia Kerr 3 0 24 0 8.00
Fran Jonas 2 0 17 0 8.50
Brooke Halliday 1 0 6 0 6.00



දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<