Home Sinhala ​ඉනෝෂි ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

​ඉනෝෂි ප්‍රනාන්දුගෙන් දක්ෂ පන්දු යැවීමක්

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

839
New Zealand Women tour of Sri Lanka 2023

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (8) කොළඹ, පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. 

Suzie Bates දියත් කළ අගනා පිතිකරණයෙන් කඩුලු 5ක ජයක් ලබා ගත් නවසීලන්තය අද තරගය ජය ගනිමින් 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා. 

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා. දඟපන්දු යවන්නියක් උපයෝගී කර ගනිමින් නවසීලන්තය පන්දු යැවීම ආරම්භ කළ අතර Eden Carson ඇයගේ පළමු පන්දුවෙන්ම චමරි අතපත්තුගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් බිඳ දැමුවා. 

කෙසේ නමුත් විශ්මි ගුණරත්න පන්දු 28ක් තුල ලකුණු 26ක් ලබාගෙන ශ්‍රී ලංකා මුල්පෙළ ස්ථාවර කිරීමට උත්සහ කළ අතර එය එතරම්ම සාර්ථක උත්සහයක් බවට පත් කර ගැනීමට නොහැකි වුනේ නවසීලන්ත දඟපන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම නිසයි. 

කඩුලු අතර දිවීම වෙනදාට සාපේක්ෂව තරමක් හොඳින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනු අතර ඒ නිසාවෙන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ය හැකි වුනා.  

කඩුලු අතර දිවයමින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කඩුලු 2ක් දුවද්දී දැවී යාම් වලට හසු කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. 

අංක 7 සහ අංක 8 පිතිකරණ ස්ථානවලින් පිටියට පැමිණි කඩුලු රකින පිතිකාරිණි අනුෂ්කා සංජීවනී සහ ඕෂදී රණසිංහ ලකුණු 18 බැගින් ලබාගෙන ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කළා. පන්දු යැවීමේ දී Eden Carson, Leigh Kasperek සහ Amelia Kerr කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් අතරට පැමිණියා. 

නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකාරිණි Suzie Bates පන්දුවාර 18ක් පුරාවට ඇයගේ අන්තය රැකගෙන ක්‍රීඩා කිරීම නිසා ශ්‍රී ලංකාවෙන් තරගය බොහෝ දුරට ගිලිහී ගිය අතර ඇය පන්දු 47ක් තුල ලකුණු 44ක් ලබා ගත්තේ 4 පහර 3ක් එල්ල කරමින් 

ඇය සිය අර්ධ ශතකය ආසන්නයේ සිටිය දී කවීෂා දිල්හාරි විසින් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගෙන දවා ගැනීමට සමත් වුනා. 

ඉනෝෂි ප්‍රනාන්දු නවසීලන්ත ඉනිමේ 12 වැනි පන්දුවාරය තුල Amelia Kerr සහ නායිකා Sophie Devineගේ කඩුලු 2ක දවාගෙන ශ්‍රී ලංකාව නැවතත් තරගයට රැගෙන ඒමට සමත් වූ නමුත් එය සාර්ථක වුනේ නැහැ.  

ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභිණිය වුනු Amelia Kerr පන්දු 28ක් තුල 4 පහර 5ක් සමඟ ලකුණු 34ක් ලබාගෙන තරමක වේගවත් පිතිකරණයක නිරත වුනා. Georgia Plimmer නොදැවී ලකුණු 16*යි. 

අවසානයේ දී නවසීලන්තය පන්දුවාර 18කුත් පන්දු 5ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබාගෙන සිය ඉලක්කය සපුරා ගත් අතර ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගෙන දක්ෂ පන්දුකරණයක නිරත වුනා. 

තරගයේ ක්‍රීඩිකාව – Suzie Bates (නවසීලන්තය) 

Result


Sri Lanka Women
106/9 (20)

New Zealand Women
107/5 (18.5)

Batsmen R B 4s 6s SR
Chamari Athapaththu b Eden Carson 0 1 0 0 0.00
Vishmi Gunaratne c & b Amelia Kerr 26 28 5 0 92.86
Harshitha Samarawickrama st Bernadine Bezuidenhout b Leigh Kasperek 12 19 1 0 63.16
Hansima Karunaratne lbw b Eden Carson 7 10 1 0 70.00
Nilakshi de Silva c Sophie Devine b Suzie Bates 12 17 1 0 70.59
Kavisha Dilhari lbw b Leigh Kasperek 10 9 1 0 111.11
Anushka Sanjeewani run out (Brooke Halliday) 18 17 1 0 105.88
Oshadi Ranasinghe c & b Amelia Kerr 18 15 3 0 120.00
Udeshika Prabodhani run out (Amelia Kerr) 0 4 0 0 0.00
Inoshi Priyadarshani not out 0 0 0 0 0.00


Extras 3 (b 1 , lb 0 , nb 0, w 2, pen 0)
Total 106/9 (20 Overs, RR: 5.3)
Fall of Wickets 1-0 (0.1) Chamari Athapaththu, 2-37 (7.2) Vishmi Gunaratne, 3-41 (8.2) Harshitha Samarawickrama, 4-53 (11.1) Hansima Karunaratne, 5-68 (13.2) Nilakshi de Silva, 6-72 (14.3) Kavisha Dilhari, 7-101 (18.4) Anushka Sanjeewani, 8-102 (19.3) Udeshika Prabodhani, 9-106 (19.6) Oshadi Ranasinghe,

Bowling O M R W Econ
Eden Carson 4 0 20 2 5.00
Lea Tahuhu 2 0 13 0 6.50
Hannah Rowe 1 0 5 0 5.00
Sophie Devine 1 0 5 0 5.00
Leigh Kasperek 4 0 21 2 5.25
Amelia Kerr 4 0 18 2 4.50
Brooke Halliday 2 0 10 0 5.00
Suzie Bates 2 0 13 1 6.50


Batsmen R B 4s 6s SR
Bernadine Bezuidenhout c Inoshi Priyadarshani b Udeshika Prabodhani 4 11 0 0 36.36
Suzie Bates lbw b Kavisha Dilhari 44 47 3 0 93.62
Amelia Kerr c Udeshika Prabodhani b Inoshi Priyadarshani 34 28 5 0 121.43
Sophie Devine c Vishmi Gunaratne b Inoshi Priyadarshani 0 2 0 0 0.00
Maddy Green lbw b Inoshi Priyadarshani 5 6 0 0 83.33
Georgia Plimmer not out 16 18 1 0 88.89
Hannah Rowe not out 1 2 0 0 50.00


Extras 3 (b 0 , lb 0 , nb 1, w 2, pen 0)
Total 107/5 (18.5 Overs, RR: 5.68)
Fall of Wickets 1-7 (2.4) Bernadine Bezuidenhout, 2-65 (11.3) Amelia Kerr, 3-65 (11.5) Sophie Devine, 4-77 (13.4) Maddy Green, 5-103 (17.6) Suzie Bates,

Bowling O M R W Econ
Udeshika Prabodhani 3.5 0 14 1 4.00
Inoshi Priyadarshani 4 0 17 3 4.25
Oshadi Ranasinghe 4 0 30 0 7.50
Inoka Ranaweera 3 0 21 0 7.00
Kavisha Dilhari 3 0 17 1 5.67
Hansima Karunaratne 1 0 8 0 8.00



දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 10 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිත අතර එහි සජීව විකාශය ද ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<