Home Sinhala තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජය සංචාරකයින්ට

තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලියේ ජය සංචාරකයින්ට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1808

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියේ අද (10) පැවති දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගත් නවසීලන්තය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සමත් වුනා.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 118ක් ලබා ගන්නට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් සුගන්ධිකා කුමාරි සහ හසිනි පෙරේරා මේ තරගයට කැඳවා තිබුණේ හංසිමා කරුණාරත්න සහ ඕෂදී රණසිංහ වෙනුවටයි.

මේ තරගය තුල ද ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකාරිණියන්ගේ අසාර්ථකත්වය දැකගන්නට ලැබුණු අතර නායිකා අතපත්තු ලකුණු 2කට දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් වුනා.

හර්ශිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය නිසාවෙන් ලකුණු 14/3ක් ලෙස සටහන් වුනු ලකුණු සටහන යම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට සමත් වුනා.

පළමු තරගයට ක්‍රීඩා නොකළ හසිනි පෙරේරා ලකුණු 33ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වුනු අතර හර්ශිතා සමරවික්‍රම ලකුණු 23කට දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිමේ අවසානයට තරමක් වේගවත් බවක් එක් කළ අනුෂ්කා සංජීවනී සහ නිලක්ෂි ද සිල්වා පිළිවෙළින් ලකුණු 22ක් (පන්දු 23) සහ ලකුණු 18*ක් (පන්දු 13) ලබා ගත්තා.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් හට වැඩි පීඩනයක් යොමු කළ වේගපන්දු යවන ක්‍රීඩිකා Lea Tahuhu ලකුණු 21කට කඩුලු 4ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

ලකුණු 119ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකාරිණියන් යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. එහි දී Suzie Bates සහ Bernadine Bezuidenhout පිළිවෙළින් ලකුණු 52ක් සහ ලකුණු 24ක් ලබා ගත්තා.

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ 26 වැනි අර්ධ ශතකය ලබා ගත් Bates නවසීලන්ත ඉනිමේ කොඳුනාරටිය බවට පත්වෙමින් පන්දු 53ක් තුල ලකුණු 52ක් ලබා ගත්තේ 4 පහර 6 එල්ල කරමින්.

Amelia Kerr නොදැවී ලකුණු 33*ක් ලබාගෙන නවසීලන්ත ජයග්‍රහණය තහවුරු කළා. අවසානයේ දී පන්දුවාර 18කුත් පන්දු 4ක් තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 119ක් ලබාගෙන නවසීලන්තය මේ තරගය ජය ගත්තේ තරගාවලියේ ජයග්‍රහණය ද ඔවුන් සතු කරගෙනයි.

තරගයේ ක්‍රීඩිකාවLea Tahuhu (නවසීලන්තය)

Result


Sri Lanka Women
118/6 (20)

New Zealand Women
119/2 (18.4)

Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne b Lea Tahuhu 7 10 1 0 70.00
Chamari Athapaththu run out (Bernadine Bezuidenhout) 2 8 0 0 25.00
Harshitha Samarawickrama lbw b Eden Carson 23 28 2 0 82.14
Kavisha Dilhari lbw b Lea Tahuhu 0 2 0 0 0.00
Hasini Perera c Georgia Plimmer b Lea Tahuhu 33 36 3 0 91.67
Nilakshi de Silva c Amelia Kerr b Lea Tahuhu 22 23 2 0 95.65
Anushka Sanjeevani not out 18 13 1 1 138.46
Sugandika Kumari not out 0 1 0 0 0.00


Extras 13 (b 5 , lb 2 , nb 1, w 5, pen 0)
Total 118/6 (20 Overs, RR: 5.9)
Fall of Wickets 1-10 (2.5) Chamari Athapaththu, 2-14 (3.1) Vishmi Gunaratne, 3-14 (3.3) Kavisha Dilhari, 4-71 (13.3) Hasini Perera, 5-81 (15.2) Harshitha Samarawickrama, 6-117 (19.5) Nilakshi de Silva,

Bowling O M R W Econ
Fran Jonas 4 0 19 0 4.75
Sophie Devine 1 0 4 0 4.00
Eden Carson 4 0 15 1 3.75
Lea Tahuhu 4 0 21 4 5.25
Amelia Kerr 4 0 24 0 6.00
Leigh Kasperek 3 0 28 0 9.33


Batsmen R B 4s 6s SR
Bernadine Bezuidenhout st Anushka Sanjeewani b Kavisha Dilhari 24 21 4 0 114.29
Suzie Bates c Hasini Perera b Inoka Ranaweera 52 53 6 0 98.11
Amelia Kerr not out 33 33 2 0 100.00
Sophie Devine not out 5 5 0 0 100.00


Extras 5 (b 1 , lb 1 , nb 0, w 3, pen 0)
Total 119/2 (18.4 Overs, RR: 6.38)
Fall of Wickets 1-48 (8.1) Bernadine Bezuidenhout, 2-107 (16.2) Suzie Bates,

Bowling O M R W Econ
Udeshika Prabodhani 4 0 12 0 3.00
Sugandika Kumari 3.4 0 22 0 6.47
Inoshi Priyadarshani 3 0 27 0 9.00
Kavisha Dilhari 3 0 22 1 7.33
Inoka Ranaweera 4 0 28 1 7.00
Chamari Athapaththu 1 0 6 0 6.00



දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් විස්සයි විස්ස තරගය මේ මස 12 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට අතර එහි සජීව තරග විකාශය සහ තරගාවලියේ උණුසුම් තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<