රියාල් මැඩ්රිඩ් අඛණ්ඩව තෙවැනි වරටත් ශූරයෝ

194
Real Madrid's players celebrate with the trophy after winning the FIFA Club World Cup final football match Spain's Real Madrid vs Abu Dhabi's Al Ain at the Zayed Sports City Stadium in Abu Dhabi, the capital of the United Arab Emirates, on December 22, 2018. (Photo by Giuseppe CACACE / AFP)

2018 ‘FIFA’ ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් පාපන්දු සමාජ කණ්ඩායම සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Al Ain’ කණ්ඩායම අතර ඊයේ (22) ‘ZSC’ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයෙන් ගෝල 4-1ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගත් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම අඛණ්ඩව තෙවන වසරටත් මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

පාපන්දු ලෝකය සරසන්නට එක්වන අලුත් හැඩකාරිය

මෙම වසරේ රුසියාවේ දී නිමාව දුටු පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ උණුසුම පහව යාමටත් මත්තෙන් පාපන්දු ක්‍රීඩාලෝලීන් හට සතුටුදායක ආරංචියක් ඊයේ දින විදෙස්…

2000 වසරේ දී පළමු වරට පවත්වනු ලැබූ ‘FIFA’ ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලිය මෙවර පවත්වනු ලැබුවේ 15 වන වරටයි. සුපුරුදු පරිදි මෙවර ද ලෝකය පුරා ඇති ‘Confederations’ 6 ඉලක්ක කරගනිමින් පවත්වනු ලැබූ එක් එක් තරගාවලි වල ශූරතාවය දිනා ගත් කණ්ඩායම් 6ට සහ සත්කාරක රාජ්‍යයේ වත්මන් ජාතික ශූර පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායමට මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වූහ.

ඒ අනුව ‘UEFA’ ශූරයින්ගේ ලීග් තරගාවලියේ ශූරයින් ලෙස ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම, දකුණු ඇමෙරිකානු ‘Copa Libertadores’ තරගාවලියේ ශූරයින් ලෙස ආර්ජෙන්ටිනාවේ රිවර් ප්ලේට් කණ්ඩායම, ආසියානු ශූරයින්ගේ ලීග් තරගාවලියේ ශූරයින් ලෙස ජපානයේ කෂීමා ඈන්ට්ලර්ස් කණ්ඩායම, අප්‍රිකානු ශූරයින්ගේ ලීග් තරගාවලියේ ශූරයින් ලෙස ටියුනීසියාවේ ‘Esperance de Tunis’ කණ්ඩායම, උතුරු සහ මධ්‍යම ඇමෙරිකානු හා කැරීබියානු ශූරයින්ගේ ලීග් තරගාවලියේ ශූරයින් ලෙස මෙක්සිකෝවේ ‘Guadalajara’ කණ්ඩායම සහ ඕෂනියා කලාපීය ශූරයින්ගේ ලීග් තරගාවලියේ ශූරයින් ලෙස ටීම් වෙලිංටන් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් අතර සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ශූරයින් ලෙස තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම වූයේ ‘Al Ain’ කණ්ඩායමයි.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සෘජුවම අවසන් පූර්ව වටයෙන් තරගාවලියට පිවිසි අතර එහි දී ඔවුන් කෂීමා ඈන්ට්ලර්ස් කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරමින් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. එහි දී රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වාර්තා කර ගත් ගෝල 3ටම හිමිකම් කියනු ලැබුවේ ගැරත් බේල් විසිනි.

අනෙක් පසින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ ‘Al Ain’ කණ්ඩායම යි. පළමුව ඔවුන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ‘play-off’ තරගයේ දී ටීම් වෙලිංටන් කණ්ඩායම දඬුවම් පහර වටයෙන් පරාජයට පත්කරමින් ඉන් අනතුරුව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ‘Esperance de Tunis’ කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ඔවුන් සමත් විය.

“මගේ ජීවිතයේ සිදු වූ හොඳම දෙය, ඇයව හමුවීමයි” – සුවාරෙස්

පාපන්දු රසිකයන්ට නම් “සුවාරෙස්” කියන නම එතරම් ආගන්තුක නමක් නෙවෙයි. ඔහු පාපන්දු ලොවේ දැක්වූ දක්ෂතා නිසාම මේ වන විට ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ…

අවසන් පූර්ව වටයේ දී රිවර් ප්ලේට් කණ්ඩායම සමඟ පැවති තරගය නියමිත කාලය අවසානයේ ගෝල 2-2ක් ලෙස සම තත්වයේ පසුවෙමින් නිමාවට පත්වීමෙන් අනතුරුව දඬුවම් පහර වටය දඬුවම් පහර 5-4ක් ලෙස ජයග්‍රහණය කළ ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබීය.

ඒ අනුව රියාල් මැඩ්රිඩ් කණ්ඩායමත්, ‘Al Ain’ කණ්ඩායමත් අතර පැවති අවසන් මහා තරගය පුරාවට ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම තරගය ගෝල 4-1ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි දී රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ලූකා මොඩ්රිච්, මාකෝස් ලොරෙන්ටේ, සර්ජියෝ රාමෝස් සහ යහියා නදීර් (ප්‍රතිවාදී ගෝලයක් ‘OG’) ගෝල වාර්තා කර ගනු ලැබූ අතර ‘Al Ain’ කණ්ඩායම වාර්තා කරගත් එකම ගෝලයට හිමිකම් කියනු ලැබුවේ ට්සුකාසා ශියෝටානි විසිනි.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම අඛණ්ඩව 3 වන වසරටත් ‘FIFA’ ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නට සමත් වූ අතර මෙය ඔවුන් මෙම තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබූ සිව්වැනි වතාව ද වේ. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ ‘FIFA’ ක්‍රීඩා සමාජ ලෝක කුසලාන තරගාවලි වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ලැබූ කණ්ඩායම ලෙස ද රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය.

සුපිරි තරුවෙන් සුපිරි තරුවට අභියෝගයක්

දිනෙන් දින නැවුම් වෙමින් උද්වේගකරව ඉදිරියට එන ලෝක පාපන්දු පිටියේ උණුසුම් පුවත් මවන්නන් අතර පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙන්ම ආර්ජෙන්ටිනා…

තවදුරටත් තරගාවලියේ 3 වන ස්ථානය කෂීමා ඈන්ට්ලර්ස් කණ්ඩායම ගෝල 0-4ක් ලෙස පරාජයට පත්කරමින් දිනා ගන්නට රිවර් ප්ලේට් කණ්ඩායම සමත් විය. තරගාවලිය අවසානයේ ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය ද රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට හිමි වූ අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි ‘Adidas’ රන් පන්දුව දිනා ගනු ලැබුවේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ගැරත් බේල් විසිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<