බොක්සිං දිනයේ දී ලක්මාල් සහ ටීම් සවුති එකිනෙකා ගැටෙති

3015

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී වේගපන්දු යවන සුරංග ලක්මාල් සහ ටිම් සවුති එකිනෙකා තම කණ්ඩායම් වෙනුවෙන් දක්ෂතා දක්වමින් ප්‍රතිවාදීන් අමාරුවේ දැමූහ.

බටහිර රටවල් බොහොමයක කැලැන්ඩරයේ දෙසැම්බර් 26 වැනිදා බොක්සිං දිනය (Boxing Day) ලෙසින් හැඳින්වේ. දිළිඳු ජනතාවට සහන ලබා දීම අරමුණු කර ගත් මේ දිනයේ දී බොහෝ රටවල් එම අරමුදල් වෙනුවෙන් ක්‍රීඩා තරග ද පවත්වති. ඒ අනුව මෙවර නවසීලන්තය බොක්සිං දින ආරම්භ වන තරගය සඳහා තෝරා ගන්නේ ශ්‍රී ලංකාව ය. මෙම තරගයේ අද දිනයේ සම්පූර්ණ ආදායම දුගී ජනතාව වෙත ප්‍රදානය කිරීම ඔවුන්ගේ සිරිත ය.

බොක්සිං දින ටෙස්ට් තරගයේ දී දෙරටේ ඉරණම විසඳෙයි ද?

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ….

මේ උතුම් අරමුණ පෙරදැරිව අද ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ දී උරගා බැලුණ කාසියේ වාසිය හිමි කර ගත්තේ නවසීලන්ත නායකයා ය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ලකුණු 178කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

නවසීලන්ත ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්තේ ආරම්භක වේගපන්දු යවන සුරංග ලක්මාල් ය. ප්‍රතිවාදී ඉනිම අවසන් වන විට ඔහු ලකුණු 54කට කඩුලු 5ක් දවා ගත්තේ ය. එය සුරංග ලක්මාල්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා විය. ඊට පෙර ලක්මාල්ගේ දක්ෂතාව වී තිබුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව 2016 දී ලකුණු 63කට ලබා සිටි කඩුලු 5යි.

Video – Boxing Day belonged to Suranga Lakmal – 2nd Test: Day 1 | Cricketry

දිනයේ දිවා විවේකය වන විට නවසීලන්තයේ ප්‍රධාන පිතිකරුවෝ සිව්දෙනෙක් ලකුණු 51කට සීමා කරමින් පළමු කාර්තුවේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයට අවතීර්ණ වූහ. දැවී ගිය එම කඩුලු හතරේම හිමිකාරිත්වය සුරංග ලක්මාල් සතු විය.

දිවා විවේකයෙන් පසුව යැවුණ පන්දුවාර හතරක් තුළ තවත් කඩුලු 2ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ වෙද්දී නවසීලන්ත ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 64ක් ලෙස ය.

තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ මුම්බායි හී සැහැල්ලු පන්දු ….

එසේ කඩා වැටුණ නවසීලන්ත ඉනිම යම් තරමකින් හෝ ගොඩ ගනු ලැබුවේ ටිම් සවුති ය. ඔහු තම ටෙස්ට් තරග දිවියේ 5 වැනි අර්ධ ශතකය රැස් කරමින් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය. ඊට පෙර නවසීලන්තය වෙනුවෙන් ලකුණු අතරට පිවිසියේ බී. ජේ. වොට්ලින් ය. ඔහු සහ ටිම් සවුති හා එක්ව 7 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 108කි. වොට්ලින් පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගෙන දැවී ගියේ ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසිනි.

අනෙකුත් පිතිකරුවන් අතුරින් රොස් ටේලර් ලකුණු 27ක් ද, ටොම් ලේතම් ලකුණු 10ක් ද ලබා ගත් අතර වෙනත් කිසිවෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

සුරංග ලක්මාල්ට අමතරව ලහිරු කුමාර ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත් අතර ඩිල්රුවන් පෙරේරා ද කඩුල්ලක් ලබා ගත්තේ ය. අනෙක් කඩුල්ල දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ද එම අමාරුවේම දැමීමට දකුණතින් වේගපන්දු යවන ටිම් සවුති පෙරමුණ ගත්තේ ය.

ඔහු තම කඩුලු දඩයම් ආරම්භ කලේ දිමුත් කරුණාරත්න (7) දවා ගනිමිනි. අනතුරුව දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ද ලකුණු 6කට සීමා කිරීමට ඔහු සමත් විය. ඔහුට ගොදුරු වූ අනෙක් පිතිකරු වූයේ ධනුශ්ක ගුණතිලක (8) ය.

කවුද මේ නායකකම ගන්න යන පොඩි ළමයා?

සත් හැවිරිදි පුංචි Archie Schillerගේ නත්තල් ප්‍රාර්ථනාව ….

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව පෙර තරගයේ දී නොදැවුණ දැවැන්ත ලකුණු සබඳතාවක් එක් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් නැවත එක් වූ අතර ඔවුන් කෙරෙහි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ තබා තිබූ විශ්වාසය ලකුණු 30කින් නිමා කිරීමට කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සමත් විය. කුසල් මෙන්ඩිස්ගේ ඉනිම අද ලකුණු 15කට සීමා විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලෙසින් සටහන්ව තිබූ අතර ඒ වන විට ඇන්ජලෝ මැතිව්ස් පන්දු 64කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගනිමින් ද, රොෂේන් සිල්වා පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගනිමින් ද නොදැවී පිටියේ රැඳී සිටිය හ.

කඩුලු ලබා ගැනීමේ දී ටිම් සවුති ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (50) රොස් ටේලර් 27, බී. ජේ. වොට්ලින්ග් 46, ටිම් සවුති 68, සුරංග ලක්මාල් 5/54, ලහිරු කුමාර 3/49

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 88 (32) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 27, රොෂේන් සිල්වා නොදැවී 15, ටිම් සවුති 3/29

හෙට (27) තරගයේ දෙවැනි දිනයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<