Afridi හදිසියේ LPL අතහැර ගෙදර යයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

390
Afridi to leave LPL

හිටපු පාකිස්තාන සුපිරි ක්‍රීඩක හා Galle Gladiators නායක Shahid Afridi හදිසි හේතුවක් මත LPL තරගාවලිය අතරමග අතහැර පාකිස්තානයට යන බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඔහු Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා.

“අවාසනාවන්ත ලෙස මට පෞද්ගලික හදිසි තත්වයක් ඇතිවෙලා තිබෙනවා මගේ මව් රටේ. එම තත්වය සමථයකට ලක්වූ වහාම මම LPL තරගාවලියේ මගේ කණ්ඩායමට නැවත එකතු වෙනවා” Shahid Afridi සටහන් තබා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

මේ අතරම Kandy Tuskers හා Galle Gladiators අතර පැවැත්වුණු තරගය අතරතුර දී Gladiators වේගපන්දු යවන ක්‍රීඩක Mohammad Amir හා Tuskers වේගපන්දු යවන ක්‍රීඩක Naveen-ul-Haq අතර වාග් හරඹයක් ඇති වුනා. පසුව තරගය හමාර වීමෙන් අනතුරුව Gladiators නායක Afridi, යොවුන් ක්‍රීඩක Naveen-ul-Haq හට ආවේගයෙන් යමක් පවසන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.    

Afridi නැවත පැමිණෙන දිනය තවමත් ස්ථිරව දන්වා නැහැ. කෙසේ වෙතත් ඔහුට මීට පෙර COVID-19 වයිරසය වැළඳී ඇති නිසා දින තුනක නිරෝධායනයකින් පසුව හා COVID-19 පරීක්ෂණයකින් පසුව ඔහුව නැවතත් ක්‍රීඩා කිරීමට අවකාශ පවතිනවා.

Afridi නායකත්වය දරන Galle Gladiators මේ වන විට ක්‍රීඩා කළ තරග තුනම පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<