සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක හා වැදගත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (26) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන මේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් වන අතර එහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පසුගිය 19 වැනිදා ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එබැවින් ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නියම ශූරයින් කවුදැයි කියා සොයා ගැනීම වෙනුවෙන් දෙපිල අතරම ඉතාමත් හොඳ, ද්වන්ද සටනක් නිර්මාණය වනු ඇති බව නම් නිසැකයි.
මුහුණට මුහුණ
1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 33ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 13ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 12ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ප්‍රහාරාත්මක තරු
ඇන්ජලෝ මැතිව්ස්

මැතිව්ස්ගේ එම ලකුණු අතරට ශතක 9ක් හා අර්ධ ශතක 33ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්වීමට හැකිය.
තවද නවසීලන්තයට එදිරිව ලකුණු 52කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගැනීමට මැතිව්ස්ට හැකිව ඇත. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම දෙකේ දී ම ලකුණු 203ක් ලබා ගැනීමට සමත් වීම මැතිව්ස් නැවතත් දක්ෂතා අතරට පැමිණීම සංඛේතවත් කරන්නක්. එම ඉනිම හා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිසා දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය.
කේන් විලියම්සන්

ජාත්‍යන්තර ටෙස්ට් තරග 69ක් තුළ ඉනිම් 123ක දී ලකුණු 5815ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 50.90ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. විලියම්සන් ටෙස්ට් ශතක 19කින් සහ අර්ධ ශතක 29කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් වැඩිම ලකුණ (242*) ලබාගෙන තිබෙන මොහු ටෙස්ට් තරග 7ක දී ලකුණු 918ක් ලබාගෙන තිබෙන්නේ 92ක පමණ සාර්ථක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
දිමුත් කරුණාරත්න

කරුණාරත්නගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. එය එසේ වන්නේ ඔහු මේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන තණතීරුව මත ඔහුගේ මංගල ටෙස්ට් ශතකය ලබාගෙන තිබෙන නිසයි. මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උප නායකත්වය දරණ ඔහු ශතක 8ක් සහ අර්ධ ශතක 21ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම නවසීලන්ත කණ්ඩායමට එදිරිව 46ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත්තේ තරග 6කට පමණක් සහභාගී වෙමිනි. ඒ අතරට එක් ශතකයක් හා අර්ධ ශතක තුනක් ඇතුළත්ය.
රොස් ටේලර්

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 36කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.
ප්‍රබල පන්දු යවන්නන්
ලහිරු කුමාර

ටීම් සවුතී

මොහු ටෙස්ට් තරග 63ක දී කඩුලු 232ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30.16ක් ලෙස දැක්වේ. සවුති එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 3.02ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් ඉනිමක හොඳම ටෙස්ට් පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 7/64කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති ටෙස්ට් තරග 7කදී කඩුලු 41ක් සවුති විසින් දවාගෙන ඇත. පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 8ක් දවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන් හට වැඩිම අභියෝගයක් ලබා දුන් පන්දු යවන්නා ලෙ සද සවුතීව හඳුන්වා දීමට පුළුවනි.
නුවන් ප්‍රදීප්

නවසීලන්තයට එරෙහිව 32.76ක් වැනි මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ප්‍රදීප් පන්දුව පහසුවෙන්ම දෝලනය කිරීමට උපන් හපනෙකි. එසේම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3කට සිය දායකත්වය දැක්වීමට ප්‍රදීප්ට හැකිව තිබේ. පළමු ටෙස්ට් තරගයේ දී මොහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැතත් හෙටින් ආරම්භ වෙන දෙවන ටෙස්ට් තරගයේ දී මොහුව කසුන් රාජිත වෙනුවට ආදේශ කිරීමට යම් ඉඩකඩක් තිබේ.
ට්‍රෙන්ට් බෝල්ට්

ක්‍රයිස්චර්ච් තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය

මේ ක්‍රිකට් පිටියේ තණතීරු මත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වා තිබෙන අතර එම තරගයේ දී දිමුත් කරණාරත්න ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගත්තේය. කෙසේ නමුත් එම තරගය ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස කඩුලු 8කින් පරාජයට පත්වෙන ලදි.
යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, දෙවන ටෙස්ට් තරගයේ පළමු දින හා දෙවන හා දිනය අවසන් වන විට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 13 – 20 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 12°C – 17°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
නවසීලන්ත කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර නවසීලන්තය දැනට (දෙසැම්බර් 24) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 2834ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 105ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3888ක් හා ප්‍රසාද ලකුණු 93ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්.
නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකෝල්ස්, බීජේ වොට්ලින්ග්, කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, ටිම් සවුති, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝලට්, නීල් වෝග්නර්
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018/19 – ටෙස්ට් තරග කාලසටහන
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 26 – 30 – ක්‍රයිස්චර්ච් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3.30)
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේ තතු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ සියලු තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















