ඉන්දියාව කඩුලු 7ක් අතැතිව ලකුණු 46ක් පිටුපසින්

India Under-19s tour of Sri Lanka

4
India Under-19s tour of Sri Lanka

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අවසානයේ දී තම පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය යෞවනයෝ කඩුලු 3ක් දැවී ලකුණු 378ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අභිබවා යෑමට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 46ක් පමණක් වන අතර ඒ සඳහා ඔවුන් සතුව තවත් කඩුලු 7ක් ද ඉතිරි ව තිබෙනවා. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 424ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමිනුයි.

අද තරගය ආරම්භ වෙද්දී ඉන්දීය ඉනිම කිසිවෙක් නොදැවී ලකුණු 186ක් ව තිබූ අතර ඒ වෙද්දී Lakshya Raichandani නොදැවී ලකුණු 93ක් ද සහ Sagar Virk නොදැවී ලකුණු 87ක් ලබා සිටියා.

මේ ක්‍රීඩකයන් දෙදෙනා ම අද පෙරවරුවේ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 555ක දී ලකුණු 295ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Sagar Virk ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඔහු දැවී යන විට පන්දු 312කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 134ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව අංක 3 පිතිකරු Kushagra Ojha පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ලට දැවී යනවා. ඔහුගේ දැවී යෑමෙන් නායක Yashbardhan Chauhan ලකුණු 6කට දැවී යනවා.

තරගයේ 3 වැනි දිනය අවසන් වෙද්දී Lakshya Raichandani පන්දු 306කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 196ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුල්නිත් සිගේරා, ලතේන්ද්‍ර ආකාශ් සහ දිමත් අබේසිංහ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 424 (106.4)සෙනුජ වැකුණගොඩ 233, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 45, ඔෂද මනහර නොදැවී 31, Kavya Paresh Patel2/67, Jeganathan Hemchudeshan 3/107, Priyanshu Singh 2/66
  • ඉන්දීයවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 186 (117.0) Lakshya Raichandani නොදැවී 196, Sagar Virk 134, Kushagra Ojha 24

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 46ක් පිටුපසින්.

මෙම තරගය හෙට (16) 4 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<