ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් ද්විත්වයක් අද (15) ආරම්භ වූ අතර එහි දී Kurunegala Youth CC කණ්ඩායමේ ලක්වින් අබේසිංහ සහ හිරුෂ පියුමාල් Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව ශතක ලබා ගැනීමට සමත් වෙනවා.
ලක්වින් අබේසිංහ පන්දු 212කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 155ක් ලබා ගත් අතර හිරුෂ පියුමාල් පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 123ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 221ක දී ලකුණු 187ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඊට අමතර ව පිතිකරුවන් අතුරින් SSC කණ්ඩායමේ රිවිත් ජයසූරිය (58) ද අර්ධ ශතක ඉනිමක් ගොඩ නැගුවා.
පන්දු යැවීමේ දි Nugegoda S & WC කණ්ඩායමේ බ්‍රයන් හංසජ Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 106කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව
Kandy Customs CC කණ්ඩායමේ ටෙනුෂ නිම්සර (6/108) සහ SSC කණ්ඩායමේ දිනුක වන්නිආරච්චි (5/16) ද දක්ෂ පන්දු යැවීම්වල නිරත වූවා.
- Kandy Customs ලකුණු 33කට දැවී යයි
- හිරුන්, රනුද සහ විහස් දක්ෂතා දක්වයි
- ලහිරු, විරංග, යෙනුල ශතකලාභීන්ගේ ලැයිස්තුවට
- කොදෙව්වන් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරයි
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
Kurunegala Youth CC සහ Nugegoda S & WC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 341 (79.4) හිරුෂ පියුමාල් 123, ලක්වින් අබේසිංහ 155, බ්‍රයන් හංසජ 6/106, සඳුන් මෙන්ඩිස් 4/106
- Nugegoda S & WC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 37 (8.0)
Nugegoda S & WC කණ්ඩායම ලකුණු 304ක් පිටුපසින්.
Kandy Customs CC සහ SSC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
- SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (61.0) රිවිත් ජයසූරිය 58, නදීෂ ආකාශ් 44, නෙත්සර යස්මිත 49, යොහාන් දේවප්‍රිය 37, නේශාන් ඩයස් 24, ටෙනුෂ නිම්සර 6/108, පුල්ජිත් වත්සුක 2/11
- Kandy Customs CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 69 (20.5)හේලිත එදිරිසිංහ 24, කනිෂ්ක රංගන 2/17, මල්ෂ ප්‍රනාන්දු 3/34, දිනුක වන්නිආරච්චි 5/16
Kandy Customs CC කණ්ඩායම ලකුණු 192ක් පිටුපසින්.
මෙම තරග හෙට (16) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















