LPL කාලසටහනේ වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

543

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගිය 23 වැනිදා මෙහි නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නමුත් අද (27) එහි වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ.

ඒ අනුව මීට පෙර නිකුත් කළ තරග කාලසටහනට අනුව තරගාවලියේ ආරම්භක තරගය වූයේ කොළඹ සහ ගාල්ල අතර තරගය වුවත් නව තරග කාලසටහනට අනුව එහි ආරම්භක තරගය කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වේ. 

එම තරගය ද ඇතුළුව තවත් තරග කිහිපයක් පැවැත්වෙන දින වෙනස් වීමට ලක්ව ඇත. කෙසේ නමුත් තරගාවලිය පැවැත්වෙන ස්ථාන සහ තරගාවලියේ පැවැත්වෙන කාලවකවානුවේ වෙනසක් සිදුව නොමැත.

තවත් ක්‍රිකට් පුවත්:

LPL තරගාවලිය දින 25ක් පුරා ක්‍රීඩාංගණ දෙකක් මූලික කරගනිමින් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා හා දිවා-රාත්‍රි ආකාර දෙකටම තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් හා අවසන් මහා තරගය ඇතුලත්ව තිබේ.

පෙර සැලසුම්වලට අනුව දඹුල්ල ක්‍රීඩාංගණය ද තරගාවලිය සඳහා යොදා ගැනීමට තීරණය කර තිබුනත්, පවතින COVID-19 වසංගත තත්වය මත තරගාවලිය ක්‍රීඩාංගණ දෙකකට සීමා කර ඇත.

2020 ඔක්තෝබර් 27 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ LPL නව තරග කාලසටහන පහත පරිදි වේ.

දිනය 3.00 pm 7.30 pm ක්‍රීඩාංගණය
නොවැම්බර් 21 සමාරම්භක උත්සවය   කොළඹ දඹුල්ල හම්බන්තොට
නොවැම්බර් 22 මහනුවර යාපනය කොළඹ ගාල්ල හම්බන්තොට
නොවැම්බර් 23 දඹුල්ල මහනුවර   ගාල්ල යාපනය හම්බන්තොට
නොවැම්බර් 25 ගාල්ල දඹුල්ල කොළඹ මහනුවර හම්බන්තොට
නොවැම්බර් 26 මහනුවර යාපනය දඹුල්ල කොළඹ හම්බන්තොට
නොවැම්බර් 28 යාපනය කොළඹ මහනුවර ගාල්ල හම්බන්තොට
දෙසැම්බර් 2 මහනුවර දඹුල්ල යාපනය ගාල්ල මහනුවර
දෙසැම්බර් 3 දඹුල්ල ගාල්ල මහනුවර කොළඹ මහනුවර
දෙසැම්බර් 5 යාපනය කොළඹ ගාල්ල මහනුවර මහනුවර
දෙසැම්බර් 6     දඹුල්ල යාපනය මහනුවර
දෙසැම්බර් 9 කොළඹ ගාල්ල දඹුල්ල යාපනය මහනුවර
දෙසැම්බර් 10     අවසන් පූර්ව තරගය 1 මහනුවර
දෙසැම්බර් 11     අවසන් පූර්ව තරගය 2 මහනුවර
දෙසැම්බර් 13     අවසන් මහා තරගය මහනුවර
දෙසැම්බර් 14   අවසන් මහා තරගය – අතිරේක දිනය මහනුවර

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<