ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙයි

166

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තෝරාගැනීමට අදාළ නිලවරණයෙන් ඒ සඳහා නාමයෝජනා ලබාදුන් තිදෙනෙක් එම තනතුරු සඳහා තරග නොවදින බව පවසනවා.

ඒ අනුව කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් මෙසේ ඉවත් වූ තිදෙනා වෙනවා. ඔවුන් තිදෙනා පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “නිලවරණ කමිටුව” වෙත ලිපියක් හරහා යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබුනා. 

අවසන් වරට පැවති ක්‍රිකට් නිලවරණයේ දී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා වැඩි ඡන්ද 27කින් තේරී පත් වුනා. එම නිලවරණයේ දී ශම්මි සිල්වා මහතාට ඡන්ද 83ක් හිමි වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙස නිලවරණයට ඉදිරිපත් වූ ජයන්ත ධර්මදාස මහතාට හිමි වූ ඡන්ද ගණන 56ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිල මඬුල්ලේ ධූර කාලය පසුගිය අප්‍රේල් 5 වැනිදායින් අවසන් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ නිසාවෙන් අප්‍රේල් 6 වැනිදා සිට නව නිලධාරි මඩුල්ලක් පත්වන තෙක් ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබුවා.

එම කළමනාකරණ කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතායි. ඈෂ්ලි ද සිල්වා මහතා ලේකම් ධූරයටත්, සුජීව මුදලිගේ මහතා භාණ්ඩාගාරික ධූරයටත් පත් කර තිබෙනවා. නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය මහතා එහි නිරීක්ෂකයෙක් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී මේ මස 20 වැනිදා (අනිද්දා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ සභාපති, උප සභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක් ඇතුළු නිලධාරි මණ්ඩලයක් මෙහි දී තෝරා ගැනීමට නියමිතයි.

කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “නිලවරණ කමිටුව” වෙත ලබාදුන් ලිපිය පහත දැක්වෙනවා.

>>Letter<<

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<