මේ Messiගේ අවසන් අවස්ථාවයි!

FIFA world cup 2022

625

මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා.

“මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා, මම හිතන්නේ මම ඉන්නේ ඉතාම හොඳ තත්වයක. පෞද්ගලිකව සහ ශාරීරිකව මට කිසිම ගැටලුවක් නැහැ.”

ඊයේ (21) මාධ්‍ය හමුවට පැමිණි Messi විසින් එසේ පැවසුවා. එමෙන්ම පසුගිය සෙනසුරාදා තම කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඈත් වී ඔහු විසින් පුහුණුවීම්වල යෙදුණු බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

“මට ඇහුණා ඔවුන් කියනවා මම වෙනස් විදිහකට පුහුණුවීම්වල යෙදුණා කියලා. එහෙම වුනා තමයි නමුත් ඒකේ අමුතු දෙයක් නැහැ. එය පෙර සූදානම් වීමක් විතරයි.”

එම පුහුණුවීම් සම්බන්ධව විමසීම් කළ මොහොතේ Messi විසින් එලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ වන විට 35 වැනි වියේ පසුවන Lionel Messi විසින් ක්‍රීඩා කරනු ලබන 5 වැනි පාපන්දු ලෝක කුසලානය මෙය වනු ඇති අතර, එය තමන්ගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම බවට පත්වීමට ඉඩ ඇති බවයි  Messi විසින් සඳහන් කරන්නේ.

“මම විශේෂ දේවල් මොකුත් කරන්නේ නැහැ, මම මම ගැන බලාගන්නවා වගේම මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම කළා වගේම මම ඉදිරියටත් වැඩ කරනවා. මේක විශේෂ අවස්ථාවක් බවත් මම දන්නවා. මෙය මගේ අවසාන ලෝක කුසලානය වේවි. අපි හැමදෙනාටම තියෙන මේ විශාල සිහිනය සැබෑ කරගන්න මට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේ.”

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<