පාසල් රග්බි ලීගය ඔක්තෝබර් මාසයේ?

2243

කොරෝනා වයිරසය නිසා අවලංගු වුනු මෙරට ප්‍රමුඛතම පාසල් රග්බි තරගාවලිය වන ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

මෙම වයිරසයෙන් පසුව රට නැවත යථා තත්ත්වයට පත්වීමේ පියවරෙන් පසු මෙම වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2020 අ.පො.ස. උසස් පෙළ විභාග ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් මාසය දක්වා කල් දමා ඇත. ඒ මෙම තත්ත්වය හේතුවෙන් අඩාල වුනු අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දෙමිනි. 

කාටර්ගේ ආගමනය ගැන හිටපු පුහුණුකරුගෙන් අනාවැකියක්

මෙම විභාගය කල් දැමීම සැප්තැම්බර් මාසයේ මුල් කාලීනව නැවත ආරම්භ කිරීම සඳහා සැලසුම් කර තිබූ ඩයලොග් පාසල් රග්බි ලීගය නැවත ආරම්භ කිරීමට ද බලපානු ඇත. මෙම නව කාලසටහනට අනුව උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනි දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් දෙවැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

විභාගය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමත් සමඟ, ජූලි මාසයේ දී ක්‍රීඩා පැවැත්වීමේ හැකියාවක් ඇති නමුත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් අදියර කීපයක් යටතේ නැවත විවෘත කරන බව යෝජනා කිරීමත් සමඟ එවැනි ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීමේ හැකියාව සලකා බැලීමේ හැකියාවක් නැත. 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය දා ගනු ලැබූ තීරණවලට අනුව 13, 11 සහ 5 ශ්‍රේණිවල සිසුන් ජූලි මස 6 වැනි දින නැවත පාසල් වෙත පැමිණෙන අතර 10 සහ 12 ශ්‍රේණි නැවත ජූලි 20 වැනි දින ආරම්භ කිරීමට නියමිතය.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ ක්‍රියාපටිපාටීන් තවමත් ක්‍රියාත්මක වීමත්, පාසල් වේලාව ප.ව. 3.30 දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යාමත් සමඟ එකම ශක්‍ය විකල්පය වනුයේ ඔක්තෝබර් මාසයේ දී ලීග් තරගාවලිය ආරම්භ කිරීමයි.

කෙසේ වෙතත් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් නිකුත් කර නොමැත.

2020 සඳහා ඩයලොග් පාසල් රග්බි ලීගය මාර්තු 3 වැනි දින ආරම්භ වූ අතර එහි දෙවන සතියේ දී පැතිරී ගිය කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් එය තාවකාලිකව අවලංගු කිරීමට සිදු විය. 2020 වර්ෂය සඳහා තරග වාරය සම්පූර්ණ කිරීමට තවත් සති 7ක් ඉතිරිව ඇත.

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<