දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලොකු පාඩුවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

216

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ඉශාන්ත් ශර්මා හට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත. ඒ ඔහුගේ උදරය ආසන්න මාංශ පේශියක් ඉරී යාම නිසයි. ඒ බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිල වශයෙන් තහවුරු කරන ලදි.

“පසුගිය 7 වැනිදා ඩුබායි වල තිබ්බ පුහුණු සැසියක් අතරතුර ඉෂාන්ත්ගේ උදරය ආසන්නයේ වම් පෙදෙසේ මාංශ පේශියක් ඉරී ගිහිල්ලා තිබෙනවා. පස්සේ තිබ්බ පරීක්ෂණයකින් ඒ බව තහවුරු වුනා.”

තවත් ක්‍රිකට් පුවත්

මීට අමතරව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සතුව තවත් ඉන්දීය වේගපන්දු යවන්නන් කිහිපදෙනෙක්ම සිටින අතර අවේෂ් ඛාන්, මොහිට් ශර්මා ඒ අතැර ඉදිරියෙන්ම සිටින අතර ඉශාන්ත්ගේ ස්ථානය පිරවීම වෙනුවෙන් Harshal Patel දිල්ලි සංචිතයට කැඳවා තිබේ.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නා වන කගීසෝ රාබාඩා මේ වන විට  තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 17) වන අතර ඔහු දිල්ලි කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<