ගුරුකුල – ජෝසප් වාස් පන්දු යවන්නෝ පිතිකරුවන් අනාථ කරති

193

විශ්වාස තැබිය නොහැකි යැයි පැවසෙන ක්‍රිකට් පිටියට නැවත වරක් සාක්ෂියක් වෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ගුරුකුල විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය අතර පැවති තරගයේ පළමු දිනයේ දී කඩුලු 24ක් බිඳ දැමීමට දෙපිළේ පන්දු යවන්නෝ සමත් වූහ.

කමිඳු – ලක්ෂාන් විශිෂ්ට සබඳතාවය නිසා නවසීලන්තයේ දී සිංහ කොඩිය රැව්දේ!

මතු දිනයක ක්‍රිකට් ලොව දැවැන්තයින් වීමට සිහින දකින ක්‍රීඩකයින්ගේ මෞලි මංගල්‍යය වන 19න් පහළ ලෝක කුසලාන……

ගුරුකුල සහ සාන්ත ජෝසප් වාස් අතර තරගය

පළමු පෙළ B කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය අද (15) මහර දී ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ගුරුකුල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේ මේ සංසිද්ධියේ කිසිවක්ම නොදැන විය යුතුය. කෙසේ වෙතත් තරග ආරම්භයේ සිට ගෙවුණ සෑම තත්පරයක් තත්පරයක් පාසාම එකී නිගමනයේ වාසිය සත්කාරක ක්‍රීඩකයන් වෙතම ලැබුණි.

සංචාරකයක් ලෙසින් තරගයට සහභාගී වූ ජෝසප් වාස් ක්‍රීඩකයන්ගේ පළමු ඉනිම ලකුණු 42කට සීමා විය. එම ඉනිමේ දී තිලාන් ප්‍රදිජන ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ මළිඳු විදුරංග සහ ලික්ශාන් සසංග පිටියේ අන්ත දෙකෙන් ක්‍රියාත්මක වෙමින් ජෝසප් වාස් ඉනිම සුණු විසුණු කර දැමූහ. ලික්ෂාන් ලකුණු 04කට කඩුලු 3ක් ද මළිඳු ලකුණු 18කට කඩුලු 4ක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිමට මහත් අභිමානයෙන් පිටියට පිවිසි ගුරුකුල ක්‍රීඩකයන්ට ද වැඩි වේලාවක් පිටියේ රඟන්නට ඉඩ නොදුන් ජෝසප් වාස් පන්දු යවන්නෝ ඔවුන්ගේ ඉනිම ලකුණු 145කට සීමා කළහ. එම ඉනිමේ දී දකුණතින් වේගපන්දු යැවූ අකාශ් කනිශ්ක ලකුණු 43කට කඩුලු 4ක් ද සහ වමතින් දඟපන්දු යැවූ සොහාන් අනුරුද්ධ ලකුණු 11කට කඩුලු 3ක් ද දවා ගත්හ.

ලකුණු 103ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ ජෝසප් වාස් ක්‍රීඩකයෝ පළමු දිනය නිමාවේ බේල්ස් ඉවත් කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 38ක් ලබා ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 65ක් පිටුපසින් සිටී.

ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 42 (23.2) ලික්ශාන් සසංග 3/04, මළිඳු විදුරංග 4/18

ගුරුකුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (48.2) කෙමිර නයනතරු 21, ලික්ශාන් සසංග 37, ආකාශ් කනිශ්ක 4/43, සොහාන් අනුරුද්ධ 3/11

ජෝසප් වාස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 38 (17.0) පෘතුවි රූසර 2/17


සාන්ත තෝමස් සහ මහින්ද අතර තරගය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර ගල්කිස්සේ දී අද ආරම්භ වූ පළමු කොටසේ D කාණ්ඩයේ තරගය පළමු දිනයට නිමා වූයේ සත්කාරක ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 278ට පිළිතුරු ලෙසින් සංචාරක ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 18ක් සිටිය දී ය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමසුවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත් ලකුණු ප්‍රමාණයේ වැඩි ගෞරවය ආරම්භක දකුණත් පිතිකරු කිශාන් මුණසිංහ වෙත හිමි විය. ඔහු පන්දු 248කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තේ ය. මීට අමතර ව වමත් පිතිකරු සිතාර හපුහින්න පන්දු 53ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 278 (96.3) කිශාන් මුණසිංහ 110, සිතාර හපුහින්න 61, ඩෙලන් පීරිස් නොදැවී 42, දිනෙත් කන්නංගර 18, මන්තිල විජේරත්න 19, පසන් පෙතන්ගොඩ 2/72, සුබානු රාජපක්ෂ 2/33

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 18 (5.0)


නාලන්ද සහ වෙස්ලි අතර තරගය

වෙස්ලි පිටියේ දී ආරම්භ වූ මෙම C කාණ්ඩයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් වෙස්ලි විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 173ට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 79ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනාගත් නාලන්ද ක්‍රීඩකයෙන්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි වෙස්ලි ක්‍රීඩකයන් අතුරින් තිසරක අක්මීමන පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 84ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙණෙන පිතිකරු විය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන සුහඟ විජේවර්ධන ලකුණු 18කට කඩුලු 5ක් දවාගත්තේ ය.

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (60.5) තිසරක අක්මීමන 84, රාහුල් ගුණසේකර 24, තරින්ද බක්මීවැව 34, සුහඟ විජේවර්ධන 5/18, කවීෂ් මධුරප්පෙරුම 4/52

නාලන්ද විද්‍යාලය: පළමු ඉනිම කඩුලු 3ක් දැවී 79 (34.0) සුහඟ විජේවර්ධන නොදැවී 25, රනිඳු ද සිල්වා 21

”ආදරණීය මැතිව්ස් වෙත ලියා දන්වන වග නම්…”

ආදරණීය මැතිව්ස්, පළමුවෙන්ම ඔබගේ නායකත්වයේ දෙවන ඉනිමට සුබ පතන්නට කැමැත්තෙමි, ඔබගේ නව ආරම්භයට සුබ පතන……


තර්ස්ටන් සහ සාන්ත සෙබස්තියන් අතර තරගය

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තර්ස්ටන් පිටියේ දී ආරම්භ වූ A කාණ්ඩයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 141ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී 156ක් ලබා සිටියහ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (44.0) තරූෂ ප්‍රනාන්දු 39, ශනෙල් ප්‍රනාන්දු 32, මලින්ත පීරිස් 24, සඳරු ඩයස් 5/43, අයේෂ් හර්ෂණ 3/26

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 156 (49.0) පසිඳු දේශාන් නොදැවී 34, නිමේෂ් පෙරේරා 27, යෙශාන් වික්‍රමාරච්චි 24, ජයවිහාන් මහවිතාන 20, විනුජ රණසිංහ 3/47, ගිහාන් සේනානායක 2/10


සාන්ත අන්තෝනි සහ ජනාධිපති අතර තරගය

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර අද ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ජනාධිපති විද්‍යාලය පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 343ක් ලබා ගත්තේය. මෙහි දී ගනිඳු දෙව්මිණ පන්දු 147ක දී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් හසිඳු ප්‍රමුඛ පන්දු 103ක දී ලකුණු 74ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ කවීෂ දුලාංජන ලකුණු 88කට කඩුලු 4ක් දවා ගත්තේ ය.  දිනය නිමා වන විට සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 56ක් ලබා සිටිය හ.

වත්තල දී පැවති මෙම තරගය පළමු කොටසේ B කාණ්ඩයේ තරගයකි.

ජනාධිපති විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 343 (70.3) ගනිඳු දෙව්මිණ 94, ශසික නිර්මාල් 33, අකිල රොෂාන් 31, හසිඳු ප්‍රමුඛ 74, තනිල චමෝද් නොදැවී 40, කවීශ දුලාංජන 4/88, අශාන් මලිත් 3/72, අවිශ්ක තරිඳු 2/37

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 56 (16.0) සංඛ මධුභාෂණ 16

ලහිරු මිලන්තගෙන් එකම තරගයක දී විශිෂ්ට ශතක දෙකක්!

දේශීය පිටියෙන් ජාත්‍යන්තර පිටියට සංක්‍රමණය වීමට අත්වැල් සපයන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 6ක්ම අද..


ඩී. එස්. සේනානායක සහ ධර්මාශෝක අතර තරගය

බණ්ඩාරගම මහජන පිටියේ දී ආරම්භ වූ A කාණ්ඩයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ඩී. එස්. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 210ක් රැස් කළහ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 92ක් පමණි. ඉනිමක තරග පරාජයකින් බේරීම සඳහා ලකුණු 118ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමටත් පිට පිට පිටියට පිවිසි ධර්මාශෝක ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කිසිවෙක් නොදැවී ලකුණු 7ක් ලබා සිටියහ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (49.3) ගිහාන් ගුණසේකර 49, සඳරු චන්දිත 37, මුදිත ලක්ෂාන් 48, දිනුක ඩිල්ශාන් 4/55, නිමේෂ් මෙන්ඩිස් 3/32

ධර්මාශෝක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (38.3) නිමේෂ් මෙන්ඩිස් 26, චමිඳු ඩිල්ශාන් 24, සචින්ත හෙට්ටිගේ 3/25, මෙතුශාන් තිළිණ 2/10 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී ලකුණු 07 (2.0)

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<