ජාතික ක්‍රිකට් තරු එකිනෙකා මුණගැසෙන තරගාවලියත් කල් යයි

301

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතව තිබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති එක්දින ක්‍රිකට් තරගාවලිය” ද දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අද (6) තීරණය කළේය. එම තරගාවලිය ඔක්තෝබර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන COVID-19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබෙන සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙසින් ඉහත තීරණයට එළඹීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

කණ්ඩායම් හතරක සහභාගීත්වයක් ඇතිව පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ දී දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක කණ්ඩායමේ හතරේ නායකයින් ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණි. තවද කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටින නිසාවෙන් ඔහුව මේ සංචිත සඳහා දැනට ඇතුළත් කර නොමැත.

තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග තුනකට සහභාගී වීමට නියමිත අතර පසුව ප්‍රසාද ලකුණු සටහනේ දිනා ගන්න ස්ථාන අනුව අවසන් පූර්ව තරග දෙක සහ ඉන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට එන පරිදි මෙහි තරග කාලසටහන සකස් කර තිබේ.  

තරගාවලියේ තරග වැදීමට නියමිතව තිබෙන සංචිත මෙසේය,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<