ආසියානු MotoSurf සාර්ථකව නිමාව දකී

MotoSurf Asia Continental Cup Championship 2023

107

Lanka Power Boat සංගමයට වසර 10ක් සම්පූර්ණ වීමට සමගාමීව පැවති ආසියානු කලාපීය MotoSurf කුසලාන තරගාවලිය කොළඹ බෙරේ වැව කේන්ද්‍ර කර ගනිමින් අති සාර්ථකව පවත්වා අවසන් කිරීමට සංවිධායකයින් සමත් වුනා.

ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් ගෙන දුන් මෙම තරගාවලිය සඳහා 2021 වසරේ MotoSurf ලෝක ශූර Marek Skamla සහ 2022 වසරේ ලෝක ශූර Down Kim සහභාගී වීම කැපී පෙනුනා.

රටවල් දහයක් නියෝජනය කරමින් අතිදක්ෂ තරගකරුවන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේ දී  Jetsurf motorized surfboards උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයින් පැයට කිලෝමීටර් 60කට ආසන්න වේගයකට ලඟා වනු දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වුනා.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කොළඹ Cinnamon Lakeside එක්ව තිබූ අතර ඔවුන් මෙම තරගාවලිය අති සාර්ථකව අවසන් කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

Lanka Power Boat ප්‍රධානී ප්‍රසන්න රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආරක්ෂක අධ්‍යක්ෂක සාගල රත්නායක මහතා එක්ව සිටියා.

එමෙන්ම ඒ අවස්ථාව සඳහා චෙක් ජනරජ කොන්සල් කාර්යාලයේ ආචාර්ය ලෝහිත සමරවික්‍රම මහතා, Cinnamon හෝටල් හී උප සභාපති කමක් මුණසිංහ මහතා, Cinnamon Lakeside හී  සාමාන්‍ය කළමනාකරු දර්ශන ගාල්ලගේ මහතා ඇතුළු අනුග්‍රාහකයින් පැමිණ සිටියා.

දින තුනක් පුරාවට පැවති මෙම තරගාවලිය කාන්තා, පිරිමි සහ ජාතික යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්වීමට කටයුතු කළ අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ Cinnamon හෝටල් විධායක නිලධාරි Mikael Svenssonගේ ප්‍රධානත්වයෙනි.

මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම සහ එය තුළින් සංචාරක ව්‍යාපාරය ඉහළ නංවා ගැනීම මෙම තරගාවලියේ පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<