චීනයේ ජියැන්හුවා හිදී පැවති ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ පළමු අදියර නිමාව දකින විට රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අදියර තුනකින් යුත් ගෝන් ප්‍රී තරගාවලියේ පළමු අදියර ලෙස ධාවන තරග පැවැත්විණි.

නව වාර්තා 5ක් සමඟින් තෙවැනි දිනය නිමා වෙයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය..

Indunil Herathශ්‍රී ලංකාව ලබා ගත් එකම රන් පදක්කමට හිමිකම් කියූ ඉඳුනිල් හේරත්, මීටර 800 පිරිමි ඉසව්ව, විනාඩි 1 තත්පර 50.69ක් තුළ නිමා කරමින් ජයග්‍රහණය ලැබුවේය. ඔහු විසින් දෙවන ස්ථානයට පත්කරනු ලැබුවේ ඉන්දියාවේ ජොන්සන් ජිනොසොව් ය. ජිනොසොව්, හේරත්ට තත්පර දශම කිහිපයක් පමණක් පසුපසින් තරගය නිමා කළේ විනාඩි 1 තත්පර 50.71ක් තුලය.

Himashaමේ වන විට ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා වන  හිමාෂ ඒශාන් තත්පර 10.43කින් මීටර 100 පිරිමි තරගය නිමා කළේ දෙවන ස්ථානයට පත්වෙමිනි. පළමු ස්ථානය චීනයේ හොං මි විසින් දිනා ගන්නා ලදී. ඔහු තත්පර 10.37කින් තරගය නිමා කළේය.

මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාවට මහත් බලාපොරොත්තුවක් පැවතියේ නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න විසින් එහි ශ්‍රී ලංකා වාර්තාව පසුගිය මාසය ඇතුලත වරින්වර තමන් සතුකරගෙන තිබූ බැවිනි. විනාඩි 2 තත්පර 3.78කින් තරගය නිමා කළ වත්මන් ශ්‍රී ලංකා ශූරිය, ගයන්තිකා විසින් එහි ලෝකඩ පදක්කම හිමි කර ගන්නා ලදි. නිමාලිට හිමිවූයේ 5වැනි ස්ථානයයි.Gayanthika

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් ලබා ගැනීමට අපොහොසත් වූ අතර තරගාවලියට එක් දිනකට පෙර චීනය වෙත ළඟා වීමෙන් ඔවුන්ට ගමන් වෙහෙස නිවා ගැනීමට හෝ කාලයක් නොතිබී ඇත. කෙසේ නමුත් දෙවන අදියර මීටත් වඩා සාර්ථක වනු ඇතැයි ThePapare.com අපගේ බලාපොරොත්තුවයි.

තරගාවලියේ පළමු අදියර නිමා වන විට පදක්කම් සටහන දිස්වූයේ මෙසේයි.

Rank NOC GOLD SILVER BRONZE TOTAL
1 CHN 4 5 5 14
2 KAZ 2 2 1 5
3 VIE 2 2 4
4 KUW 2 2 4
5 IND 1 4 2 7
6 SRI 1 1 1 3
7 IRI 1 1 2
8 TPE 1 4 5
9 INA 1 1
10 UZB 1 1
11 KOR 1 1
12 SYR 1 1
13 THA 2 2 4
14 HKG 1 1 2
Rank NOC GOLD SILVER BRONZE TOTAL

  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට