ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයා වසර 8කට පසුව IPL පිටියට එන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2024

3918
Mitchell Starc sets eyes on return to IPL in 2024

වසර 8ක පමණ කාලයකට පසුව ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Starc මීළඟ වසරේ සිට නැවතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට තීරණය කර ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා.  

පසුගිය කාලසීමාවේ සිය ජාතික කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දීමේ අරමුණින් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අතර ඔහු අවසන් වරට තරගාවලිය නියෝජනය කළේ 2015 වසරේ දීයි. 

ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීමට මෙම තරගාවලිය වැදගත් වන නිසා බොහෝ විට මීළඟ අදියර ක්‍රීඩා කරන බවයි. 

2015 වසරේ අවසන් වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ඔහු මීට පෙර තරග 27ක් ක්‍රීඩා කර තිබෙන අතර 2018 වසරේ දී ඔහු Kolkata Knight Riders සමඟ ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වූවත්, ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වීමට ඔහු තීරණය කළා. 

“බලන්න ඒක දැන් වෙලා අවුරුදු 8ක් ගත වෙනවා. මම අනිවාර්යයෙන් ඊළඟ අවුරුද්දේ තරගාවලියට යනවා. අනෙක් දේවල් වලට වඩා ඒක මට විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වෙන්න හොඳ අවස්ථාවක්. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට උනන්දුවක් දක්වන්න මේක ඉතා හොඳ අවස්ථාවක්. ඒ වගේම ඒකෙන් ලබා ගන්න රිද්මය ලෝක කුසලානයට අරගෙන යන්න. ඒක සසඳන විට මට මගේ නම වෙන්දේසියට ඇතුළත් කරන්න හොඳ අවස්ථාවක් කියලා හිතනවා,” යැයි Starc ප්‍රකාශ කළා. 

ඔහු ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වීමත් සමඟ තරගාවලියේ වැඩි අවධානයක් ඔහුට නිසැකව හිමි වන අතර ලොව සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නෙකු වන ඔහු සඳහා විශාල ලංසුවක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කිරීමට හැකි. 

Starc මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට නම් කර තිබූ අතර ඔවුන් ලෝක කුසලානයට පෙර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.  

දිනෙන් දින උණුසුම් වන සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<