ඉන්දීය ලෝක කුසලාන සංචිතය නම් කරයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

2437

ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම අද (05) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

මෙම සංචිතයට පසුගිය කාලසීමාව තුළ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි KL Rahul නම් කර තිබෙනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු වූ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ඔහු මෙවර ආසියානු කුසලානයේ සුපිරි වටයේ තරග සඳහා ඉන්දීය කණ්ඩායමට එක් කර තිබෙන අතර ඔහුගේ කැඳවීම නිසා Sanju Samsonට සිය ස්ථානය අහිමිව තිබෙනවා. 

Rohit Sharma නායකත්වය දරන මෙම සංචිතය සඳහා පිතිකරුවන් ලෙස Shubman Gill, Virat Kohli, Shreyas Iyer සහ Suryakumar Yadav එක්ව තිබෙන අතර අමතර කඩුලු රකින පිතිකරු ලෙස Ishan Kishan එක්ව සිටිනවා. 

ලෝක කුසලානයට නම් කළ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස Hardik Pandya, Ravindra Jadeja, Axar Patel සහ  Shardul Thakur එක්ව තිබෙන අතර පන්දු යවන්නන් ලෙස Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Shami සහ  Mohammed Siraj කණ්ඩායම නියෝජනය කරනවා. 

  • ලෝක කුසලානය සඳහා නම් කළ ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Ishan Kishan, Suryakumar Yadav, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj. 

තරගාවලිය සඳහා සියලු සංචිත අද (05) දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබා දිය යුතු අතර සැප්තැම්බර් 28 වැනිදා දක්වා එහි වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව හිමි වෙනවා. 

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සඳහා. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<