බදුරලිය, ලංකන්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අවසන් හතරට

වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය

689

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අද (04) දිනයේ දී අවසන් විය. එහිදී මුවර්ස්, කෝල්ට්ස්, එස්. එස්. සී., බදුරලිය, සෙබස්තියනයිට්ස්, බී. ආර්. සී., ලංකන්, රාගම, හලාවත මේරියන්ස්, කුරුණෑගල සහ සී. සී. සී. යන කණ්ඩායම් ජය තහවුරු කරගත් නමුත් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබාගත්තේ කණ්ඩායම් 4ක් පමණි. 

ඒ අනුව තරගාවලියේ මූලික වටය අවසානයේ දී ඒ ඒ කාණ්ඩයෙන් පෙරමුණ ලබාගත් බදුරලිය, ලංකන්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. යන කණ්ඩායම් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

අද දිනයේ පැවති තරගවලදී හලාවත මේරියන්ස් කණ්ඩායමේ සනෝජ් දර්ශික සහ එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය ශතක ලබාගනිමින් දස්කම් දක්වන විට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ දිලීප ජයලත් එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගන්නා ලදි. රසාංජන සිල්වා (බදුරලිය), හිරන්ත ජයසිංහ (බී. ආර්. සී), සහ ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්) කඩුලු 4 බැඟින් දවා ගනිමින් දිනයේ කැපී පෙනුනු අනික් පන්දු යවන්නන් බවට පත්වූහ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

දිනයේ වැඩිම අවධානයක් දිනාගත් තරගය බවට පත්වූයේ කෝල්ට්ස් – එන්. සී. සී. තරගය වන අතර එහිදී පළමුව පන්දුවට පහරදුන් එන්. සී. සී. ඉනිම ලකුණු 37කට සීමා කිරීමට ධනංජය ලක්ෂාන් ඇතුළු කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත් වූහ. ඒ නිසාවෙන් කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත සහ පහසු ජයක් උරුම විය. 

ඊට අමතරව අද දිනය තුළදී විශ්ව චතුරංග (ලංකන්), කවිෂ්ක අංජුල (මුවර්ස්), දිමුත් සඳරුවන් (මීගමුව), මනීෂ රූපසිංහ (රාගම), නුශාල් ධර්මරත්න (රාගම), විනුජ රන්පුල් (බ්ලූම්ෆීල්ඩ්), විනුර දුල්සර (ගාල්ල ක්‍රිකට් සමාජය), දුනිත් ජයතුංග (බදුරලිය), යෙසිත් රූපසිංහ (බී. ආර්. සී.), ශබික් ඉෆ්තාරි (ගුවන් හමුදාව), සුහඟ විජේවර්ධන (ගුවන් හමුදාව), චමිඳු වික්‍රමසිංහ (එස්. එස්. සී.), සොනාල් දිනූශ (සී. සී. සී.), මලිදු මදුරංග (සී. සී. සී.), මලිඳු උත්පල (සෙබස්තියනයිට්ස්), නිපුන් ලක්ෂාන් (නුගේගොඩ) සහ කේෂාන් වන්නිආරච්චි (කුරුණෑගල) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගනිමින් දස්කම් දක්වන ලදි. 

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන් සිටින්නේ එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය (ලකුණු 376) වන අතර වැඩිම කඩුලු ලාභියා වන්නේ නුගේගොඩ කණ්ඩායමේ නිපුන් ලක්ෂාන් (කඩුලු 15) වේ. 

මේ තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක මෙම මස 07 වැනිදා පැවැත්වෙන අතර එහිදී ලංකන් කණ්ඩායම කෝල්ට්ස් කණ්ඩායම හමුවන විට එස්. එස්. සී. කණ්ඩායම බදුරලිය කණ්ඩායම මුණගැසීමට නියමිතය. කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් තවමත් මේ තරගාවලිය තුළ අපරාජිතව සිටීම සුවිශේෂී වේ. 

මුවර්ස් සහ කළුතර නගර සමාජය 

මුවර්ස් – 179 (38): කවිෂ්ක අංජුල 60, පසිඳු සූරියබණ්ඩාර 28, ලශාන් සිල්වා 3/41, නිශාන් පෙරේරා 2/21. 

කළුතර නගර සමාජය – 167/9 (38): ලහිරු තඹවිට 39, ලසිඳු අරෝෂණ 29, අයන සිරිවර්ධන 3/29, නදීෂ වික්‍රමනායක 3/34, කවිෂ්ක අංජුල 2/33. 

මුවර්ස් කණ්ඩායමට ලකුණු 12ක ජයක් හිමි විය. 


මීගමුව ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය 

මීගමුව ක්‍රිකට් සමාජය – 236 (49.3): දිමුත් සඳරුවන් 56, කවිඳු නිර්මාණ 46*, සංජුල බණ්ඩාර 3/33, ශෂික දුල්ශාන් 3/47, නිපුන් කාංචන 2/43. 

රාගම ක්‍රිකට් සමාජය – 237/9 (49.5): මනීෂ රූපසිංහ 65, නුශාල් ධර්මරත්න 61, ජනිෂ්ක පෙරේරා 36, සිතුම් අකලංක 5/35, කවිඳු නිර්මාණ 2/52. 

රාගම ක්‍රිකට් සමාජයට කඩුල්ලක ජයක් හිමි විය. 


පොලිස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය 

පොලිසිය – 157/9 (31): රෙසිඳු තිලකරත්න 30, ලක්ෂින රොද්‍රිගෝ 28, රසාංජන සිල්වා 4/38, නිර්මල රත්නායක 2/15

බදුරලිය – 161/5 (29): දුනිත් ජයතුංග 56, රනේෂ් සිල්වා 40*, නිමේෂ් මෙන්ඩිස් 2/38. 

බදුරලිය කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි විය. 


යුද හමුදාව සහ බී. ආර්. සී. 

යුද හමුදාව – 147 (38.1): ශෙහාන් ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 34, හිරන්ත ජයසිංහ 4/23, කෙවින් කොත්තිගොඩ 3/44, සවිඳු උත්සර 2/13. 

බී. ආර්. සී. – 150/6 (27.4): යෙසිත් රූපසිංහ 52, මොදිත රණතුංග 33, ශෙශඳ සොයිසා 2/19, මහීෂ තීක්ෂණ 2/41. 

බී. ආර්. සී. කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි විය. 


හලාවත මේරියන්ස් සහ ගුවන් හමුදාව 

හලාවත මේරියන්ස් – 261/7 (50): සනෝජ් දර්ශික 100*, කමිඳු මෙන්ඩිස් 49, කවිඳු ඉරෝෂ් 32, කසුන් ඒකනායක 3/58. 

ගුවන් හමුදාව – 215 (49.1): ශබික් ඉෆ්තාරි 62, සුහඟ විජේවර්ධන 58, රමේෂ් ද සිල්වා 3/22, රවීන් යසස් 2/18. 

හලාවත මේරියන්ස්ට ලකුණු 46ක ජයක් හිමි විය. 


එස්. එස්. සී. සහ බ්ලූම්ෆීල්ඩ් 

එස්. එස්. සී. – 257/9 (50): නිපුන් ධනංජය 100, චමිඳු වික්‍රමසිංහ 53, ක්‍රිෂාන් සංජුල 27, දිලීප ජයලත් 5/44, විනුජ රන්පුල් 3/61. 

බ්ලූම්ෆීල්ඩ් – 190/7 (50): විනුජ රන්පුල් 75*, නිපුන් හග්ගල 36, කවිඳු නදීෂාන් 2/31, ලක්ෂිත රසාංජන 2/46. 

එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 67ක ජයක් හිමි විය. 


සෙබස්තියනයිට්ස් සහ නුගේගොඩ 

සෙබස්තියනයිට්ස් – 211 (49.3): මලිඳු උත්පල 57, ලහිරු ප්‍රනාන්දු 44, රයන් ප්‍රනාන්දු 27, නිපුන් ලක්ෂාන් 3/34, මුදිත ලක්ෂාන් 3/37. 

නුගේගොඩ – 193 (46.2): නිපුන් ලක්ෂාන් 53, අමිත දාබරේ 47, මුදිත ලක්ෂාන් 25, ප්‍රවීන් කුරේ 3/35, හංස ද සිල්වා 2/33, තරුෂ ප්‍රනාන්දු 2/38, කලන සංදීප 2/46. 

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක් හිමි විය. 


ගාල්ල ක්‍රිකට් සමාජය සහ සී. සී. සී. 

ගාල්ල ක්‍රිකට් සමාජය – 181 (48): විනුර දුල්සර 70, කවිඳු එදිරිවීර 32, පවන්ත වීරසිංහ 3/26, සුවත් මෙන්ඩිස් 2/28. 

සී. සී. සී. – 185/3 (24.5): සොනාල් දිනූශ 61*, මලිඳු මදුරංග 50, කවිඳු රණසිංහ 48*, කුෂාන් මධූශ 3/51. 

සී. සී. සී. කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි විය. 


කැන්ඩි කස්ටම්ස් සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය 

කැන්ඩි කස්ටම්ස් – 109 (43.5): රශ්මික මධුසංක 37, නිපුන් බණ්ඩාර 3/18, දිව්යේෂ් ප්‍රවීන් 2/11, රුවින් පීරිස් 2/16, සෞම්‍ය ප්‍රභාෂ් 2/22. 

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය – 111/2 (25.4): කේෂාන් වන්නිආරච්චි 58*, අසිත වන්නිනායක 40*. 

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයක් හිමි විය. 


පානදුර ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය 

පානදුර ක්‍රීඩා සමාජය – 127 (38.4): යසිරු රොද්‍රිගෝ 3/16, දුනිත් වෙල්ලාලගේ 3/35, දමිත් සිල්වා 2/21. 

ලංකන් ක්‍රිකට් සමාජය – 128/2 (14.3): විශ්ව චතුරංග 75, සවාන් කන්කානම්ගේ 33*. 

ලංකන් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය. 


එන්. සී. සී. සහ කෝල්ට්ස් 

එන්. සී. සී. – 37 (15.5): ධනංජය ලක්ෂාන් 4/09, නිපුන් රන්ෂික 3/09, නිපුන් මාලිංග 2/11. 

කෝල්ට්ස් – 38/0 (6.2): අවිශ්ක ප්‍රනාන්දු 20*. 

කෝල්ට්ස් කණ්ඩායමට කඩුලු 10ක ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<