ලෝක ශූරයා දිගු කලකට පසුව සටනට සැරසෙයි

445
Wayde van Niekerk
Cover Image Courtesy: Franck Robichon / Rex Features

ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වූ මීටර් 400 ඉසව්වේ ලෝක ශූර දකුණු අප්‍රිකානු ක්‍රීඩක Wayde van Niekerk දිගු කලකට පසුව නැවතත් ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන Gala dei Castelli තරගාවලියේ දී තරග වැදීමට සූදානමින් පසුවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

2017 වසරේ දී ආධාර එකතු කිරීම සඳහා පැවති රග්බි තරගයක් අතරතුර දී දණහිසට සිදු වූ බරපතළ ආබාධයක් නිසාවෙන් වසර තුනක පමණ කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදු වූ අතර පසුගිය මාසයේ ඉතාලියේ දී පැවති තරගයක් සඳහා සහභාගි වීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසාවෙන් තවත් කලක් බලාසිටීමට සිදු විය.

දිගු කලකට පසුව ක්‍රීඩා පිටියට නැවත පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් Wayde van Niekerk ප්‍රකාශ කර සිටියේ තම කාලය තත්පර 42 දක්වා වර්ධනය කර ගත යුතු බවත්, තමන්ගේ මනසේ සෑම විටම තිබෙන්නේ එය බවත් ය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

සිදු වූ ආබාධය නිසාවෙන් ලෝක ශූර Wayde van Niekerk හට මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල මගහැරී යාමේ අවධානයකට පත්ව තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් ඔලිම්පික් තරගාවලිය කල් යාම හේතුවෙන් ලබන වසරේ තරගාවලියට තේරී පත්වීමට අවස්ථාවක් ඔහුට හිමිව ඇත.

මේ වන විට 28 වැනි වියේහි පසුවන Wayde van Niekerk 2016 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 ඉසව්ව තත්පර 43.03ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව බිද හෙළීමට සමත් වූ නමුත් 2017 වසරේ සිදු වූ ආබාධයත් සමඟ ඔහු හට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<