යුද හමුදාවේ අපරාජිත බව නැති වෙද්දී ටැමිල් යූනියන්ට දැවැන්ත ජයක්

වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය 2020/21

364

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග දිනයක් අද (1) නිමාවට පත්වූයේ එස්. එස්. සී, ටැමිල් යූනියන්, සෙබස්තියනයිට්ස්, කෝල්ට්ස්, ගුවන් හමුදා, කළුතර, මුවර්ස්, බදුරලිය, නුගේගොඩ සහ රාගම යන කණ්ඩායම් සඳහා ජයග්‍රහණ හිමිකර දෙමිනි.

දිනයේ හොඳම ජයග්‍රහණය ලබා ගත් ටැමිල් යූනියන් හමුවේ කැන්ඩි කස්ටම්ස් ලකුණු 216කින් පරාජයට පත්වූ අතර එම තරගයේ දී ටැමිල් යූනියන් නායක රවිඳු ප්‍රනාන්දු ශතකයක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. පන්දු යැවීමේ දී කනිෂ්ක හසිත ලකුණු 12කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි

තවත් කියවන්න;

මුවර්ස් සහ එන්. සී. සී අතර පැවති තරගයේ දී වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් එන්. සී. සී ඉනිම ලකුණු 141කට සීමා කළේය. ඇදහැළුණු වර්ෂාපතනය නිසාවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 22කට සීමා විය. මුවර්ස් තුන් ඉරියව් ක්‍රීඩක කවිෂ්ක අංජුල ලකුණු 61ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කරන ලදි.

පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන අශාන් දිල්හාර ලකුණු 76ක් ලබා ගනිමින් පානදුර ක්‍රිකට් පිටියේ පැවති තරගය උණුසුම් තරගයක් බවට පරිවර්තනය කළ අතර තියුණු සටනකින් පසුව එම තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. ගුවන් හමුදාව වෙනුවෙන් ශෂික ප්‍රියමාල් සහ නුස්කි අහමඩ් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර චාමිකර හේවගේ ලකුණු 34ක් ලබා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ D කාණ්ඩයේ පෙරමුණ දිනා ගන්නා කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කිරීම වෙනුවෙන් පැවති තීරණාත්මක තරගය අද එස්. එස්. සී සහ සී. සී. සී අතර පැවැත්විය. 

එහි දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක නිපුන් ධනංජය මෙවර තරගාවලිය තුල ලබා ගත් තුන්වැනි අර්ධ ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 84*ක් ලබා ගත්තේ මේ වන විට මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. 

ඊට අමතරව එස්. එස්. සී ඉනිම ඔසවා තැබූ අශේන් බණ්ඩාර අර්ධ ශතකයක් ලබා ගත් අතර නායක සම්මු අශාන් කඩුලු 3ක් දවා ගනිමින් සී. සී. සී කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය මග සිය කණ්ඩායමට විවර කරදෙන ලදි.

හලාවත මේරියන්ස් තරගාවලිය තුල ලැබුණු දෙවන පරාජය උරුම කරදුන් නිශාන් මදුෂ්කගේ නායකත්වයෙන් යුත් රාගම කණ්ඩායම ලකුණු 38ක ජයක් ලබා ගන්නා විට, බදුරලිය නායක දුනිත් ජයතුංග නොදැවී ලබා ගත් ලකුණු 87* නිසාවෙන් තරගාවලිය පුරාවට අපාරජිතව පැමිණි යුද හමුදා කණ්ඩායමට තරග පරාජයක් සඳහා උරුමකම් කීමට සිදු විය.

කෝල්ට්ස් සහ සැරසන්ස් අතර පැවති තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 88ක් ලබා ගත්තේය. අවසානයේ කෝල්ට්ස් ලබා ගත් ලකුණු 209ට පිළිතුරු ලෙස සැරසන්ස් ලබා ගත්තේ ලකුණු 47ක් පමණි. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ පැවති තරගය කළුතර නගර සමාජය කඩුලු 2කින් ජය ගත් අතර ලසිඳු අරෝෂණ සහ ශෙහාන් ඩිල්ශාන් පිළිවෙළින් පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දක්වමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

තරග කිහියක්ම සාර්ථක ලෙස නිමා වූ නමුත් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තරග දෙකක් අත්හැර දැමීමට සිදු විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කළුතර නගර ක්‍රීඩා සමාජය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – 127 (34): දිල්හාර පොල්ගම්පොල 52, කේෂර නුවන්ත 21, ලසිඳු අරෝෂණ 3/22, ඉන්ෂක සිරිවර්ධන 2/18, දනාල් හේමනන්ද 2/20, නිශාන් පෙරේරා 2/25.

කළුතර නගර ක්‍රීඩා සමාජය – 133/8 (32.4): ශෙහාන් ඩිල්ශාන් 38, ලික්ශාන් සසංග 25, දනාල් හේමනන්ද 21*, තෙමාල් බණ්ඩාර 3/33, කවිඳු රිද්මාල් 2/24.

කළුතර නගර කණ්ඩායමට කඩුලු 2ක ජයක්


එන්. සී. සී සහ මුවර්ස්

එන්. සී. සී – 141/9 (22): හසිත බෝයගොඩ 28, තෙවින් අමරසිංහ 28, වනුජ කුමාර 26, කමිල් මිශාර 23, ප්‍රවීන් ජයවික්‍රම 4/44, මාලිංග අමරසිංහ 2/16.

මුවර්ස්  – 143/7 (18.4): කවිෂ්ක අංජුල 61, පසිඳු සූරියබණ්ඩාර 31, මතීෂ පතිරණ 2/22, චාමික ගුණසේකර 2/32.

මුවර්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්


පානදුර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

පානදුර ක්‍රීඩා සමාජය  – 182 (43.1): අශේන් දිල්හාර 76, ජනිඳු ඉනුවර 33, චමෝද් සඳරු 21, ශෂික ප්‍රියමාල් 3/35, නුස්කි අහමඩ් 3/47.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 183/9 (48.1): චාමිකර හේවගේ 34, ශෂික ප්‍රියමාල් 31*, සඳරුවන් චින්තක 25, සසංක නිර්මාල් 3/38, කෞමාල් නානායක්කාර 3/34, නිපුන දේශාන් 2/37.

ගුවන් හමුදා කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්


එස්. එස්. සී සහ සී. සී. සී

එස්. එස්. සී – 182/4 (36): නිපුන් ධනංජය 84*, අශේන් බණ්ඩාර 57, රුවින් සෙනෙවිරත්න 2/19.

සී. සී. සී – 131 (31.2): මලිඳු මදුරංග 34, පවන්ත වීරසිංහ 31, පවන් රත්නායක 22, සම්මු අශාන් 3/22, ලක්ෂිත රසාංජන 2/27, කවිඳු නදීශාන් 2/28.

එස්. එස්. සී කණ්ඩායමට ලකුණු 51ක ජයක්


නුගේගොඩ සහ බී. ආර්. සී.

නුගේගොඩ  – 220 (48.4): අභිෂේක් ලියනාරච්චි 42, අමිත දාබරේ 37, විකුම් කල්හාර 28, සවිඳු උත්සර 3/33, මලින්ද අභිෂේක් 2/33, කෙවින් කොත්තිගොඩ 2/43.

බී. ආර්. සී – 196 (48.5): රමින්ද විජේසූරිය 42, ශෂික රත්නායක 32*, ලහිරු අත්තනායක 28, ටශික නිර්මාල් 3/45, අමිත දාබරේ 2/23.

නුගේගොඩ කණ්ඩායමට ලකුණු 24ක ජයක්.


රාගම සහ හලාවත මේරියන්ස්

රාගම – 186 (50): නිශාන් මදුෂ්ක 53, ඩෙලෝන් පීරිස් 27*, අසිත ප්‍රනාන්දු 3/27, දසුන් සෙනෙවිරත්න 2/35.

හලාවත මේරියන්ස් – 147 (43.2): රවීන් යසස් 42, දසුන් සෙනෙවිරත්න 33, ශෂික ඩිල්ශාන් 5/18, නිපුන් කාංචන 2/28.

රාගම කණ්ඩායමට ලකුණු 38ක ජයක්


යුද හමුදාව සහ බදුරලිය

යුද හමුදාව – 181 (45.2): ශෙහාන් ප්‍රනාන්දු 45, හේෂාන් හෙට්ටිආරච්චි 41, සංජීව කුමාරස්වාමි 26, මලින්ද ජයෝද් 2/13, නිර්මල රත්නායක 2/20, රුචිර කෞෂිත 2/33, මිතිර තේනුර 2/35.

බදුරලිය – 185/5 (47.1): දුනිත් ජයතුංග 87*, මිතිර තේනුර 32, හේෂාන් හෙට්ටිආරච්චි 2/33.

බදුරලිය කණ්ඩායමට කඩුලු 5ක ජයක්.


කෝල්ට්ස් සහ සැරසන්ස්

කෝල්ට්ස් – 209 (48.3): ධනංජය ලක්ෂාන් 88, ජෙහාන් ඩැනියල් 38, නිපුන් මාලිංග 21, ගිහාන් ඊබර්ට් 3/17, කවිඳු දිල්හාර 2/43, කවිෂ්ක ඩිල්ෂාන් 2/57.

සැරසන්ස් – 47 (18.3): ඩිල්ශාන් මදුශංක 4/09, රොහාන් සංජය 3/15, ආමන්ත ගුණරත්න 2/05.

කෝල්ට්ස් කණ්ඩායමට ලකුණු 162ක ජයක්.


ටැමිල් යූනියන් සහ කැන්ඩි කස්ටම්ස්

ටැමිල් යූනියන් – 284/7 (50): රවිඳු ප්‍රනාන්දු 107,සචිඳු කොළඹගේ 44*, සුපුන් කාවින්ද 42, කමේෂ් නිර්මාල් 40, හරිඳු ජයසේකර 3/39, නදීෂ් බණ්ඩාර 2/24.

කැන්ඩි කස්ටම්ස් – 68 (23.5): හරිඳු ජයසේකර 21, කනිෂ්ක හසිත 5/12, රවිඳු ප්‍රනාන්දු 2/24.

ටැමිල් යූනියන් කණ්ඩායමට ලකුණු 216ක ජයක්


නාවික හමුදාව සහ සෙබස්තියනයිට්ස්

නාවික හමුදාව – 72 (33): ශිවාන් පෙරේරා 20, තරුෂ ප්‍රනාන්දු 3/19, කලන සංදීප් 2/14, නාදිත මිශේන්ද්‍ර 2/14, ප්‍රවීන් කුරේ 2/14.

සෙබස්තියනයිට්ස්  – 73/2 (15.2): සචින් ප්‍රනාන්දු 26, රයන් ප්‍රනාන්දු 20*.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<