කමිඳුගේ ශතකය දිනය හැඩ කරයි

23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය 2020/21

207

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 10ක් අද පැවැත්වුනු අතර ඉන් තරග රැසකම අවසන් තීරණය ලබා දීමට සිදුවූයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුවයි. කෙසේ නමුත් පානදුර සහ රාගම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය මුළුමනින්ම අත්හැර දැමුනි. 

දිනයේ කැපී පෙනුන පිතිකරුවා බවට පත්වූ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස්, මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 117ක් රැස්කර ගනිමින් නායකත්වයේ පිතිකරණයක් දියත් කරන ලදි. එන්. සී. සී. කණ්ඩායමේ නායක හසිත බෝයගොඩ කළුතර කණ්ඩායමට එරෙහිව අගනා ලකුණු 81ක් රැස්කර ගනිමින් සිය කණ්ඩායමට ලකුණු 87ක ජයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය මඟ සකස් කළේය. 

ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින පිතිකරු කමේෂ් නිර්මාල් නොදැවී ලකුණු 62*ක් රැස්කර ගෙන පිතිකරණයෙන් දස්කම් දක්වන විට, පන්දු යැවීමේ දී මිරංග වික්‍රමගේ ලකුණු 25කට කඩුලු 4ක් දවාලමින් දස්කම් දක්වන ලදි. ඊට අමතරව කෝල්ට්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ සන්තුෂ් ගුණතිලක අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දක්වන විට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක රොහාන් සංජය කෝල්ට්ස් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් කඩුලු 3ක් දවා ගත්තේය. 

අද දිනය පුරාවට පැවති තරගවලදී එස්. එස්. සී., මුවර්ස්, ටැමිල් යුනියන්, ගාලු ක්‍රිකට් සමාජය, එන්. සී. සී., කෝල්ට්ස්, හලාවත මේරියන්ස්, නුගේගොඩ, බී. ආර්. සී., යුද හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගන්නා ලදි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කැන්ඩි කස්ටම්ස් සහ එස්. එස්. සී. 

  • කාසියේ වාසිය – එස්. එස්. සී. 
  • ක්‍රීඩා පිටිය : එස්. එස්. සී. 

කැන්ඩි කස්ටම්ස් – 173/8 (45): මදුශාන් ගුරුසිංහ 44, රශ්මික මධුසංක 32, ගනිඳු දෙව්මිණ 32, ලක්ෂිත රසාංජන 2/19, කලන පෙරේරා 2/02, දිලුම් සුධීර 2/35. 

එස්. එස්. සී. – 171/5 (31) ලක්ෂිත රසාංජන 36*, චමිඳු වික්‍රමසිංහ 30*, සම්මු අශාන් 28, නිපුන් ධනංජය 21, ක්‍රිෂාන් සංජුල 21, තිමිර මල්ෂාන් 4/39. 

එස්. එස්. සී. කණ්ඩායමට කඩුලු 5ක ජයක් (DLS Method) හිමි විය. 

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය 

  • කාසියේ වාසිය: සැරසන්ස් ක්‍රීඩා සමාජය 
  • ක්‍රීඩා පිටිය: මුවර්ස් ක්‍රීඩා සමාජ පිටිය

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 68/9 (22): ප්‍රවීන් ජයවික්‍රම 3/09, කවිෂ්ක අංජුල 2/09. 

මුවර්ස් ක්‍රීඩා සමාජය – 69/2 (14.1): මොහොමඩ් ශමාස් 34*, දිනුක ඩිල්ශාන් 20. 

මුවර්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය. 

එන්. සී. සී. සහ කළුතර නගර සමාජය 

  • කාසියේ වාසිය: කළුතර නගර සමාජය
  • ක්‍රීඩා පිටිය: එන්. සී. සී. 

එන්. සී. සී. – 225/9 (50): හසිත බෝයගොඩ 81, දිනෙත් ජයකොඩි 56, තෙවින් අමරසිංහ 25, ලසිඳු අරෝෂණ 4/32.

කළුතර නගර සමාජය – 138 (40.4): ටෙරෝන් බාස්කරන් 51, දනාල් හේමානන්ද 29*, සෙනාෂ් ප්‍රනාන්දු 27, වෙනුර ජයකොඩි 3/17, හසිත බෝයගොඩ 3/18, චාමික ගුණසේකර 2/14, අශේන් ඩැනියල් 2/34

එන්. සී. සී. කණ්ඩායමට ලකුණු 87ක ජයක් හිමි විය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 

  • කාසියේ වාසිය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • ක්‍රීඩා පිටිය: කෝල්ට්ස්

කෝල්ට්ස් – 255/8 (50): අවිශ්ක ප්‍රනාන්දු 69, සන්තුෂ් ගුණතිලක 60, විශාද් රන්දික 38, රොහාන් සංජය 36*, ජෙහාන් ඩැනියල් 20, තෙමාල් බණ්ඩාර 2/35. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය – 114 (37.4): දිල්හාර පොල්ගම්පොල 25, රොහාන් සංජය 3/28, සුලක්ෂණ විජේවර්ධන 2/07, ආමන්ත ගුණරත්න 2/15. 

කෝල්ට්ස් කණ්ඩායමට ලකුණු 138ක ජයක් (DLS Method) හිමි විය. 

හලාවත මේරියන්ස් සහ මීගමුව ක්‍රිකට් සමාජය 

  • කාසියේ වාසිය: මීගමුව ක්‍රිකට් සමාජය
  • ක්‍රීඩා පිටිය: කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටිය 

මීගමුව ක්‍රිකට් සමාජය – 264/9 (50): කමිඳු මෙන්ඩිස් 117, රවීන් යසස් 36, සනෝජ් දර්ශික 27, ලසිත් කෘස්පුල්ලේ 26, රිසිර වීරසූරිය 24, ශෙහාන් ප්‍රනාන්දු 2/45, චමත් වික්‍රමසිංහ 2/61. 

මීගමුව ක්‍රිකට් සමාජය – 155 (40.2): අභිෂේක් ආනන්දකුමාර් 37, චමත් වික්‍රමසිංහ 24, නිශාන් පීරිස් 20, ශෂීන් රශ්මිත 20, නවීන් ගුණවර්ධන 2/08, සනෝජ් දර්ශික 2/16, දසුන් සෙනෙවිරත්න 2/24. 

හලාවත මේරියන්ස් කණ්ඩායමට ලකුණු 109ක ජයක් හිමි විය. 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් 

  • කාසියේ වාසිය: ටැමිල් යුනියන් 
  • ක්‍රීඩා පිටිය: පී. සරා ඕවල් ක්‍රීඩා පිටිය 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 150 (48): ඩිල්ශාන් කොල්ලුරේ 41, තරිඳු විජේසිංහ 20, මිරංග වික්‍රමගේ 4/25, සචිඳු කොළඹගේ 2/23, ට්‍රිශේන් වික්‍රමසිංහ 2/36.

ටැමිල් යුනියන් – 153/3 (29.2): කමේෂ් නිර්මාල් 62*, සුපුන් කාවින්ද 43, අශාන් ප්‍රනාන්දු 25*. 

ටැමිල් යුනියන් කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි විය. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ 

  • කාසියේ වාසිය: නාවික හමුදාව
  • ක්‍රීඩා පිටිය – මග්ගොන ක්‍රීඩා පිටිය 

නාවික හමුදාව – 116 (27.1): විමුද් සප්නක 38, සමිත් රංග 38, නිපුන් ලක්ෂාන් 3/19, කාවින්ද ඉසිවර 3/25, මුදිත ලක්ෂාන් 2/17, විමුක්ති කුලතුංග 2/25.

නුගේගොඩ – 120/4 (14.4): මුදිත ලක්ෂාන් 30, සකුණ ලියනගේ 26*, අභිෂේක් ලියනාරච්චි 24, අකිඳු කරුණාරත්න 2/47. 

නුගේගොඩ කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය. 

බ්ලූම්ෆීල්ඩ් සහ ගාලු ක්‍රිකට් සමාජය 

  • කාසියේ වාසිය: ගාලු ක්‍රිකට් සමාජය
  • ක්‍රීඩා පිටිය: බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටිය 

බ්ලූම්ෆීල්ඩ් – 156 (49): නදුන් අහංගමගේ 34, විනුජ රන්පුල් 20, තනුල චමෝද් 3/30, කුශාන් මධූශ 2/26. 

ගාලු ක්‍රිකට් සමාජය – 157/3 (38.3): පවන් සංදේශ් 57, විනුර දුල්සර 52*, සුභානු රාජපක්ෂ 20*. 

ගාලු ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක් හිමි විය. 

පොලිස් ක්‍රීඩා සමාජය සහ බී. ආර්. සී. 

  • කාසියේ වාසිය: බී. ආර්. සී. 
  • ක්‍රීඩා පිටිය: පොලිස් පිටිය 

පොලිස් ක්‍රීඩා සමාජය – 150 (44.1): අශෙල් සිගේරා 71, නදීර බාලසූරිය 27*, කෙවින් කොත්තිගොඩ 3/29. 

බී. ආර්. සී. – 151/4 (32.4): නිසල ෆ්‍රැන්සිකෝ 64*, ඩිශේන් වීරසිංහ 2/16. 

බී. ආර්. සී. කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය 

  • කාසියේ වාසිය: සාන්ත සෙබස්තියන් 
  • ක්‍රීඩා පිටිය: ද සොයිසා ක්‍රීඩා පිටිය 

යුද හමුදාව – 248/9 (50): ශෙහාන් ප්‍රනාන්දු 57, පැතුම් කුමාර 40, ගිහාන් කෝරලගේ 39, සමිත් ඩිල්ෂාන් 28, සංජීව් කුමාරස්වාමි 22*, තරුෂ ප්‍රනාන්දු 2/44, සවිඳු පීරිස් 2/45, කලන සන්දීප් 2/56. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය – 130/6 (29): තරුෂ ප්‍රනාන්දු 72*, සචින් ප්‍රනාන්දු 30, හේෂාන් හෙට්ටිආරච්චි 2/10. 

යුද හමුදා කණ්ඩායමට කඩුලු 5ක ජයක් (DLS Method) හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<