ශ්‍රී ලංකාවට රහසින් සහයෝගය දුන් විරේන්ද්‍ර සේවාග්

ඉන්දියාවට එරෙහිව නූලෙන් ජය ගිලිහී ගිය දා තිරයෙන් පිටුපස කතා

6794
Unheard Cricket Stories
@Espn Cricinfo

2009/10 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ පළමු එක්දින තරඟය පැවැත්වුණේ රාජ්කොට්’හිදීය. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ඉන්දියානුවන් සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 414ක් රැස් කළහ. ඉන්දියානුවන් රැස් කළ ලකුණු ගණන එක්දින තරගයක් ජය ගන්නට උවමනාවටත් වඩා ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවකි. 

ඉන්දියානු ඉනිමට විශාලතම දායකත්වය ලබා දුන්නේ විරේන්ද්‍ර සේවාග්ය. ඔහු එදා ලකුණු 146ක් රැස් කළේය.

තමන් හමුවේ ඇති අභියෝගය සුළුපටු නොවන බව දැන දැනත් ශ්‍රී ලාංකික පිතිකරුවන් සෑහෙන සටනක් දෙමින් සිටියහ. පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවත්, ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා රාජ්කොට් ක්‍රීඩාංගණයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්‍යභාරය වඩ වඩාත් ලෙහෙසි කළේය.

Virender Sehwag
සේවාග් ශතකය රැස් කරගත් මොහොත ESPN Cricinfo

මම ඇත්තටම ඒ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිත යටින් සහයෝගය දෙමින් සිටියේ. මම ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් සහයෝගය දෙන සෑම අවස්ථාවක දී ම ඔවුන් පරාජය වන බවට මගේ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාම එදා මම ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් හිටියේ.”

පැය කිහිපයකට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොසෑහෙන්නට බැට දුන් සේවාග් තරගයේ උද්වේගකර අවස්ථාවේ තමන්ට ඇතිවූ හැඟීම් සමුදාය තරගයට පසු එසේ ප්‍රකාශ කර සිටියේය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට දැකගත හැකි වූ වාර්තා කිහිපයක් ද බිහිවිය.

  • කණ්ඩායම් දෙකේම ආරම්භක පිතිකරුවෝ ලකුණු 150ට එහා ගිය හැටි.

එක්දින තරගයක කණ්ඩායම් දෙකේම ආරම්භක පිතිකරුවන් අතර සබඳතාවය ලකුණු 150 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙම තරගයේ දී දැකගත හැකි විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරේන්ද්‍ර සේවාග් (146) සහ සචින් තෙන්දුල්කාර් (69) පන්දුවාර 19.3 තුළ ලකුණු 153ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා තිලකරත්න ඩිල්ෂාන් (160) සහ උපුල් තරංග (67) පන්දුවාර 24ක දී ලකුණු 188ක් රැස් කිරීමට සමත් විය.

  • කඩුලු රකින නායකයෝ වාර්තා තබති

ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි නොම්මර තුන පිතිකරුවා ලෙස පැමිණ අර්ධ ශතකයක් (72) වාර්තා කර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර (90) ශ්‍රී ලංකා ඉනිමේ නොම්මර 3 පිතිකරුවා ලෙස පැමිණ අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. එක්දින තරගයක එවැන්නක් සිදු වූ මුල්ම අවස්ථාව එය විය.

ඉන්දීය ආරම්භක පිතිකරුවාට මෙන්ම පිළිතුරු ඉනිමේ ශතකයක් වාර්තා කරගත් තිලකරත්න ඩිල්ෂාන්ට ද සිය ශතකයන් වාර්තා කර ගැනීමට වැය වූයේ පන්දු 75කට අඩු ගණනකි. සේවාග් පන්දු 66කින් ශතකය වාර්තා කර ගත් අතර ඩිල්ෂාන් පන්දු 73කින් සිය ශතකය වාර්තා කර ගත්තේය.

තවත් නෑසු කතා:

BBC ක්‍රිකට් පසෙකලා ටෙලිනාට්‍යය පෙන්වූ හැටි

1988 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවති එකම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතක පරාජයක් අත්විය.

තරගය පුරාවටම එංගලන්තය කණ්ඩායම සුවිශේෂී ලෙසින් දස්කම් වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය පළමු ඉනිමට රැස් කරගත හැකි වූයේ ලකුණු 194ක් පමණි.

England Cricket
1988 එංගලන්ත සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම Getty Images

එලෙස පස්වැනි දිනයේ තරගය නිමාවී සෑහෙන වේලාවක් යනතුරු ත්‍යාග ප්‍රදානෝත්සවය  පමා විය.

එයට හේතුව වූයේ BBC රූපවාහිනි සේවාව Neighbors නම් තම දෛනික රූපවාහිනී කතා මාලාව විකාශය කිරීමෙන් අනතුරුව ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විය යුතු බවට සංවිධායකයින්ට බල කර සිටීමය.

ඒ අනුව Neighbors වැඩසටහන විකාශයෙන් අනතුරුව තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළහ.

දැවී යෑම වෙනුවට හිස්වැස්ම සැකසූ ඉන්දියානු විනිසුරුවරයා

1997 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට එක්දින තරඟ තුනක් ඇතුළත් විය. මෙම තරගාවලියේ ගුහාටි’හි පැවති තුන්වැනි එක්දින තරගයක දී අපූරු සිදුවීමක් ඇතිවිය. 

Ajay Jadeja
අජේ ජඩේජා පන්දුවට පහරදෙමින් Getty Images

මෙම සිදුවීම වන විට පන්දුවට පහර දෙමින් සිටියේ ඉන්දීය කණ්ඩායමේ අජේ ජඩේජාය. චමින්ද වාස් යැවූ පන්දුවක් පිත්තේ පිටත දාරයේ වැදී කඩුලු රකින රොමේෂ් කළුවිතාරණ අතට පත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ප්‍රබල ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ ඉන්දීය ජාතික විනිසුරු රාමන් ෂර්මා දැවී යාම සංඥා කිරීමට සූදානම් විය. 

තමා ඉරණම විසඳෙන ආකාරයක් දුටු අජේ ජඩේජා තරමක කේන්තියකින් තම නොසතුටට පළ කළේය. ඒත් සමගම විනිසුරු ෂර්මා දැවී යාම සංඥා කිරීමට එසවූ ඇඟිල්ල ක්ෂණිකවම වෙනස් කරමින් තම හිස්වැසුම සකසන්නට පටන් ගත්තේය.

මෙම අපූරු සිදුවීමට රූපවාහිනී නාලිකා හරහා පුළුල් ප්‍රචාරයක් ලැබුණේය. රූපවාහිනී දසුන් මගින් ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් මෙම සිදුවීම සජීවීව නැරඹූ අතර මේ සිද්ධිය ෂර්මා විනිසුරුවරයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. 

තමන්ට එල්ල වන අවලාද, අපහාස හමුවේ ඉතාම කනගාටුවෙන් පසු වූ ෂර්මා විනිසුරුවරයා මෙකී තරගයෙන් මාස හයක් ගතවන්නටත් පෙර රිය අනතුරකට මුහුණ දීමෙන් මියගියේය. මිය යන තුරුම ඔහු ලබා දුන් තීරණය ගැන ඉතාම සිත් තැවුලෙන් පසු වූ බව කියවුණි.

ඕස්ට්‍රේලියානු කඳවුරෙන් මතු වූ අමුතු තාලයේ අභියෝගය

2004 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ටෙස්ට් තරග තුනකටත් එක්දින තරග පහකටත් සහභාගී වීමට මෙරටට පැමිණියහ.

ටෙස්ට් තරග තුනේ දී ම බොහෝ අවස්ථාවන්හිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා සෑහෙන පිටුපසින් සිටිය ද අවසානයේ 3-0 ජයග්‍රහණයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකියාවක් ලැබුණි.

ඔහු අපේ කණ්ඩායම සමග සිටීම ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩායම) රිස්සුවේ නෑ. ඔවුන්ගේ කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක් ගැනම ඔහු ඕනවටත් වඩා දැන සිටියා. එය ඔවුන් සෑහෙන අපහසුතාවයකට පත්කර තිබුණේ.

ඔවුන් තරගයේ ඉදිරියෙන් සිටින සෑම විටම ඔහු කිව්වේ, ‘මම ඔවුන් ගැන දන්නවා. බලන්න ඔය කොහොම ක්‍රීඩා කළත් ඔවුන් සෑහෙන පීඩනයකින් ඉන්නේ, කොයි මොහොතේ හෝ වාසිය අපේ පැත්තට හැරේවි’ කියා. සැබැවින්ම එය එසේම වුනා. එතරම් හොඳින් ඔහු අපේ ප්‍රතිවාදියා ගැන දැනගෙන සිටියා.”

එවර ශ්‍රී ලංකා සංචාරයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කළ ඇඩම් ගිල්ක්‍රිස්ට් තමන්ගේ කඳවුරේ සිටි එක්තරා සුවිශේෂී චරිතයක් ගැන පසුකලෙක ඔහුගේ ස්වයංචරිතාපදානය ඔස්සේ සිය මතකය අවදි කළේ ඒ ආකාරයෙන්ය.

Alex Kountouris
ඇලෙක්ස් කොන්ටෝරි 2004 ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජස්ටින් ලැන්ගර් ගැන සොයා බලන අවස්ථාවක් Getty Images

ඇඩම් ගිල්ක්‍රිස්ට් එලෙස සඳහන් කළේ 2004 වසරේ ඕස්ට්‍රේලියානු කඳවුර නියෝජනය කළ ඇලෙක්ස් කොන්ටෝරි නම් වූ 1996 විල්ස් ලෝක කුසලාන‍යේ ශ්‍රී ලංකා විජයග්‍රහණය වෙනුවෙන් මනා දායකත්වයක් ලබා දුන් නිහඬ වීරයා ගැනය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<