“විශිෂ්ට දේවල් ළඟ එනවා” – හර්දික් පාන්ඩ්‍යා

224
Courtesy - IndiasOpinion

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාට දිගු කාලයක් ක්‍රිකට් වලින් ඈත්ව ඉන්න සිදුවුනත් නැවතත් ක්‍රීඩාව ආරම්භ කළ පසුව ඉතා ඉක්මණින් සිය සුපුරුදු රිද්මයට එන්නට හැකි වේ යයි ඔහු පවසා සිටිනවා. හර්දික් සහ ඔහුගේ සොයුරු කුර්නාල් දෙදෙනා දැන් වසර කිහිපයක්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෙනුවෙන් ක්‍රීඩා කරනවා. 

“මම මේ වන විට පන්දුවට පහර දෙන විදිය, මගේ ශාරීරික යෝග්‍යතාව, මගේ මානසික ඒකාග්‍රතාව ගැන හිතනකොට මට කියන්න පුළුවන් මම ටිකක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන කොට ඉබේම ප්‍රතිඵල එයි කියලා.” මුම්බායි ඉන්දියන්ස් Twitter නාලිකාවේ පළවූ වීඩියෝවක ඔහු පවසා තිබුනා. 

“මම ක්‍රීඩාවෙන් කෙතරම් ඈත් වෙලා හිටියත්, මම නැවත ආපසු එන එකට උපරිම වටිනාකමක් දෙන්න ඕනේ. මම ඒකට බොහොම හොඳින් සූදානම් වුනා. මම හිතනවා විශිෂ්ට දේවල් ළඟ එනවා කියලා.” 26 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා පවසා සිටියා. 

පාන්ඩ්‍යා පසුගිය වසරේ දී පිට කොන්දේ සැත්කමකට මුහුණ දුන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දීයි. ඔහු මේ වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුනු ඉන්දියා – දකුණු අප්‍රිකානු තරගාවලියටත් තෝරා ගැනුනා. කෙසේ වෙතත් COVID-19 වෛරසය නිසා එම තරගාවලිය පවත්වන්නට අවස්ථාව ලැබුනේ නැහැ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද ප්‍රධානතම තුරුම්පුවක් වන පාන්ඩ්‍යාගේ සේවය මෙවරත් මුම්බායි කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

ක්‍රීඩකයෙකුට ඇති වන ආබාධ සහ ඉන් සුවය ලබා ගන්නා ආකාරයත් තමන් ශාරීරික යෝග්‍යතාව නගා සිටුවා ගත් ආකාරයත් පාන්ඩ්‍යා විස්තර කළා. 

“මගේ ජීවිතයේ මම අවබෝධ කරගත් දෙයක් තියනවානම් ඒ හැමදාම ආබාධ මාත් එක්ක ඉන්නවා කියන එකයි. කාටවත් ඕනේ නැහැ ආබාධ වලට ලක්වෙන්න.” 

“ආබාධ නිසා තමයි මම ඉදිරියටම ගියේ. ඒවා නිසා තමයි මම අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ. ඒ නිසා මම තේරුම් ගත්තා මම කොච්චර මහන්සි වෙලා පුහුණු වෙන්න ඕනේ ද කියලා. මම මහන්සි වෙන ප්‍රමාණයත් මම වැඩි කරගත්තා මිසක් ඒක අඩු කර ගත්තේ නැහැ.” 

“වාසනාවට මම හා මගේ සහෝදරයා කුර්නාල් හට අපේ ගෙදරම ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ නිසා අපි අපේ ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වා ගන්නවා. මම හැමතිස්සෙම විශ්වාස කරනවා ඔබ හැම තිස්සෙම ඔබේ ශාරීරික යෝග්‍යතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා පියවරක් ඉදිරියෙන් පවත්වා ගන්නවා නම් ඔබට ඉදිරියේ දී හොඳ අත්දැකීම් ලබා ගන්නට පුළුවන්.” 

HindustanTimes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<