දිලුම් සහ සංතුශ් ඔවුන්ගේ හොඳම List A දක්ෂතාවලට

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට 2021

418

දිලුම් සුධීර සහ සංතුශ් ගුණතිලකගේ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගයක දී ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Tamil Union ක්‍රිකට් සමාජය සමත් වුනා.

එම ජයග්‍රහණයත් සමඟින් Tamil Union ක්‍රීඩකයෝ තම කාණ්ඩයේ සිව්වැනි ජයග්‍රහණයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු තැන දිනා ගත්තා.

මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිලුම් සුධීර පන්දුවාර 6ක් යවමින් එක් නොඉඳුල් පන්දුවාරයක් සමඟින් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. එය දිලුම්ගේ List A තරග කාණ්ඩයේ ඉහළ ම දක්ෂතාවයි.

දකුණතින් පන්දුවට පහර දෙන 22 හැවිරිදි සංතුශ් ගුණතිලක පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 79ක් ලබා ගත්තා. එය සංතුශ්ගේ List A තරග කාණ්ඩයේ ඉහළ ම දක්ෂතාවයි.

අද පැවැත්වීමට නියමිත තරග අතරින් ප්‍රතිඵලයක් සහිතව නිමා වූ එක ම තරගය එය වූ අතර තරග 7ක් අයහපත් කාලගුණ තත්ත්වය මත අතහැර දැමුණා.

Group A කාණ්ඩයෙන් තරග වැදීමට සිටි BRC සහ මුවර්ස් අතර තරගයත්, Kandy Customs සහ යුද හමුදාව අතර තරගයත්, ගුවන් හමුදාව සහ ලංකන් අතර තරගයත්, නුගේගොඩ සහ නාවික හමුදාව අතර තරගයත් සහ Group B කාණ්ඩයෙන් තරග වැදීමට සිටි රාගම සහ කෝල්ට්ස් අතර තරගයත්, හලාවත මේරියන්ස් සහ SSC අතර තරගයත්, සෙබස්තියනයිට්ස් සහ Ace Capital අතර තරගයත් මෙසේ අතහැර දැමුණ තරගයි.

Group B, ගාල්ල සහ Tamil Union (මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණය)

Tamil Union ක්‍රිකට් සමාජයට කඩුලු 3ක ජයක්.

  • ගාල්ල; කඩුලු 9ක් දැවී 153 (31) රවීන් යසස් 31, චානක රුවන්සිරි 39, දිලුම් සුධීර 4/17, රවීන් ද සිල්වා 2/17
  • Tamil Union; කඩුලු 7ක් දැවී 163 (30) සංතුශ් ගුණතිලක නොදැවී 79, රවින්ද්‍ර ප්‍රනාන්දු 22, චලන ද සිල්වා 2/25

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන් ම ක්‍රීඩා පිටියේ සිදු වන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<