පසිඳුගෙන් දක්ෂ පන්දු යැවීමක්

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

1009

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (13) නිමා වූ තරග අතරින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මීගමුව ක්‍රිකට් සමාජයේ වමතින් දඟපන්දු යවන 22 හැවිරිදි පසිඳු උස්හෙට්ටිගේ සමත් වුනා.

ඔහු NCCට එරෙහිව ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තා. මෙම දක්ෂතාව පසිඳුගේ List A තරග කාණ්ඩයේ හොඳම පන්දු යැවීමයි.

මේ අතර අද අවසන් වූ අනෙකුත් තරගවල දී Kandy Customs කණ්ඩායමේ රවින්ද්‍ර කරුණාරත්න නාවික හමුදාවට එරෙහිව ලකුණු 30කට කඩුලු 4ක් ද, නාවික හමුදාවේ පසිඳු මධුශාන් Kandy Customsට එරෙහිව ලකුණු 28කට කඩුලු 4ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

නිමා වූ තරගවල දී අර්ධ ශතක තුනක් වාර්තා වුනා. යුද හමුදාවේ හිමාෂ ලියනගේ ලංකන් කණ්ඩායමට එරෙහිව පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද, Kandy Customs කණ්ඩායමේ නායක චානක විජේසිංහ පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නාවික හමුදාවට එරෙහිව ලකුණු 58ක් ද සහ නාවික හමුදාවේ නායක තුෂාර සමරකෝන් Kandy Customsට එරෙහිව පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.

මේ අතර අද කටුනායක FTZ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මීගමුව සහ NCC අතර තරගය ලකුණු සම වීමෙන් අවසන් වීම කැපී පෙනුණා.

Group A, යුද හමුදාව සහ ලංකන් (දොඹගොඩ)

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයක්

  • ලංකන්; සියලුම දෙනා දැවී 128 (44.5) ලහිරු ඩිල්ශාන් 32, දමිත සිල්වා 27, ගීත්කුමාර 29, සික්කුගේ ප්‍රසන්න 3/22, ගයාන් බණ්ඩාර 2/31, අසේල ගුණරත්න 2/24
  • යුද හමුදාව; කඩුලු 3ක් දැවී 130 (24.4) අශාන් රන්දික 34, හිමාෂ ලියනගේ නොදැවී 55, අසේල ගුණරත්න නොදැවී 23, කසුන් මධුශංක2/30

Group B, සැරසන්ස් සහ රාගම (මග්ගොන Surrey ක්‍රීඩාංගණය)

රාගම ක්‍රිකට් සමාජයට කඩුල්ලක ජයක්

  • සැරසන්ස්; සියලුම දෙනා දැවී 162 (42) නවිඳු විතානගේ 32, ප්‍රමෝද් මධුවන්ත 46, ඉෂාන් ජයරත්න 2/27, කල්හාර සේනාරත්න 2/42, ජනිත් ලියනගේ 3/27
  • රාගම; කඩුලු 9ක් දැවී 163 (42) දිනෙත් තිමෝද්‍ය 22, සමින්ද ප්‍රනාන්දු 27, ජනිත් ලියනගේ 27, සුපේෂල ජයතිලක 22, ඉෂාන් ජයරත්න 24, සඳුන් මෙන්ඩිස් 2/30, ප්‍රමෝද් මධුවන්ත 2/18, ආකාශ් සේනාරත්න 2/26

Group A, නාවික හමුදාව සහ Kandy Customs (වැලිසර)

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලකුණු 24ක ජයක්

  • නාවික හමුදාව; සියලුම දෙනා දැවී 197 (50) අනුක් ප්‍රනාන්දු 21, තුෂාර සමරකෝන් 50, සහන් කෝසල 37, අරවින්ද අකුරුගොඩ 20, සම්පත් පෙරේරා 2/36, උමේග චතුරංග 2/43, රවින්ද්‍ර කරුණාරත්න 4/30
  • Kandy Customs; සියලුම දෙනා දැවී 173 (48.3) රවින්ද්‍ර කරුණාරත්න 21, චානක විජේසිංහ 58, හසිත නිර්මාල් 26, පසිඳු මධුශාන් 4/28

Group A, මීගමුව සහ NCC (FTZ කටුනායක)

තරගය ලකුණු සමයි

  • NCC; සියලුම දෙනා දැවී 195 (43.1) යුගීෂ දිශාන් 20, හසිත බෝයගොඩ 43, කවීන් බණ්ඩාර 37, අහන් වික්‍රමසිංහ 28, චතුරංග ද සිල්වා 22, ඩිල්ශාන් මුණවීර 3/37, පසිඳු උස්හෙට්ටිගේ 5/39
  • මීගමුව; සියලුම දෙනා දැවී 195 (42.3) පසිඳු ලක්ෂංක 25, ඩිල්ශාන් මුණවීර 28, ඇන්ජලෝ ජයසිංහ 28, Mohammad Mohsin 33, උපුල් ඉන්ද්‍රසිරි 21, චතුරංග ද සිල්වා 3/41, යුගීෂ දිශාන් 3/32, කාවින්ද ඊශ්වර 2/24, සචිඳු කොළඹගේ 2/40

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙන් ම ක්‍රීඩා පිටියේ සිදු වන උණුසුම් පුවත් සැණෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<