මුරලිගෙන් මහේලට ලිපියක්

5147

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නම් කරන විශිෂ්ටතම ක්‍රීඩකයන් ලැයිස්තුව වන ICC Hall of Fame ලැයිස්තුව වෙත හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඊයේ (13) නම් කෙරුණා.

මෙම නම් කිරීමට සුබ පැතුම් එක් කරමින් ලොව විශිෂ්ටතම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් විසින් මහේලට ලිපියක් යොමු කර තිබෙනවා.

මේ එම ලිපියේ සිංහල පරිවර්තනයක්.

මහේල වෙත,

ICC Hall of Fame වෙත ඇතුළත් වීම ගැන මගේ සුබ පැතුම්. දිගු කාලයක් පුරා ලබා ගත් ජයග්‍රහණ සඳහා පිළිගැනීමට ලක්වීම ලෝකයේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඉමහත් ගෞරවයක් ගෙන දෙන කරුණක්.

එය ක්‍රිකට් ක්‍රීඩකයින් වන අපි සැබවින්ම උත්සාහ කරන දෙයක්. අපගේ වෘත්තීය ජීවිතය පුරාවටම අපි ආදරය කරන, දැඩි ආශාවකින් උත්සාහ කරන යමක් ළඟා කරගන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියනවා. ඒ නිසා එවැනි සර්වකාලීන විශිෂ්ටයන් අතරට ඇතුළත් වීම සැබවින්ම ඇදහිය නොහැකි දෙයක් සහ එය සදාකාලිකව අගය කළ යුතු දෙයක්.

මෙය ජීවිත කාලය පුරාවටම පිරිනමන සම්මානයක්. එය ඔබගේ මිතුරන්, තරගකරුවන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙතින් වසර ගණනාවක් පුරා ඔබ ලබා ඇති ගෞරවය පෙන්නුම් කරන දෙයක්. මේ නිසා ඔබේ නම ලැයිස්තුවට එකතු වී තිබීම විශේෂත්වයක්.

මම ICC Hall of Fame ලැයිස්තුවට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වීම ගැන මම පුදුමයට පත් වුනා. දැන් ඔබ, මගේ මිත්‍රයා මේකට ඇතුළත් වෙනවා. එය මට මහත් ආඩම්බරයක් ගෙන දෙනවා. ඒ ඔබ ඔබේ ක්‍රිකට් දිවිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සහ ලෝක ක්‍රිකට් වෙනුවෙන් කළ දේවල් මා දන්නා නිසා. ඔබ විශේෂ කෙනෙක්.

ඔබේ ක්‍රීඩා දිවිය දෙස ආපසු හැරී බලන විට, කැපී පෙනෙන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඔබ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව නොදැවී ශතකයක් වාර්තා කරලා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා.  අපි ලෝක කුසලානය දිනා නොගත්තත් ඒක විශේෂ ඉනිමක්.

මට මතකයි ඔබ ටෙස්ට් තරගයක ක්‍රීඩා කළ තවත් ඉනිමක්. ඒ 2008 දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 166ක් වාර්තා කරමින්. එය අමතක නොවන ඉනිමක්. ඒ තණතීරුවේ දෙවන ඉනිමේ ලොකු දඟකැවීමක් තිබුණා. ඇත්තටම පන්දුවට පහර දීමට අපහසු වුනා.

ඒක තමයි ඔබ ගැන ලොකුම විශේෂත්වයක් වුනේ. ඔබ විශිෂ්ෙට ඉනිම් රැසක් ක්‍රීඩා කළා. ලකුණු ලබා ගනිමින් කණ්ඩායමේ සිටීම ගැන ඔබ සෑමවිටම සතුටු වුනා. කඩුලු දවා ගැනීමට මට පීඩනය අඩු වුනේ ඔබ ලකුණු රැස්කරලා මගේ කාර්යය පහසු කළ නිසා. ඒ නිසාම ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම ක්‍රීඩකයෙක්.

ඊටත් වඩා ඔබ විශිෂ්ට මිනිසෙක් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එළියේ ඉතා මෘදු, කරුණාවන්ත පුද්ගලයෙක්. ක්‍රීඩාවේ දී, ශූරයන් සෑම විටම ඉතා තරගකාරී බව සෑම දෙනාම දකිනවා. ක්‍රිකට් පිටියේ දී, ඔබට ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙන්න හැකියාව තිබුණා. ඔබ අවට ඉන්න සහ ක්‍රීඩා කරන්න විශිෂ්ට පුද්ගලයෙක් වුනා.

ඔබ මට වඩා බොහෝ නිහඬ කෙනෙක්. ඔබ දන්නවා මම ගොඩක් කතා කරන බව. මාත් එක්ක කතා කරන්න තවත් කිහිප දෙනෙක් අපේ කාමරයේ හිටියා. නමුත් ඔබ ඒ සෑම වෙලාවකම නිශ්ශබ්දව සිටියා. ඔබ ඒ වෙලාවේ ක්‍රීඩාවට බොහෝ අවධානය යොමු කළා. අපි කාමරයේ සිටිය දී පවා ඔබ තරගයට අවධානය යොමු කරලා හිටියේ.

ඔබ නායකයා වූ විට ඔබේ සන්සුන් බව ප්‍රධාන වුනා. සමහර ක්‍රීඩකයින් ඉතා උද්යෝගිමත් විය හැකි නිසා ඔබේ සන්සුන්කම අවශ්‍ය වුනා. නමුත් ඔබ උද්යෝගිමත් වෙද්දී ඔබ ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා සන්සුන් භාවය ඔබව නිවැරදි ස්ථානයට පත් කළා. මම හිතන්නේ ඔබ පුහුණුකරුවෙක් විදියට අපූරු කාර්යයක් කරන්නේ ඒ නිසා.

ඔබ ICC Hall of Fame වෙත ඇතුළත් වන්නේ එක් අවස්ථාවක් නිසා පමණක් නෙමෙයි. ඒක වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබ දරපු වෙහෙසට ඔබට ලැබෙන ත්‍යාගයක්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මේ ලැයිස්තුවට ඇතුළත් වන්නේ කවුරුන් ද යන්න තෝරාගැනීමේ දී ඒ සියල්ල සැලකිල්ලට ගන්නවා. කුමාර් සංගක්කාර සහ මම මේ ලැයිස්තුවට එක්වුනා. එයට එක්වන මීළඟ ශ්‍රී ලාංකිකයා ඔබ විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විශ්වාස කරනවා.

ඔබව තෝරාගෙන ඇත්තේ නායකයෙකු ලෙස ඔබ ඉතා සාර්ථක වූ නිසාත් පිතිකරුවෙකු ලෙස නොකඩවා ලකුණු ලබාගත් නිසත්, පසුව පන්දු රකින්නෙකු ලෙසත් ඔබ අන් සියල්ලන්ටම වඩා බොහෝ උඩපන්දු වඩා ලබා ගත් නිසා. ඔබ ලංකාවේ සැමට ආඩම්බරයක්.

1997 දී ඔබ මුලින්ම කණ්ඩායමට එන විට ඔබ ඉතා තරුණ කෙනෙක්. මම ඒ වෙද්දී කණ්ඩායමේ ටිකක් කල් හිටපු කෙනෙක්. ඔබ කණ්ඩායමට ඇතුළත් වුනාම ඔබ ඉතා ලැජ්ජාශීලී සහ නිහඬ ක්‍රීඩකයෙක් වුනා.

නමුත් පළමු තරගයේ දී ඔබට අවස්ථාවක් ලැබුණු අවස්ථාවේ ඔබ ඉතාමත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. එය සුවිශේෂී දක්ෂතාවයක්. ඔබේ පිතිකරණයේ තියන දේ සියල්ලෝම දැක්කා. ඔබ අපේ ක්‍රිකට් අනාගතය වේවි කියලා අපි හිතුවා. අපි සියල්ලෝම කෙළින්ම ඒක දැනගෙන හිටියා.

මට මතකයි මම ඒ වෙලාවේ හිතුවා ඔබ ලංකාවේ හොඳම පිතිකරුවෙක් වෙනවා කියලා. ඔබ ඉදිරියට යාමට සැලසුම් කළ ආකාරයටම ඔබ ඉදිරියට ගිය. ඔබ විශ්‍රාම යන තෙක්ම ඔබ එහි රැඳී සිටියා.

බොහෝ උප මහද්වීපික ක්‍රීඩකයන් මෙන් ඔබ දඟ පන්දු හමුවේ ඉතා හොඳ ක්‍රීඩකයෙකු වුනා. එම තත්වයන් තුළ ඔබ දවා ගැනීම ඉතා අපහසු වුනා. ඉනිමේ මුල් කාලයේ දී වේගපන්දු යවන්නන්ට අවස්ථාව තිබුනත්, ඔබ ස්ථාවර වුනාට පස්සේ ඔබව කවදාවත් දවා ගන්න බැහැ. ඔබව දවා ගන්න ගොඩක් අමාරු වුනේ දක්ෂතාවය, හැකියාව වගේම ඔබට වැඩි කාලයක් පන්දුවට පහ රදෙන්න පුළුවන් නිසා.

කවුරුහරි ඒක ප්‍රශ්න කරනවා නම් ඔවුන්ට මතක තබා ගත යුත්තේ 2006 දී ඔබ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ලකුණු 374. ඔබට වෙනත් ඕනෑම කෙනෙකුට වඩා දිගු කාලයක් පිටියේ එකේ රැඳී ඉඳලා විශාල ලකුණු ලබා ගත හැකි බව පෙන්වුවා.

පන්දු රැකීමේ දී, විශේෂයෙන්ම slip ක්‍රීඩකයෙක් විදිහට ඔබ විශිෂ්ට දක්ෂතා දැක්වූවා.  ඔබට එහි ඉඳලා සිට දවස පුරාම උඩපන්දු ලබා ගන්න පුළුවන්. ඔබ silly point වලදිත්  ඉතා දක්ෂ වුනා. ඒකට මගේ මිත්‍රයා, මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මම ටෙස්ට් ක්‍රිකට් වල ගොඩක් පන්දු යැව්ව. ඒ නිසා ඔබ මගේ පන්දු යැවීමෙන් උඩපන්දු ගොඩක් ගත්තා. මගේ අවසන් කඩුල්ල ලබා ගැනීමට ඔබ උඩපන්දුව ලබා ගැනීම සුවිශේෂී දෙයක්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වෙනත් පන්දු යවන්නන් සහ පන්දු රකින්නෙකුගේ සංකලනයකට වඩා ‘මුරලිදරන් ගේ පන්දුවක් හමුවේ ජයවර්ධන හට උඩපන්දුවක් ලබාදී දැවී යාම’ සුවිශේෂී වුනා.

ඔවුන් ඔබව ශ්‍රී ලංකා නායකයා ලෙස තෝරා ගැනීමට හේතුව ඔබ විශේෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමයි. නායකයා වෙන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ගොඩක් හිටියට ඔබේ ක්‍රිකට් මොළය නිසා ඔබව තෝරගත්තා. පිටියේ දී අපිව සන්සුන් කරන්න ඔබට පුළුවන් වුනා.

ඔබ ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ චින්තකයන්ගෙන් කෙනෙක්. ඔබ දැනටමත් පුහුණුකරුවෙකු ලෙස දස්කම් දක්වා තිබෙනවා. වසර 20 ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සේවය කර තිබෙනවා. තත්වයන් හසුරුවන්නේ කොහොමද කියලා ඔබට අත්දැකීම් තියනවා.  පුහුණුකරුවෙකු ලෙස හිටියත් ඔබ සෑමවිටම නායකයෙකු ලෙස හිතන්න ඕනේ. ඒ නිසා ඔබ නායකයෙක්ගේ ඉඳන් පුහුණුකරුවෙක් වුන සංක්‍රාන්තිය ඉතා පහසුවෙන් සිදු කිරීම ගැන පුදුම විය යුතු නැහැ.

ක්‍රීඩා කරන කාලයේ අපි ගත්ත විනෝදය දිහා ආපහු හැරිලා බලද්දී, මම ඔබත් එක්ක පිටියේ දී රණ්ඩු වුනා. මට කඩුල්ලක් ගන්න ඕන වුනාම මට බෝලය දෙන්න කියලා මම රණ්ඩු වුනා. සමහර වෙලාවට ඔයාට මේක මට පන්දුව දෙන්න සුදුසු වෙලාව නෙවෙයි කියලා හිතුනත් මම ඔයාට බල කරලා ඔයාට පන්දුව අරන් පන්දු යවන්න උත්සාහ කරනවා. ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ සි දුවන සාමාන්‍ය දේවල්. එය සියලුම පන්දු යවන්නන් කරන දෙයක්. හොඳම දෙය නම් මම ඒ සෑම වෙලාවකම ජයග්‍රහණය කළා.

මම ඔබේ අනාගතයට සුබ පතන්නට කැමතියි. ඒ වගේම කියන්න ඕනේ ඔබේ කාර්‍යය දිගටම කරගෙන යන්න, අත් නොහරින්න. ඔබ ක්‍රීඩකයෙකු ලෙසත් පුහුණුකරුවෙකු ලෙසත් ලබා ඇති දේ පුදුම සහගතයි.

ඔබේ වෘත්තීය ජීවිතය අවසන් වන විට, අපි ඔබව ක්‍රීඩකයෙකු ලෙස සිහිපත් කරන ආකාරයටම පුහුණුකරුවෙකු ලෙසත් අපි ඔබව සිහිපත් කරාවි. ඔබ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සර්වකාලීන විශිෂ්ටයන්ගෙන් කෙනෙක්.

මීට

මුරලි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<