17න් පහළ ක්‍රිකට් සටනේ එක් අසුනක් මහනුවරට

641

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ අවසන් ස්ථානය වෙනුවෙන් පැවති තරගයේ දී, කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කළ සත්කාරක කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 2ක තියුණු ජයක් ලබා ගනිමින් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (23) සමත් වුනා.

කන්ද උඩරටට අභියෝග කළ තෝමසුවන් තවත් පිම්මක් ඉදිරියට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16 දෙනාගේ තරග වටයේ තවත් තරගයක් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගල්කිස්ස…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සංචාරක ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කර මේ තරගයේ දී සියලුම දෙනා දැවී ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 244ක්. එහි දී දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක විනුජ විජයබණ්ඩාර 4 පහර 7ක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තා. ඊට අමතරව දකුණතින් පිතිකරණයේ නිරත වන කනිෂ්ක රන්තිලකගේ 4 පහර 4ක් සමඟින් ලකුණු 45ක් වාර්තා කළා. ආනන්ද විද්‍යාලයේ අවාසනාවකට මෙන් විනුජගේ ශතකය ඔහු හට මඟ හැරී යන විට කනිෂ්කට ද ඔහුගේ අර්ධ ශතකය මඟ හැරී ගියා.

ආනන්ද විද්‍යාලයට ඔවුන්ගේ ඉනිමේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වනතුරු ඔවුන්ගේ කඩුලු සියල්ලම රැක ගැනීමට නොහැකි වූ නිසා ලකුණු 244කට ඔවුන්ගේ ඉනිම සීමා වුනා. පන්දු යැවීමේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ සසිත් හිරුදික කඩුලු 3ක් දවා ගනිද්දී, දඟපන්දු යවන ක්‍රීඩක නිම්නක ජයතිලක, චමිඳු වික්‍රමසිංහ හා තරිඳු හේවගේ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

මහින්ද විද්‍යාලයේ හදගැස්ම වැඩි වෙද්දී රාජකීයයින්ට පහසු ජයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු දක්ෂයින් කල්තියා හඳුනා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ …

ලකුණු 245ක දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියි ආ සාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු පිතිකරුවන් තුන්දෙනා පන්දුවාර 9ක් තුළ එක කඩුල්ලක් පමණක් දවා ගනිමින් වේගවත්ව ලකුණු 69ක් ලබා ගනිමින් ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා.

සාන්ත අන්තෝනුවන් හට සාර්ථක මුල්පෙළ සබඳතා කිහිපයක් ගොඩනඟා ගැනීමට සහය වූ ප්‍රභාත් සචින් හා දයාන් පංකජ පිළිවෙළින් ලකුණු 72ක් හා ලකුණු 55ක් ලබාගෙන සිය විද්‍යාලයේ ලකුණු සටහනට ඉතාමත් හොඳ අඩිතාලමක් ගොඩනැගුවා.

එක් මොහොතක සාන්ත අන්තෝනි විද්‍යාලය පන්දුවාර 25ක් අවසානයේ කඩුලු 4ක් දැවී ගොස් ලකුණු 150ක් ලබාගෙන සිටියත් මැදපෙළ පිතිකරුවන් අතර සාර්ථක සබඳතා වර්ධනය නොවූ නිසා මේ තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ ඉතාමත් තියුණු තරගයක් නිර්මාණය වුනා.

අවසන් පන්දුවාරය දක්වා ක්‍රියාත්මක වූ මේ තරගයේ දී ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 6ක් තුල ලකුණු 8ක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයේ පසුපෙළ පිතිකරුවන් හට සිදු වූ අතර එම අභියෝගයට සාර්ථක ලෙස පිළිතුරු දීමට ද ඔවුන් සමත් වුනා. පන්දු යැවීමේ දී නායක කනිෂ්ක කඩුලු 3ක් දවා ගන්නා විට ජනිඳු ජයවර්ධන කඩුලු 2ක් දවා ගත්තා.

ආනන්ද විද්‍යාලය – 244 (49.1): විනුජ විජයබණ්ඩාර 96, කනිෂ්ක රන්තිලකගේ 45, ජනිඳු ජයවර්ධන 35, සවිඳු බණ්ඩාර 24, සසිත් හිරුදික 3/44, නිම්නක ජයතිලක 2/30, තරිඳු හේවගේ 2/38, චමිඳු වික්‍රමසිංහ 2/51.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය – 247/8 (49.4): ප්‍රභාත් සචින් 72, දයාන් පංකජ 55, ලසිත වේරලගේ 45*, කනිෂ්ක රන්තිලකගේ 3/43, ජනිඳු ජයවර්ධන 2/37.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<