BRC කඩුලු 6කින් ජය ගනිද්දී අනෙක් තරග නිමා වුනේ මෙහෙමයි

390

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (14) අවසන් වූ තරග අතරින් කොළඹ B.R.C. කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ Blue කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. මෙය මෙම සතියේ විසඳුමක් ලැබූ එකම තරගයයි.

අද නිමා වූ තරගවල දී දේශාන් ඩයස් සහ චමිඳු විජේසිංහ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.

සචිත් පතිරණ සහ කමිඳු මෙන්ඩිස් ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ දවසේ වීරයන් බවට පත් වීමට බදුරලිය ක්‍රිකට් සමාජයේ ….

වයස අවුරුදු 19න් පහළ Blue සහ B.R.C.  අතර තරගය

කොළඹ B.R.C. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ B.R.C. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ B.R.C. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් B.R.C. ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා සිටිය හ.

ඔවුන් අද තම ඉනිම ලකුණු 264ක් දක්වා රැගෙන ගිය හ. පෙර දිනයේ නොදැවී ලකුණු 75ක් ලබා සිටි දේශාන් ඩයස් අද තම ශතකය වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව රමින්ද විජේසූරිය අර්ධ ශතකයක් ලබා ගත්තේ ය.

ලකුණු 63ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 173ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 110ක් පිටුපස සිටිමින් ඉනිම ඇරඹූ  B.R.C. කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේ ය.

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (58) උමයංග සුවාරිස් 47, රවිඳු රශාන්ත 47, අවිශ්ක පෙරේරා 22, සඳුන් මෙන්ඩිස් 34, මධුක ලියනපතිරණගේ 5/52, දුවිඳු තිලකරත්න 2/41, මොහොමඩ් ශිරාෂ් 2/54

B.R.C.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 264 (55.2) දේශාන් ඩයස් 109, නිමන්ත ගුණසිරි 35, ලසිත් ලක්ෂාන් 29, රමින්ද විජේසූරිය 59, ලක්ෂාන් ගමගේ 2/36, නුපුන් දනංජය 3/22, රොහාන් සංජය 4/56

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 173 (47.4) නිපුන් දනංජය 42, උමයංග සුවාරිස් 25, සඳුන් මෙන්ඩිස් 24, රවිඳු රශාන්ත 23, මධුක ලියනපතිරණගේ 4/61, දුවිඳු තිලකරත්න 3/36, මොහොමඩ් ශිරාෂ් 2/38

B.R.C.; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 111 (13.3) රමින්ද විජේසූරිය නොදැවී 31, දේශාන් ඩයස් 30, මධුක ලියනපතිරණගේ නොදැවී 29, ඩිල්ශා්න මධුශ්ක 2/26

ශ්‍රී ලංකාව හමුවේ අඩපණ වූ එංගලන්ත ඉනිමට සෑම් පණ පොවයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සනිටුහන් කරමින් සුරංග ලක්මාල් සහ ජෝ රූට් එක්ව අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මැද දී උරගා බැලුණ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.


කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වන විට මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 74ක් ලබා සිටිය හ. අද ඔවුන් තම ඉනිම අවසන් කළේ සියලුම දෙනා දැවී ලකුණු 288ක් ලබා ගනිමිනි.

එම ඉනිමේ දී කේශාන් විජේරත්න (57) සහ රමේෂ් මෙන්ඩිස් (51) අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

ලකුණු 95ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබා සිටිය හ. එම ඉනිමේ දැවී ගිය කඩුලු 5 ම ලබා ගැනීමට චනුක ඩිල්ශාන් සමත් විය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (56.3) සමීර සඳමාල් 27, ජනිෂ්ක ධර්මසිරි 21, දුලාජ් රණතුංග 50, රත්තර විතාන 4/29, චනුක ඩිල්ශාන් 2/39

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (86.1) ඉරෝෂ සමරසිංහ 41, අදීශ තිලාන්චන 45, රමේෂ් මෙන්ඩිස් 51, කේශාන් විජේරත්න 57, උමේෂ් කසුන් 31, ඉෂාන් අබේසේකර 3/63, තුසිත ද සොයිසා 2/72

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 175 (78) චනුක ඩිල්ශාන් 5/36


බදුරලිය ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රිකට් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 332ක් ලබා සිටිය දී ඉනිම අතහැර ප්‍රතිවාදීන්ට අවස්ථාව ලබා දුන් අතර තරගයේ පළමු දිනය අවසන් වෙන විට ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 42ක් ලබා සිටිය හ. ඔවුන් තම පළමු ඉනිමට අද දිනයේ දී ක්‍රීඩා කරමින් ලබා ගත්තේ ලකුණු 179ක් පමණි.

එම ඉනිමේ දී සමීන් කඳනාරච්චි ලකුණු 71ක් ලබා ගත්තේ ය.

බදුරලිය ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පිටියට පිවිසෙමින් කඩුලු 2ක් දැවී ලකුණු 62ක් ලබා සිටිය දී ඉනිම් අත්හිටවන අතර ජයග්‍රහණය වෙනුවෙන් ගාලු ක්‍රීඩකයන්ට ලකුණු 206ක ඉලක්කයක් ලබා දුනි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගය අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී ද කඳනාරච්චි ලකුණු 44ක් ලබා ගන්නේ ය.

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 332 (63) සචිත් පතිරණ 102, නදීර නාවල 88, සාලින්ද උෂාන් 31, පැතුම් මධුශංක23, ලහිරු සමරකෝන් 37, රජිත ප්‍රියාන් 2/48

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 179 (51.4) සමීන් කඳනාරච්චි 71, අකලංක ගනේගම 38, ලහිරු සමරකෝන් 4/35, ශිරාන් රත්නායක 3/14, නුවන් තුෂාර 2/29

බදුරලිය ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 62 (11) සළිඳු උශාන් නොදැවී 23, සචිත් පතිරණ 23

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 136 (36) සමීන් කඳනාරච්චි 47, ශෂික දුල්ශාන් නොදැවී 22, ලහිරු සමරකෝන් 4/41

>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<


ලංකන් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු ඉනිමේ ජය කෝල්ට්ස් ක්‍රීඩකයෝ සතු විය.

කාසියේ වාසිය දිනූ ලංකන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 245ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වෙන විට කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියේ ය.  

අද ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 293ක් ලබා ගත්තේ ය. එම ඉනිමට අර්ධ ශතක 3ක් එක් වීම කැපී පෙණුනි. ඒ කවිශ්ක අංජුල (56), හෂාන් දුමිදු (52) සහ පසිඳු ඉසිර (70) ය. පන්දු යැවීමේ දී දුලංජන මෙන්ඩිස් ලකුණු 90කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

ලකුණු 48ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ලංකන් ක්‍රීඩකයෝ තරගය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 89ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් මදුරංග සොයිසා නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (78.4) සංජුල අබේවික්‍රම 74, ශිෆ්රාන් මොතාලිස් නොදැවී 53, හිරුණ සිගේරා 41, රාජු ගයාෂාන් 23, හර්ෂ රාජපක්ෂ 5/17, කවිශ්ක අංජුල 2/42

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 293 (73.4) පසිඳු ඉසිර 70, කවිශ්ක අංජුල 56, හෂාන් දුමිඳු 52, සධීර සමරවික්‍රම 36, නිශාන් මධුශංක 32, දුලාංජන මෙන්ඩිස් 6/90, අයන්ත ද සිල්වා 2/58

ලංකන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 89 (24) මධුරංග සොයිසා නොදැවී 51, නිසල තාරක 2/06

ධර්මපාල දඟයෝ තර්ස්ටන් මට්ටු කරයි ද?

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් ….


රාගම සහ වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම අතර තරගය

කොළඹ මූවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 182ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටිය හ. අද ඔවුන් තම ඉනිම නිමා කළේ ලකුණු 308ක් ලබා ගනිමිනි.

එම ඉනිමේ දී චමිඳු විජේසිංහ ලකුණු 116ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දිලුම් සුධීර ද ලකුණු 46ක් ලබා ගත්තේ ය.

ලකුණු 120ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිස රාගම ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට සියලුම දෙනා දැවී ලකුණු 211ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී ප්‍රතිවාදී ක්‍රීඩක අශේන් ඩැනියෙල් ලකුණු 106කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (51.4) දිනෙත් හේවාතන්ත්‍රී 77, නිශාන් පීරිස් 33, අලි ඛාන් නොදැවී 24, අශේන් ඩැනියෙල් 5/52, අශාන් ඩිල්හාර 2/37, දිලුම් සුධීර 2/39

වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (87.2) පවන් රත්නායක 23, මුදිත ලක්ෂාන් 26, චමිඳු විජේසිංහ 116, දිලුම් සුධීර 46, අශේන් දිල්හාර 29, යුශාන් මලිත් 4/78, සහන් නානාක්කාර 4/95

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 211 (52) දිනෙත් හේවාතන්ත්‍රී 37, ෂෙහාන් ප්‍රනාන්දු 32, ශමින්ද ප්‍රනාන්දු 28, අසින්ත ජයසූරිය 28, අශේන් ඩැනියෙල් 5/106, දිලුම් සුධීර 3/67, මුදිත ලක්ෂාන් 2/13


කළුතර නාගරික ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව විසඳුණ ද පළමු  ඉනිමේ ප්‍රසාද ලකුණු බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සතු විය.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 99කට සීමා විය. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ පෙර දිනය අවසන් වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා සිටිය හ. අද ඔවුන් තම පළමු ඉනිම නිමා කළේ ලකුණු 206ක් ලබා ගනිමිනි.

ලකුණු 107ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි කළුතර නාගරික ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 218ක් රැස් කළහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ගීත් පෙරේරා ය. ඔහු ලකුණු 43ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී දිලීප ජයලත් ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

බ්ලුම්ෆීල්ඩ් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 112ක ඉලක්කයක් වෙනුවෙන් දෙවැනි ඉනිමට පිටියට පිවිසිය ද තරගය අවසන් වෙන විට ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 56ක් පමණි.

කළුතර නාගරික සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (35.2) රවිඳු කොඩිතුවක්කු 28, ඇන්ඩෘ ෆෙරිස් 4/19, ඉම්රාන් ඛාන් 3/18, තරිඳු කරුණාරත්න 3/28

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (69.4) සචින් ජයවර්ධන 90, කසුන් අබේනායක 27, ඇන්ඩෘ ෆෙරිස් 29, අරවින්ද ප්‍රේමරත්න 22, එරංග රත්නායක 2/33, මතීෂ පෙරේරා 3/56, ගීතාල් ප්‍රනාන්දු 2/23

කළුතර නාගරික සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 218 (52.5) ගීත් පෙරේරා 43, රවිඳු සංජය 29, මතීෂ පෙරේරා 28, ලක්ෂාන් ජයසිංහ නොදැවී 21, දීලීප ජයලත් 4/46, අරවින්ද ප්‍රේමරත්න 3/18

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 56 (15) අසේල් සිගේරා නොදැවී 28


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා ක්‍රිකට් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පෙර දිනයේ සියලුම දෙනා දැවී ලකුණු 249ක් ලබා සිටි අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 20ක් ලබා සිටිය හ. අද ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 246ක් ලබා ගත් හ.

එම ඉනිමේ දී රොස්කෝ තටිල් ලකුණු 48ක් ලබා ගත්තේ ය.

දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිස ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 11ක් ලබා සිටිය හ. එහි දී රොස්කෝ තටිල් ලකුණු 02කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (78.5) කමිඳු මෙන්ඩිස් 107, දමිත් සිල්වා 32, තරංග පරණවිතාන 32, ලහිරු මිලන්ත 24, රවිඳු සංජන 4/67, රොස්කෝ තටිල් 2/16

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 246 (78.5) රොස්කෝ තටිල් 48, චාමිකර හේවගේ 37, සංජු ජයසේකර 35, සම්පත් පෙරේරා 28, තිලංග උදේශන 3/36, දිනුක් වික්‍රමානයක 2/27, කමිඳු මෙන්ඩිස් 2/60

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 11 (5.4) රොස්කෝ තටිල් 3/20


පානදුර ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය

පානදුර නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (14) ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 245ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මීගමුව ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 89ක් ලබා සිටිය හ.

පානදුර ඉනිම වෙනුවෙන් විශ්ව චතුරංග ලකුණු 99කට දැවී යමින් තම ශතකය අවාසනාවන්ත ලෙස අහිමි කර ගත්තේ ය. තරුෂ ප්‍රනාන්දු ලකුණු 55ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී ෂෙහාන් ජයසූරිය කඩුලු 5ක් ලබා ගත්තේ ය.

මීගමුව ඉනිමේ දී ලසිත් කෘස්පුල්ලේ නොදැවී ලකුණු 46ක් ලබා සිටියේ ය.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (62.5) විශ්ව චතුරංග 99, තරුෂ ප්‍රනාන්දු 55, තිමිර ජයසිංහ 25, නුවනිඳු ප්‍රනාන්දු 22, චරණ නානායක්කාර 20, ෂෙහාන් ජයසූරිය 5/48, සඳකැන් පතිරණ 3/87

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 89 (26) ලසිත් කෘස්පුල්ලේ නොදැවී 46, ෂෙහාන් ජයසූරිය 32, අමිත කෞෂල්‍ය 3/87

මෙම තරගය හෙට (15) දෙවැනි දිනට ක්‍රියාත්මක වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<