ධර්මපාල දඟයෝ තර්ස්ටන් මට්ටු කරයි ද?

172

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (14) පන්නිපිටිය ධර්මපාල විදුහල් ක්‍රිකට් පිටියේ දී කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය අතර පැවැත්විය.

තරගයේ පළමු දිනය අවසන් වෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 85ක් ලබාගෙන සිටියේ ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිමට වඩා ලකුණු 72ක් පසුපසින් සිටිමින් ඉතාමත් අසීරු තත්වයකට මුහුණ දෙමිනි.

භානුක හා සන්තුෂ්ගේ සබඳතාවය නාලන්දාවට අභියෝග කරයි

පාසල් ක්‍රිකට් පිටිය ක්‍රමයෙන් උණුසුම් කරවනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ..

‘D කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලයේ ආරාධනාවෙන් පළමුව පිටියට පැමිණි ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් වමතින් පිතිකරණයේ නිරත වන මලිත් සඳකැලුම් පන්දු 89කට මුහුණ දෙමින් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 54ක් ලබා ගත්තේ ධර්මපාල විද්‍යාලයීය පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි.

ඊට අමතරව ඔහුට සහය ලබා දුන් විහඟ ගුණරත්න හා ලක්ෂිත පූරසිංහ පිළිවෙළින් ලකුණු 21ක් බැගින් තර්ස්ටන් විද්‍යාලයේ පන්දු යවන්නන්ට එරෙහිව වාර්තා කළහ. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 157ක් වන අතර පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සඳරු ඩයස් ලකුණු 43ක් තුළ ධර්මපාල පිතිකරුවන් 6 දෙනෙකු සිය ග්‍රහණයට ලක්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව හමුවේ අඩපණ වූ එංගලන්ත ඉනිමට සෑම් පණ පොවයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භය සනිටුහන්..

ධර්මපාල විද්‍යාලයේ පිතිකරුවන්ගේ ඉනිම අවසන් වූ වහාම සිය පිළිතුරු පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණි තර්ස්ටන් විද්‍යාලයේ පළමු කඩුල්ල පළමු පන්දුවාර කිහිපය තුල දවා ගැනීමට ධර්මපාල ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් රනේෂ් සිල්වා ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් තර්ස්ටන් විද්‍යාලයේ කඩුලු රැකගෙන පිතිකරණයේ නිරත වීමට විශාල ලෙස වෙහෙස මහන්සි විය.

කෙසේ නමුත් පළමු දිනයට තරගය නවතා දමන විට එක් 4 පහරක් සමඟ නොදැවී ලකුණු 24*ක් ලබා ගැනීමට රනේෂ් සමත් වූයේ ලකුණු 85ක් දක්වා ඔවුන්ගේ විද්‍යාලයීය පළමු ඉනිම ඔසවා තබමිනි.

කෙසේ නමුත් ඒ වන විට ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුවේ ප්‍රබල මුල්පෙළ කඩුලු 7ක් දැවී ගොස් තිබීම පළමු දිනයේ වැඩි වාසිය ධර්මපාල විද්‍යාලයේ නමට ඉදිරියෙන් සටහන් කිරීමට දැඩි ලෙස හේතු වන්නට විය. ඒ සඳහා පන්දු යැවීමෙන් දායක වූ ඩිල්ශාන් ද සිල්වා හා ලක්ෂිත පූරසිංහ අතරේ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් බෙදී යන ලදි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 157 (51): මලිත් සඳකැලුම් 54, විහඟ ගුණරත්න 21, ලක්ෂිත පූරසිංහ 21, සඳරු ඩයස් 6/43.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 85/7 (42): රනේෂ් සිල්වා 24*, ඩිල්ශාන් ද සිල්වා 3/14, ලක්ෂිත පූරසිංහ 2/13.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය හෙට (15) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <