ලෙවැන්ඩොව්ස්කිට Barca වෙතින් ආරාධනයක්

145

පෝලන්ත ජාතික ප්‍රබල ඉදිරිපෙළ ප්‍රහාරක රොබට් ලෙවැන්ඩොව්ස්කි හට ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජයෙන් ආරාධනයක් ලැබී තිබෙනවා. ඒ ජර්මානු ලීග් ශූර බයර්න් මියුනික් කණ්ඩායම අතහැර තමන් වෙත පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් මෙතෙක් බයර්න් කණ්ඩායම ඊට ප්‍රතිචාරයක් දක්වා නැහැ. බාසිලෝනා සභාපති ජොආන් ලපොර්තා පවසන්නේ බයර්න් කණ්ඩායමෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු තම කණ්ඩායම බලා සිටින බවයි.

33 හැවිරිදි ලෙවැන්ඩොව්ස්කි 2014 වසරේ සිට බයර්න් මියුනික් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. පසුගිය මැයි මාසයේ දී ඔහු පැවසුවේ බයර්න් සමඟින් ආ ගමන අවසන් බවයි.

බාසිලෝනා සභාපති ජොආන් ලපොර්තා පවසන්නේ,

අපි ක්‍රීඩකයාට මුදලක් පිරිනමන්නට එකඟ වී තිබෙනවා. ප්‍රතිචාරයක් එනතුරු අප බලා සිටිනවා. බලමු ඒක යහපත් එකක් ද කියලා.”, යනුවෙන්.

බයර්න් කණ්ඩායම හා අත්සන් කළ ගිවිසුමට අනුව ලෙවැන්ඩොව්ස්කි හට තවත් අවුරුද්දක් පුරා එහි රැඳිය හැකියි. ඔහු වෙනුවෙන් බාසිලෝනා ක්‍රීඩා සමාජය ගෙවන්නට සූදානම් මුදල හරියටම ප්‍රකාශ කොට නැතත්, වාර්තා වන පරිදි එය බ්‍රිතාන්‍ය පවුම් මිලියන 33.8කට වැඩි බව පැවසෙනවා.

බයර්න් කණ්ඩායම වෙනුවෙන් වසර 8කදී සහභාගී වූ තරග 252ක දී ගෝල 238ක් වාර්තා කිරීමට ලෙවැන්ඩොව්ස්කි සමත්ව තිබෙනවා. එම 8 වසර පුරාම ජර්මානු පාපන්දු ලීගයේ (Bundesliga) ශූරතාවය දිනා ගත්තේ බයර්න් මියුනික් කණ්ඩායමයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<