සචිත් පතිරණ සහ කමිඳු මෙන්ඩිස් ශතක ලබා ගනී

1233

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ දවසේ වීරයන් බවට පත් වීමට බදුරලිය ක්‍රිකට් සමාජයේ සචිත් පතිරණ සහ ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයේ කමිඳු මෙන්ඩිස් සමත් විය.

සචිත් පතිරණ ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 102ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම පන්දු 79ක දී වාර්තා වූ අතර හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුලත් විය. කමිඳු මෙන්ඩිස් පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 107ක් ලබා ගත්තේ ය.

තරිඳු සහ රොහාන් සංජයගෙන් සුපිරි පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (11) නිමා වූ තරගවලින් එස්. එස්. සී. සහ සී. සී. සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් දිනය අවසන් වෙන විට මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 74ක් ලබා සිටිය හ.

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ කුරුණෑගල යොවුන් සමාජයේ දුලාජ් රණතුංග ය. ඔහු ලකුණු 50ක් ලබා ගත්තේ ය.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (56.3) සමීර සඳමාල් 27, ජනිෂ්ක ධර්මසිරි 21, දුලාජ් රණතුංග 50, රත්තර විතාන 4/29, චනුක ඩිල්ශාන් 2/39

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 74 (15.1) ඉරෝෂ සමරසිංහ 41, අදීශ තිලාන්චන නොදැවී 19


වයස අවුරුදු 19න් පහළ Blue සහ B.R.C.  අතර තරගය

කොළඹ B.R.C. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ B.R.C. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් B.R.C. ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා සිටිය හ.

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් උමයංග සුවාරිස් සහ රවිඳු රශාන්ත ලකුණු 47 බැගින් රැස් කළ හ. B.R.C. කණ්ඩායම වෙනුවෙන් දේශාන් ඩයස් නොදැවී ලකුණු 75ක් ලබා ගත්තේ ය.

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (58) උමයංග සුවාරිස් 47, රවිඳු රශාන්ත 47, අවිශ්ක පෙරේරා 22, සඳුන් මෙන්ඩිස් 34, මධුක ලියනපතිරණගේ 5/52, දුවිඳු තිලකරත්න 2/41, මොහොමඩ් ශිරාෂ් 2/54

B.R.C.; කඩුලු 4ක් දැවී 171 (32) දේශාන් ඩයස් නොදැවී 75, නිමන්ත ගුණසිරි 35, ලසිත් ලක්ෂාන් 29, ලක්ෂාන් ගමගේ 2/19

එකට එක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන සංචාරයේ…

බදුරලිය ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රිකට් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 332ක් ලබා සිටිය දී ඉනිම අතහැර ප්‍රතිවාදීන්ට අවස්ථාව ලබා දුන් හ.

ඒ අනුව පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ දිනය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 42ක් ලබා සිටිය හ.

බදුරලිය ඉනිමේ දී සචිත් පතිරණ ලකුණු 102ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නදීර නාවල නොදැවී ලකුණු 88ක් ලබා ගත්තේ ය.  

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 332 (63) සචිත් පතිරණ 102, නදීර නාවල 88, සාලින්ද උෂාන් 31, පැතුම් මධුශංක23, ලහිරු සමරකෝන් 37, රජිත ප්‍රියාන් 2/48

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 42 (16) ශිරාන් රත්නායක 2/06, නුවන් තුෂාර 2/10

ලංකන් ක්‍රිකට් සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ලංකන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගනිමින් දිනය අවසන් වෙන විට සියලු දෙනා දැවී ලකුණු 245ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියේ ය.  

ලංකන් ඉනිමේ දී සංජුල අබේවික්‍රම ලකුණු 74ක් ලබා ගනිමින් කැපී පෙනෙන පිතිකරු විය. ඊට අමතරව ශිෆ්රාන් මොතාලිස් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ ය.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (78.4) සංජුල අබේවික්‍රම 74, ශිෆ්රාන් මොතාලිස් නොදැවී 53, හිරුණ සිගේරා 41, රාජු ගයාෂාන් 23, හර්ෂ රාජපක්ෂ 5/17, කවිශ්ක අංජුල 2/42

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 21 (9)


රාගම සහ වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම අතර තරගය

කොළඹ මූවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 182ක් ලබා ගත් හ. දිනය අවසන් වෙන විට පිළිතුරු ලෙසින් වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටිය හ.

රාගම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දිනෙත් හේවාතන්ත්‍රී ය. ඔහු ලකුණු 77ක් ලබා ගත්තේ ය.

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 182 (51.4) දිනෙත් හේවාතන්ත්‍රී 77, නිශාන් පීරිස් 33, අලි ඛාන් නොදැවී 24, අශේන් ඩැනියෙල් 5/52, අශාන් ඩිල්හාර 2/37, දිලුම් සුධීර 2/39

වයස අවුරුදු 19න් පහළ Red කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 121 (41) පවන් රත්නායක 23, මුදිත ලක්ෂාන් 26, යුශාන් මලිත් 2/13, සහන් නානාක්කාර 2/27

තවත් හිටපු ක්‍රීඩකයෙකුට දූෂණ විරෝධි චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 3ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව…

කළුතර නාගරික ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ දී කළුතර නාගරික ක්‍රීඩා සමාජය ලකුණු 99කට දවා ගැනීමට බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා සිටිය හ.

බ්ලුම්ෆීල්ඩ් ඉනිම වෙනුවෙන් සචින් ජයවර්ධන ලකුණු 90ක් ලබා ගත්තේ ය.

කළුතර නාගරික සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (35.2) රවිඳු කොඩිතුවක්කු 28, ඇන්ඩෘ ෆෙරිස් 4/19, ඉම්රාන් ඛාන් 3/18, තරිඳු කරුණාරත්න 3/28

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 162 (52) සචින් ජයවර්ධන 90, කසුන් අබේනායක 27, එරංග රත්නායක 2/33, මතීෂ පෙරේරා 2/46


ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ගුවන් හමුදා ක්‍රිකට් නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 242ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 20ක් ලබා සිටිය හ.

ටැමිල් යූනියන් ඉනිමේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු 107ක් ලබා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (78.5) කමිඳු මෙන්ඩිස් 107, දමිත් සිල්වා 32, තරංග පරණවිතාන 32, ලහිරු මිලන්ත 24, රවිඳු සංජන 4/67, රොස්කෝ තටිල් 2/16

ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 20 (9)

මෙම සියලු තරග හෙට (14) දිනයේ දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <