ඩිල්රුවන්ගෙන් තුන් ඉරියව් දක්ෂතා

Major Clubs Limited Over Tournament 2022

2806

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (07) තරග දෙකක් පැවති අතර එහි දී Tamil Union නියෝජනය කරන ඩිල්රුවන් පෙරේරා තුන් ඉරියව් දක්ෂතා දක්වමින් දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුනා.

ඔහු Saracensට එරෙහිව ආරම්භක පිතිකරු ලෙස පිටියට එක්වෙමින් පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් රැස් කරගත්තා. පන්දු යැවීමේ දී තම පන්දුවාර 10 ලකුණු 35කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගැනීමට ද ඔහු සමත් වුනා.

එම දක්ෂතාත් සමඟින් Group A කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත්වීමට Tamil Unionට හැකි වුනා.

මේ අතර අද පැවති තරගවල දී Tamil Union හි සිතාර හපුහින්න සහ Ace Capital හි සකුණ ලියනගේ අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දවසේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කිරීමට වමතින් දඟපන්දු යවන Tamil Union ක්‍රීඩක දිලුම් සුධිර සමත් වුනා. ඔහු Saracensට එරෙහිව ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව Baduraliya කණ්ඩායමේ චතුරංග සිල්වා Ace Capitalට එරෙහිව ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තා.


Tamil Union C & AC සහ Saracens CC අතර තරගය P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

Tamil Union – සියලු දෙනා දැවී 260 (50): සිතාර හපුහින්න 51, ඩිල්රුවන් පෙරේරා 75, සංතුශ් ගුණතිලක 39, සඳුන් මෙන්ඩිස් 2/42, ආකාශ් සේනාරත්න 2/46, තවීෂ අභිශේක් 2/49.

Saracens – සියලු දෙනා දැවී 120 (32.1): සිතාර ගිම්හාන් 28, සඳුන් මෙන්ඩිස් 37,  දිලුම් සුධීර 4/32, ප්‍රමෝද් මධුශාන් 2/23, ඩිල්රුවන් පෙරේරා 3/35.

Tamil Unionට ලකුණු 140ක ජයක්.

Ace Capital CC සහ Baduraliya SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

Ace Capital – සියලු දෙනා දැවී 234 (47.5): සකුණ ලියනගේ 61, තනුක දාබරේ 32, ෂෙහාන් ප්‍රනාන්දු 21, අමිත දාබරේ 41, චතුරංග සිල්වා 4/65, අනුක් ප්‍රනාන්දු 3/48.

Baduraliya – සියලු දෙනා දැවී 214 (50): රනේෂ් සිල්වා 49, Zahid Mansoor 43, අනුක් ප්‍රනාන්දු 43, මළිඳු මධුරංග 45, සිතුම් දිසානායක 2/26, චානක දේවින්ද 3/41, නිමසර අතරගල්ල 3/49.

Ace Capitalට  ලකුණු 20ක ජයක්.

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (08) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<