මාලිංගගේ පන්දුකරණයෙන් එන්. සී. සී අවසන් සටනට; වීරයා වනිඳු

1385

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (7) කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී පැවැත්විය. එම තරගවලින් ජයග්‍රහණය ලබාගත් සී. සී. සී කණ්ඩායම හා  එන්. සී. සී. කණ්ඩායම අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගන්නා ලදි.

හසිත බෝයගොඩ ආනන්ද සිහින බොඳ කරයි

වයස අවුරුදු 19න් පහළ ලෝක වාර්තාලාභී හසිත බෝයගොඩ හා ඔහුට මනා සහයක් දුන් තිසරු දිල්ශාන්ගේ…

කොළඹ ක්‍රිකට් සමාජය (CCC) හා ටැමිල් යූනියන්

කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් කණ්ඩායම් නායක කිත්රුවන් විතානගේ පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදී කොළඹ ක්‍රිකට් සමාජයට ඇරයුම් කළේය.

කොළඹ ක්‍රිකට් සමාජයේ ආරම්භක පිතිකරුවන් යුගලය වන ඩිල්ශාන් මුණවීර හා සචිත් පතිරණ හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයින් ඉඩ නොදුන් අතර ලකුණු 27කට කඩුලු 3ක් දැවී තිබුණු මොහොතේ පිටියට පිවිසි දකුණතින් පිත්ත හසුරුවන වනිඳු හසරංග හා මාධව වර්ණපුර ලකුණු 72ක අගනා සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

එහි දී CCC ඉනිමේ වීරයා බවට පත්වූ වනිඳු පන්දු 41ක් තුළ 4 පහර 7ක් හා 6 පහර 4ක් එල්ල කරමින් වටිනා ලකුණු 74ක් ලබා ගන්නා ලදි. මාධව හා ලහිරු මදුසංක පිළිවෙළින් ලකුණු 35ක් හා ලකුණු 25*ක් ලබාගෙන CCC ඉනිම ලකුණු 173ක් දක්වා රැගෙන යාමට සමත් විය. බිනුර ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ටැමිල් යූනියන් කණ්ඩායම ලකුණු 131කට සීමා කිරීමට සචිත් පතිරණ ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් විය. මනෝජ් සරත්චන්ද්‍ර හා නායක කිත්රුවන් විතානගේ ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් යම් ලකුණු ප්‍රමාණයක් රැස්කිරීමට සමත් වුවත්, අශාන් ප්‍රියන්ජන් ඇතුළු CCC ක්‍රීඩකයින් අනෙකුත් ටැමිල් යූනියන් පිතිකරුවන් මනාව පාලනය කරන ලදි. පන්දු යැවීමේ දී සචිත් පතිරණ ලකුණු 17කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

කොළඹ ක්‍රිකට් සමාජය – 173/6 (20): වනිඳු හසරංග 74, මාධව වර්ණපුර 35, ලහිරු මදුසංක 25*, බිනුර ප්‍රනාන්දු 2/15, ප්‍රමෝද් මදුෂාන් 2/39.

ටැමිල් යූනියන් – 131 (18.2): මනෝජ් සරත්චන්ද්‍ර 35, කිත්රුවන් විතානගේ 26, සචිත් පතිරණ 4/17.

තරග ප්‍රතිඵලය – කොළඹ ක්‍රිකට් සමාජයට ලකුණු 42ක ජයක්

හතේ හත වැදී සිටි ලංකාවට කුසල් පිහිට වුන හැටි

අවසන් වසර 2ක කාලය තුල දී විස්සයි විස්ස තරග අංශයේ දී ඉන්දියාව හමුවේ හතේ හත වැදී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ…

එන්. සී. සී හා යුද හමුදා ක්‍රීඩා සමාජය

අද දිනයේ පැවැත්වූ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය වූ මෙහි කාසියේ වාසිය දිනාගත් යුද හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලියෝ ෆ්‍රැන්ස්කෝ හා අශාන් රන්දික හට සාර්ථක ආරම්භයක් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ගොඩනැංවීමට නොහැකි වූයේ සුපිරි වේගපන්දු යවන  ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු නිසාවෙනි. ලකුණු 58ක් වන විට යුද හමුදා පිතිකරුවන් අඩක් ක්‍රීඩාගාරයේ විවේක සුවයෙන් සිටි මොහොතක දී යුද හමුදා මැදපෙළ යම් මට්ටමකට සවිමත් කළ හිමාෂ ලියනගේ ඉවසිලිවන්තව සිය ඉනිම ලකුණු 23ක් දක්වා රැගෙන ගියේය. අවසානයේ හිමාෂ දුවද්දී දැවී යාමකට හසුවී කඩුල්ල හැර යන ලදි. මෙම තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් ඔවුන්ගේ කඩුලු 4ක් දුවද්දී දැවී යාම් වීමයි. දක්ෂ ලෙස පන්දු යැවූ මාලිංග  ලකුණු 14කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ලකුණු 103ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එන්. සී. සී කණ්ඩායම වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන නිරෝෂන් දික්වැල්ල හා භානුක රාජපක්ෂ පළමු කඩුල්ලට වේගවත් ලකුණු 36ක සබඳතාවයක් වර්ධනය කර ගත්හ. ලකුණු 27ක් ලබා සිටි දික්වැල්ලව නුවන්ත රත්නායක විසින් දවා ගන්නා ලදි. මැදපෙළ සවිමත් කළ ලහිරු උදාර දැකුම්කළු 4 පහර 3ක් සමඟ ලකුණු 27කට දැවී ගියේ ජානක සම්පත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි. අවසානයේ නායක ඇන්ජලෝ පෙරේරා හා චතුරංග ද සිල්වා එක්ව එන්. සී. සී. කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වූහ. භානුක රාජපක්ෂ ලකුණු 25යි.

යුද හමුදාව – 102 (17.1): හිමාෂ ලියනගේ 23, ජනිත් චතුරංග 16, ලක්ෂාන් එදිරිසිංහ 16, ලසිත් මාලිංග 3/14.

එන්. සී. සී – 108/4 (14.2): නිරෝෂන් දික්වැල්ල 27, ලහිරු උදාර 27, භානුක රාජපක්ෂ 25,

තරග ප්‍රතිඵලය – එන්. සී. සී  කණ්ඩායමට කඩුලු 6ක ජයක්

කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

පන්දු 37ක දී කුසල් පෙරේරා රැස් කරන ලද ලකුණු 66ක අනුකම්පා විරහිත ඉනිම ප‍්‍රධාන කොට, 70 වැනි නිදහස සැමරීම නිමිත්තෙන්…

මෙම තරගාවලියේ අවසන් මහා තරගය සී. සී. සී කණ්ඩායම හා එන්. සී. සී කණ්ඩායම අතර හෙට (8) උදෑසන 10 සිට පී. සරා පිටියේ දී පැවැත්වේ. අවසන් මහා තරගය ThePapare.com හරහා මෙන්ම ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MyTV ඔස්සේ ද සජීව ලෙස නැරඹීමට හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<