ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (12) නිමා වූ තරගවල දී කැපී පෙණෙන පන්දු යැවීම්වල නිරත විමට සුගන්දිකා කුමාරි සහ රිශ්මි සංජනා සමත් වුනා.
Army කණ්ඩායම නියෝජනය කරන වමතින් දඟ පන්දු යවන සුගන්දිකා කුමාරි BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 7කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර Panadura කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන රිශ්මි සංජනා NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව අද දවසේ දී තවත් කැපී පෙණෙන පන්දු යැවීම් හී නිතර වීමට ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් ම සමත් වුවා. ඒ අනුව NCC කණ්ඩායමේ ඉමාෂා චලනි Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 5කට කඩුලු 5ක් ද, Chilaw Marians කණ්ඩායමේ සචිනි නිසංසලා Galle කණ්ඩායමට එරෙහි ව ලකුණු 8කට කඩුලු 4ක් ද සහ Navy කණ්ඩායමේ ඉනෝකා රණවීර ACE Capital කණ්ඩායමට එරෙහි ව ලකුණු 14කට කඩුලු 5ක් ද දවා ගත්තා.
මේ අතර අද දවසේ දී පිටියට පිවිසි පිතිකාරිනියන් අතුරින් කැපී පෙණෙන දක්ෂතා දැක් වීමට ආරම්භක පිතිකාරිනියන් වූ රශ්මි නේත්‍රාංජලී සහ විශ්මි ගුණරත්න සමත් වුනා. ඒ අතුරින් Baduraliya කණ්ඩායම නියෝජනය කරන රශ්මි නේත්‍රාංජලී CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් වූවා.
ඊට අමතර ව CCC කණ්ඩායම නියෝජනය කරන විශ්මි ගුණරත්න Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
- චමරි තවදුරටත් UP Warriorz සමඟ රැඳෙයි
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
- බංග්ලාදේශය වේලාසනින් ම තරගාවලිය දිනා ගනී
- බංග්ලාදේශයට ලකුණු 104ක ජයක්
තරගයේ කෙටි ලකුණු සටහන් පුවරු
Chilaw Marians CC සහ Galle CC අතර තරගය, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
Galle CC – කඩුලු 9ක් දැවී 22 (25.0) පුන්සරා ප්‍රබෝධා 5, කාව්‍යා කාවින්දි 2/03, සඳුනි නිසංසලා 2/02, සචිනි නිසංසලා 4/08
Chilaw Marians CC – කිසිවෙක් නොදැවී 25 (3.0) කාව්‍යා කාවින්දි නොදැවී 14, මල්ශා මධුශානි නොදැවී 10
Chilaw Marians කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
Navy SC සහ ACE Capital CC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
ACE Capital CC – සියලුම දෙනා දැවී 67 (22.0) හෂිනි ඉන්ද්‍රජිත් 18, ජනාදි අනාලි 21, ඉනෝකා රණවීර 5/14, රශ්මි සිල්වා 3/15
Navy SC – කඩුලු 2ක් දැවී 68 (15.2) හසිනි පෙරේරා 19, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 30, හංසිමා කරුණාරත්න නොදැවී 17
Navy කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
BRC සහ Army SC අතර තරගය, කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.
BRC – සියලුම දෙනා දැවී 60 (33.0) උමයංගනා පීරිස් 18, සුගන්දිකා කුමාරි 6/07, නිමාශා මධුශානි 2/13
Army SC – කඩුල්ලක් දැවී 63 (11.1) අනුශ්කා සංජීවනී නොදැවී 34, ඉමල්කා මෙන්ඩිස් 21
Army කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
SSC සහ Tamil Union C & AC අතර තරගය, කොළඹ 7, SSC ක්‍රීඩාංගණයේ දී.
Tamil Union C & AC – සියලුම දෙනා දැවී 66 (30.5) ප්‍රියංගිකා වනසිංහ 15, ඉරේෂා ශ්‍යාමලි 2/18, චමෝදි මුණසිංහ 2/08, අසේනි තලගුණේ 3/09
SSC – කඩුලු 2ක් දැවී 67 (14.4) අසේනි තලගුණේ නොදැවී 32
SSC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Colts CC සහ Kurunegala YCC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
Kurunegala YCC – සියලුම දෙනා දැවී 64 (46.1) දනෝද්‍යා සෙව්මිණි 17, කෞෂල්‍යා ජයවර්ධන 3/13, චමරි ලක්ශානි 2/13, නිලක්ෂි කාවින්ද්‍යා 2/12
Colts CC – කඩුලු 3ක් දැවී 65 (19.2) උදේනි කුරුප්පුආරච්චි 20, දනුලි තෙන්නකෝන් 2/21
Colts කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Panadura SC සහ NCC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
PanaduraSC – සියලුම දෙනා දැවී 100 (27.5) අමාධි විජේසිංහ 28, පියුමි වත්සලා 18, රශ්මිකා සෙව්වන්දි 18, හර්ෂනී විජේරත්න 2/22, විශ්මි සොයිසා 3/21, ඉමාෂා චලනි 4/05
NCC – සියලුම දෙනා දැවී 91 (43.5) ශශානි පෙරේරා 18, පියුමි වත්සලා 2/11, රිශ්මි සංජනා 6/08
Panadura කණ්ඩායමට ලකුණු 9ක ජයක්.
Baduraliya CC සහ CCC අතර තරගය, කිරිමණ්ඩල මාවත SLLDC ක්‍රීඩාංගණයේ දී.
CCC – සියලුම දෙනා දැවී 171 (46.3) විශ්මි ගුණරත්න 57, සඳලි වීරසිංහ 38, කෞෂිනි නුත්‍යාංගා 20, සෙව්මිනි සසිකලා 2/30, විහාරා සෙව්වන්දි 3/34
Baduraliya CC – සියලුම දෙනා දැවී 136 (50.0) රශ්මි නේත්‍රාංජලී 62, පමෝධා ශයිනි 2/22, හිමාෂා පෙරේරා 2/16, නෙත්මි පෙරේරා 2/35, හෂිනි ලියනගේ 2/24
CCC කණ්ඩායමට ලකුණු 35ක ජයක්.
Major Club කාන්තා සිමීත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<