චමරි තවදුරටත් UP Warriorz සමඟ රැඳෙයි

WPL 2025

48
Chamari Athapaththu Retained

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2025 Women’s Premier League තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන UP Warriorz කණ්ඩායමේ තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. 

ලබන වසරේ පැවැත්වීමට නියමිත තරගාවලිය වෙනුවෙන් තවදුරටත් තම කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩිකාවන් කවුරුන්ද යන වග තරගාවලියට සහභාගී වන කණ්ඩායම් පහ විසින් ම තීරණය කළා. 

මෙහි දී UP Warriorz කණ්ඩායම විසින් පෙර සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබූ අතර, ඊට චමරිගේ නම ද ඇතුළත් වුනා. 

පසුගිය තරගාවලියේ දී චමරි විසින් UP Warriorz කණ්ඩායම නියෝජනය කරමින් තරග 04කට සහභාගී වුනා. 

මීළඟ තරගාවලිය 2025 පෙබරවාරි අවසන් සතියට ආසන්න කාලයක දී ආරම්භ වනු ඇති බව අනුමාන කළ හැකි. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<