කාන්තා ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදකී

ICC කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය 2023

316

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් කුසලානය 2023 වසරේ පෙබරවාරි 10 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතයි.

සමාරම්භක තරගයේ දී දකුණු අප්‍රිකාවේ ප්‍රතිවාදීන් ලෙස ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත අතර Cape Town, Paarl සහ Gqeberha හිදි තරගාවලියේ සියලු තරග පැවැත්වීමට නියමිතයි. අවසන් පූර්ව සහ අවසන් මහා තරග Cape Town හිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් එදිනට තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ වෙනුවෙන් 27 වැනිදා ද වෙන්කර තිබෙනවා.

පස්වරක් ශූරතාවය දිනූ වත්මන් ශූර ඕස්ට්‍රේලියාව 1 කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සහභාගී වන අතර ඔවුන්ට අමතරව සත්කාරක දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව ද එම කාණ්ඩයට අයත් වනවා. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ද 1 කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

අයර්ලන්තය, එංගලන්තය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය 2 කාණ්ඩයෙන් තරගාවලිය සඳහා අවතීර්ණ වනවා.

  • 1 කාණ්ඩය: ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය
  • 2 කාණ්ඩයක: එංගලන්තය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, අයර්ලන්තය

මූලික වටයේ කාණ්ඩ තරග පෙබරවාරි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

2023 කාන්තා ලෝක කුසලානයේ තරග කාලසටහන න

  • 10 February    –    South Africa v Sri Lanka   –      Cape Town
  • 11 February    –    West Indies v England       –      Paarl
  • 11 February    –    Australia v New Zealand    –     Paarl
  • 12 February    –    India v Pakistan                  –     Cape Town
  • 12 February    –    Bangladesh v Sri Lanka      –     Cape Town
  • 13 February    –    Ireland v England                     –      Paarl
  • 13 February    –    South Africa v New Zealand     –     Paarl
  • 14 February    –    Australia v Bangladesh             –     Gqeberha
  • 15 February    –    West Indies v India                   –     Cape Town
  • 15 February    –    Pakistan v Ireland                       –     Cape Town
  • 16 February    –    Sri Lanka v Australia                  –     Gqeberha
  • 17 February    –   New Zealand v Bangladesh         –   Cape Town
  • 17 February    –   West Indies v Ireland                   –   Cape Town
  • 18 February    –    England v India                            –   Gqeberha
  • 18 February    –    South Africa v Australia              –   Gqeberha
  • 19 February    –    Pakistan v West Indies                 –    Paarl
  • 19 February    –    New Zealand v Sri Lanka             –    Paarl
  • 20 February    –    Ireland v India                              –   Gqeberha
  • 21 February     –   England v Pakistan                        –   Cape Town
  • 21 February     –   South Africa v Bangladesh            –   Cape Town
  • 23 February     –   SEMI-FINAL 1                             –   Cape Town
  • 24 February     –   RESERVE DAY                           –    Cape Town
  • 24 February     –   SEMI-FINAL 2                             –   Cape Town
  • 25 February     –    RESERVE DAY                            –   Cape Town
  • 26 February     –   FINAL                                           –   Cape Town
  • 27 February     –   RESERVE DAY                           –   Cape Town

 තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<