Home Sinhala ද්විත්ව ශතක දෙකක් සමඟින් නවසීලන්තය තරගයේ පාලනය අතට ගනියි

ද්විත්ව ශතක දෙකක් සමඟින් නවසීලන්තය තරගයේ පාලනය අතට ගනියි

255
Credit : Getty Images

නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුනේ ශ්‍රී ලංකාව තරගය තුල සෑහෙන පසුපසට ඇද දමමින්.

Kane Williamson සහ Henry Nichollsගේ ද්විත්ව ශතක නිසා නවසීලන්ත පළමු ඉනිම ලකුණු 580ක් කරා දිව යද්දී ශ්‍රී ලංකාව මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 26ක් ලබා සිටිනවා.

වර්ෂාවේ බාධා කිරීම් නිසා පන්දුවාර 48කට පමණක් සීමා වූ ඊයේ දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවේ ඇරයුමට අනුව පිතිකරණය ඇරඹූ නවසීලන්තය කඩුලු 2කට ලකුණු 155ක් ලබා සිටියා. ඒ වෙලිංටන් වැනි පිතිකරුවන්ට සුදුසු තණතිල්ලක මුලින් පන්දු යැවීමට නායක දිමුත් කරුණාරත්න ගත් තීරණය අභියෝගයට ලක් කරමින්.

අද උදෑසන නවසීලන්තය තවදුරටත් ග්‍රහණය දැඩි කළ අතර දිවා විවේකය වන විට ඔවුන් කිසිදු කඩුල්ලක් ලබා නොදී ලකුණු 304ක් දක්වා මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්තා. ඒ අතරේ Williamsonගේ ශතකය පන්දු 171ක් තුල දී වාර්තා වුනා. සාපේක්ෂව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Nicholls තම අර්ධ ශතකය වෙනුවෙන් වැය කළේ පන්දු 79ක් පමණයි.

දිවා විවේකයෙන් පසුවත් ශ්‍රී ලංකාවට කඩුලු දවා ගැනීම සිහිනයක්ම වෙද්දී නවසීලන්තය දෙවැනි සැසියට තවත් ලකුණු 139ක් එකතු කරගත්තා. Henry Nicholls තම ශතකය කරා ගියේ පන්දු 173ක් තුල දීයි. ඔහුව ශතකයට පෙර දවා ගැනීමට තිබූ අවස්ථාවක් අද ශ්‍රී ලංකාවට අහිමි වී ගියා. ඒ පන්දු යැවූ ධනංජය ද සිල්වා වෙත පෙරලා පැමිණි පහසු උඩපන්දුව ඔහු අතින් ගිලිහී යාම නිසයි.

පසුගිය තරගයේ ලැබූ ආත්මවිශ්වාසය තවදුරටත් වර්ධනය කර ගත් Williamson අද තම ටෙස්ට් දිවියේ 6 වැනි ද්විත්ව ශතකය වාර්තා කර ගත්තා. ලකුණු 215 දී ප්‍රභාත් ජයසූරිය ඔහුව දවා ගන්නා විට හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබුණා.

Nicollsට ලකුණු 92 දී ධනංජයගෙන් ලැබුණු අවස්ථාවත්, ඊයේ දිනයේ ඔහු ලකුණු 06 දී ලබා දුන් උඩපන්දුව කඩුලු රකින නිශාන් මදුශ්ක අතින් ගිලිහී යාමත් ප්‍රයෝජනයට ගත් Nicholls අද තම මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරගත්තා. ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහර 4කින් හැඩවුනා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 363ක් දක්වා දිව ගියා.

Nichollsගේ ද්විත්ව ශතකය වාර්තා වීමත් සමඟ නවසීලන්ත නායක Tim Southee පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ වන විට නවසීලන්ත ඉනිම දැක්වුනේ ලකුණු 580ට කඩුලු 4ක් ලෙසයි. බිඳ වැටුණු කඩුලු 4න් දෙකක් කසුන් රාජිතට හිමිවෙද්දී ඉතිරි කඩුලු 2 ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරියට හිමි වුනා.  පළමු තරගයේ ඉහළම දක්ෂතා දැක්වූ අසිත ප්‍රනාන්දුට කිසිදු කඩුල්ලක් හිමි නොවීම විශේෂත්වයක්.

අද සන්ධ්‍යා කාලයේ ශ්‍රී ලංකාවට පන්දුවාර 17ක් සඳහා පිතිකරණයේ යෙදීමට සිදු වූ අතර එහි දී ඔවුන්ට ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුලු අහිමි වුනා. පන්දු 32කට මුහුණ දී ලකුණු 6ක් පමණක් රැස්කළ ඕෂධ දැවී ගියේ තණතිල්ලේ වැදී හොඳින් ඉහළ නැගුණු පන්දුවකින් ආරක්ෂා වීමට යද්දී එය පිත්තේ දැවටෙමින් කඩුලු රකින්නා අතට ඇදී යාම නිසයි. එම කඩුල්ල දිගු නිහැඬියාවකින් පසු නැවතත් ටෙස්ට් පිටියට පිවිසි Doug Bracewellට හිමිවුනා.

පන්දු 9ක් තුල දී ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම නිසා නොඉවසිලිමත් වූ කුසල් මෙන්ඩිස් වැර යොදා එල්ල කළ කට් පහර Devon Conway විසින් විශිෂ්ට අන්දමින් ගුවනේ පියඹා ගොස් රැක ගැනීම නිසා අද ඔහුට ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදු වුනා. කඩුල්ල හිමිවුනේ Matt Henryටයි.

Result


New Zealand
580/4 (123)

Sri Lanka
164/10 (66.5) & 358/10 (142)

Batsmen R B 4s 6s SR
Tom Latham c Prabath Jayasuriya b Kasun Rajitha 21 73 0 0 28.77
Devon Conway c & b Dhananjaya de Silva 78 108 13 0 72.22
Kane Williamson c b Prabath Jayasuriya 215 296 23 2 72.64
Henry Nicholls not out 200 240 15 4 83.33
Daryl Mitchell c & b Kasun Rajitha 17 12 1 1 141.67
Tom Blundell not out 17 17 0 0 100.00


Extras 32 (b 2 , lb 17 , nb 8, w 5, pen 0)
Total 580/4 (123 Overs, RR: 4.72)
Bowling O M R W Econ
Kasun Rajitha 32 6 126 2 3.94
Asitha Fernando  26 6 110 0 4.23
Lahiru Kumara 25 1 164 0 6.56
Dhananjaya de Silva 19 3 75 1 3.95
Prabath Jayasuriya 21 1 86 1 4.10
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Tom Blundell b Matt Henry 6 32 0 0 18.75
Dimuth Karunaratne c Tom Latham b Michael Bracewell 89 188 9 0 47.34
Kusal Mendis c Devon Conway b Doug Bracewell 0 10 0 0 0.00
Prabath Jayasuriya c Daryl Mitchell b Tim Southee 4 17 1 0 23.53
Angelo Mathews c Tom Blundell b Matt Henry 1 10 0 0 10.00
Dinesh Chandimal st Tom Blundell b Michael Bracewell 37 92 4 0 40.22
Dhananjaya de Silva c Tim Southee b Michael Bracewell 0 6 0 0 0.00
Nishan Madushka c Michael Bracewell b Matt Henry 19 31 3 0 61.29
Kasun Rajitha run out (Tom Latham) 0 9 0 0 0.00
Lahiru Kumara not out 1 4 0 0 25.00
Asitha Fernando  c Kane Williamson b Blair Tickner 0 3 0 0 0.00


Extras 7 (b 4 , lb 1 , nb 1, w 1, pen 0)
Total 164/10 (66.5 Overs, RR: 2.45)
Bowling O M R W Econ
Tim Southee 15 6 22 1 1.47
Matt Henry 20 6 44 3 2.20
Doug Bracewell 12 7 19 1 1.58
Michael Bracewell 12 1 50 3 4.17
Blair Tickner 6.5 1 21 1 3.23
Daryl Mitchell 1 0 3 0 3.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando c WA Young b Doug Bracewell 5 36 0 0 13.89
Dimuth Karunaratne c Devon Conway b Tim Southee 51 83 4 0 61.45
Kusal Mendis c Kane Williamson b Matt Henry 50 106 8 0 47.17
Angelo Mathews c Michael Bracewell b Blair Tickner 2 44 0 0 4.55
Dinesh Chandimal c Doug Bracewell b Blair Tickner 62 92 8 0 67.39
Dhananjaya de Silva c Henry Nicholls b Michael Bracewell 98 185 12 1 52.97
Nishan Madushka c Tim Southee b Blair Tickner 39 93 4 1 41.94
Kasun Rajitha c Kane Williamson b Tim Southee 20 110 1 0 18.18
Prabath Jayasuriya c Blair Tickner b Michael Bracewell 2 45 0 0 4.44
Lahiru Kumara c Michael Bracewell b Tim Southee 7 45 1 0 15.56
Asitha Fernando  not out 0 15 0 0 0.00


Extras 22 (b 0 , lb 6 , nb 2, w 14, pen 0)
Total 358/10 (142 Overs, RR: 2.52)
Bowling O M R W Econ
Tim Southee 27 13 51 3 1.89
Matt Henry 29 8 59 1 2.03
Michael Bracewell 42 14 100 2 2.38
Doug Bracewell 18 3 58 1 3.22
Blair Tickner 26 6 84 3 3.23



මේ වන විට එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටින නායක දිමුත් කරුණාරත්න පන්දු 45කට මුහුණ දෙමින් ලකුණු 16ක් ලබා සිටිනවා. රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නැවත වරක් තම රාජකාරිය අකුරටම ඉටු කරමින් පන්දු 15ක් තුල ලකුණු 4ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව මේ වන විටත් සිටින්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 554ක් පිටුපසින් නිසා හෙට දිනයේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරණයේ යෙදෙන ආකාරය අනුව තරගාවලියේ ඉරණම විසඳෙනු ඇති. තරගයේ තෙවැනි දිනයේ උණුසුම හා රැඳෙන්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<