වැඩි දස්කම් සබරෙන්

541
World University Athletic

චීන-තායිපේ හිදී පැවැත්වීමට නියමිත 29 වැනි ජගත් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා කණ්ඩායමක් යැවීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සංගමය කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලියක් පසුගිය 27 හා 28 දිනයන්වල දී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

>> මලල ක්‍රීඩා සංගමයේ මහා පුටුවට පාලිත ප්‍රනාන්දු

ක්‍රීඩා උළෙල අගෝස්තු මස 19 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. වසර 4කට වරක් පැවැත්වෙන මෙය අවසන් වරට පැවතියේ 2015 දී දකුණු කොරියාව කේන්ද්‍ර කර ගනිමිනි.

පසුගිය 27 සහ 28 යන දෙදින පැවති තේරීම් තරගාවලියේ දී වැඩි දක්ෂතා දැක ගන්නට හැකි වූයේ සබරගමුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වන අතර සමස්ත තරගාවලියේ සියලුම ඉසව්වලින් ලකුණු 249ක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි විය. ලකුණු 134ක් ලබා ගනිමින් දෙවන තැන හිමි කර ගැනීමට සමත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායමයි. තුන්වන තැන හිමි වූයේ ලකුණු 95ක් ලබා ගත් කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමටයි.

ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තු මේ වන විටත් සකස් කර නොමැති අතර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ඒ සඳහා තෝරා ගනු ඇත.

විශ්ව විද්‍යාලය සමස්ත ලකුණු
සබරගමුව විශ්ව විද්‍යාලය 249
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල 134
කොළඹ විශ්ව විද්‍යාල 95
‍කැළණිය විශ්ව විද්‍යාලය 65
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 53

සමස්ත තරගාවලියේ දී බාලක අංශයේ සහභාගී වූ සියලුම ඉසව්වල දී පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනය විශ්ව විද්‍යාලයේ බාලක මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වූ අතර සහභාගී වූ කාන්තා අංශයේ සියලූම ඉසව්වලින් පෙරමුණ ගැනීමට සබරගමුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් විය.

බාලක අංශය

විශ්ව විද්‍යාලය ලකුණු
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විධ්‍යාලය 101
සබරගමුව විශ්ව විද්‍යාල 91
කොළඹ විශ්ව විද්‍යාල 66

බාලිකා අංශය

විශ්ව විද්‍යාලය ලකුණු
සබරගමුව විශ්ව විද්‍යාලය 158
කැළණිය විශ්ව විද්‍යාලය 56
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 36

විශ්ව විද්‍යාල මලල ක්‍රීඩා ‍තේරීම් තරගාවලියේ දී නව වාර්තා කිහිපයක් බිහි කිරීමට විශ්ව විද්‍යාල මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව බාලක මීටර් 5000 ඉසව්ව විනාඩි 15යි තත්පර 41.92කින් (15:41.92Min) අවසන් කරමින් නව වාර්තාවක් බිහි කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ එන්. එම්. සී. සී. නවසිංහ සමත් වූ අතර මීටර් 4*400 සහය දිවීමේ ඉසව්ව විනාඩි 3යි තත්පර 23.36කින් (3:23.36 Min) අවසන් කරමින් වාර්තාවක් පිහිටුවීමට එම විශ්ව විද්‍යාලයටම හැකි විය.

මීටර් 110 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 15.08කින් අවසන් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ඒ. එල්. නිලවීර සමත් වූයේ එය වාර්තා පොත් අතරට එකතු කරමිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මලල ක්‍රීඩකයින් විසින් ඉසව් කිහිපයකින් වාර්තා බිහි කිරීමට සමත් විය. ඒ මීටර් 400, දුර පැනීම, හෙල්ල විසි කිරීම සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව් ය. ඊට අමතරව මීටර් 100*4 ඉසව්වේ නව වාර්තාවට ද හිමිකම් කියන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල බාලක කණ්ඩායමට හැකි වූ අතර එය තත්පර 42.59කි.

ක්‍රීඩකයාගේ නම තරග ඉසව්ව දක්ෂතාවය
ඕ. ඩී. අයි.එල්. ඒ. කුමාර 400m කඩුලු මතින් දිවීම තත්පර 54.09
ජී. කේ. ඩී. එස්. ප්‍රියරත්න දුර පැනීම මීටර් 7.54
කේ. ඒ. පී. ජයවර්ධන කවපෙත්ත විසි කිරීම මීටර් 40.78
ආර්. ඒ. පී. රණසිංහ හෙල්ල විසි කිරීම මීටර් 75.20

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැනීමේ ඉසව්ව නියෝජනය කළ බී. ලවනන් නව වාර්තාවක් බිහි කිරීමට සමත් වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 3.90කි. යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් එම්. සී. ඕ. වර්ණසූරිය මීටර් 12.82 දුරක් යගුලිය විසි කිරීමෙන් නව වාර්තාවක් පිහිට වූ අතර ඔහු නියෝජනය කළේ රුහුණු විශ්ව විද්‍යාලයයි.

සමස්ත තරගාවලියේ බාලක හා බාලිකා අංශයන් හි ප්‍රතිඵල පහත දැක්වේ.

බාලක අංශය

මීටර් 100

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. ඒ. කෝට්ටාරච්චි සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 11.11
ඒ. අයි. නිලවීර කොළඹ විශ්ව විද්‍යාලය තත්පර 11.38
ජී. කේ. ඩී. එස්. ප්‍රියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තත්පර 11.42

මීටර් 200

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඩබ්ලිව්. එම්. එස්. එස්. විජේසුන්දර සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 22.37
එම්. එස්. එන්. කුමාර කොළඹ විශ්ව විද්‍යාලය තත්පර 23.37
එස්. ඒ. ඒ. යු. වයි. අතුකෝරාල මොරටුව විශ්ව විද්‍යාලය තත්පර 23.72

මීටර් 400

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඩබ්ලිව්. එම්. එස්. එස්. විජේසුන්දර සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 48.63
ඩී. එම්. සී. යූ. බණ්ඩාර සෞන්දර්ය විශ්ව විද්‍යාලය තත්පර 49.29
ජී. වී. උදයංග සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 49.92

මීටර් 800

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජී. එච්. සී. කුශාන්ත සබරගමුව විශ්ව විද්‍යාලය 1:57.68 Min
ජී. වී. උදයංග සබරගමුව විශ්ව විද්‍යාලය 1:57.70 Min
ඒ. ජේ. එම්. මදුශංක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 1:57.77 Min

මීටර් 1500

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඒ. ජේ. එම්. මදුශංක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 4:05.66 Min
එන්. එම්. සී. සී. නවසිංහ සබරගමුව විශ්ව විද්‍යාලය 4:06.05 Min
ජී. එච්. සී. කුශාන්ත සබරගමුව විශ්ව විද්‍යාලය 4:13.09 Min

මීටර් 5000

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
එන්. එම්. සී. සී. නවසිංහ සබරගමුව විශ්ව විද්‍යාලය 15:41.92 Min
ඒ. ජේ. එම්. මදුශංක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 16:37.90 Min
ඩබ්ලිව්. එම්. එ්. එස්. විජේකෝන් කොළඹ විශ්ව විද්‍යාලය 16:45.39 Min

මීටර් 110 කඩුලු මතින් දිවීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඒ. අයි. නිලවීර කොළඹ විශ්ව විද්‍යාලය තත්පර 15.08
ඩී. ජී. ඩී. බී. ආරියවංශ සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 16.08
ජී. ඒ. යූ. බී. කේ. වික්‍රමසිංහ කොළඹ විශ්ව විද්‍යාලය තත්පර 10.88

මීටර් 400 කඩුලු මතින් දිවීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඩී. අයි. එල්. ඒ කුමාර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තත්පර 54.09
ඩී. එම්. සී. යූ. බණ්ඩාර සෞන්දර්ය විශ්ව විද්‍යාලය තත්පර 54.72
ඩබ්ලිව්. සී. පී. විජේසිංහ සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 57.59

උස පැනීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඩබ්ලිව්. වයි.එන්. මෙන්ඩිස් කොළඹ විශ්ව විද්‍යාලය මීටර් 1.89
ආර්. එම්. කේ. ජී. ඩී. සුරංග කොළඹ විශ්ව විද්‍යාලය මීටර් 1.89
කේ. කජීවන් යාපනය විශ්ව විද්‍යාලය මීටර් 1.86

රිටි පැනීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
බී. ලවනන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මීටර් 3.90
ඩබ්ලිව්. එස්. චන්ද්‍රකුමාර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 3.60
එල්. ජී. වී. ඉන්දික මොරටුව විශ්ව විද්‍යාලය මීටර් 3.40

දුර පැනීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජී. කේ. ඩී. එස්. ප්‍රියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 7.54
ඒ. අයි. නිලවීර කොළඹ විශ්ව විද්‍යාලය මීටර් 7.14
ඩබ්ලිව්. කේ. එම්. යූ. කුමාර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 7.07

තුන් පිම්ම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජී. කේ. ඩී. එස්. ප්‍රියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 14.25
එස්. වනිලාන් මාර්ක් සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 13.53
ආර්. එම්. කේ. ජී. ඩී. සුරංග කොළඹ විශ්ව විද්‍යාලය මීටර් 13.52

යඟුලිය විසිකිරීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
එම්. සී. ඕ. වර්ණසූරිය රුහුණු විශ්ව විද්‍යාගය මීටර් 12.82
ඒ. එච්. සී පෙරේරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 12.44
ඒ. ගෝගුලන් රුහුණු විශ්ව විද්‍යාලය මීටර් 12.37

කවපෙත්ත විසි කිරීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. ඒ .පී. ජයවර්ධන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 40.78
එම්. ජී. පී. විජේසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 37.77
එම්. බී. ඕ. ජේ. බණ්ඩාර අග්නි දිග විශ්ව විද්‍යාල මීටර් 33.80

හෙල්ල විසිකිරීම

ක්‍රීඩකයාගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ආර්. එම්. එස්. රණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 75.20
සී. ඩී. විජේගුණසිංහ කොළඹ විශ්ව විද්‍යාලය මීටර් 60.06
ඩී. එල්. ජේ. එන්. ලියනගේ යාපනය විශ්ව විද්‍යාලය මීටර් 58.57

4* 100M ඉසව්ව

විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තත්පර 42.59
සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 43.63
කොළඹ විශ්ව විද්‍යාලය තත්පර 44.40

4 * 400M ඉසව්ව

විශ්ව විද්‍යාලය දක්ෂතාවය
සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 3:23.36
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විනාඩි 3:23.41
රුහුණූ විශ්ව විද්‍යාලය විනාඩි 3:34.38

බාලිකා අංශයේ සමස්ත ප්‍රතිඵල

මීටර් 100

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. එම්. අයි. ජයලත් සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 13.33
වයි. එන්. පී. ද සිල්වා කැළණිය විශ්ව විද්‍යාලය තත්පර 13.70
ආර්. පී. එම්. පී. රාජපක්ෂ මොරටුව විශ්ව විද්‍යාලය තත්පර 13.90

මීටර් 200

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ආර්. එම්. එස්. කේ. රත්නායක සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 26.83
කේ. එම්. අයි. ජයලත් සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 28.11
අයි. ජී. අයි. ශ්‍රීමාලි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තත්පර 28.26

මීටර් 400

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ආර්. එම්. එස්. කේ. රත්නායක සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 59.93
අයි. ජී. අයි. ශ්‍රීමාලි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විනාඩි 1:02.28
ඩී. එම්. එච්. ඒ. දුනුමලී පේරාදෙණිය විශ්ව විද්‍යාල විනාඩි 1:04.74

මීටර් 800

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ඒ. එම්. ඒ. තාරුකා සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 2:33.47
ඩී. එම්. එච්. ඒ. දුනුමලී පේරාදෙණිය විශ්ව විද්‍යාල විනාඩි  2:37.71
බී. ජී. එන්. ටී. විජේරත්න සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 3:37.79

මීටර් 1500

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. ඩී. පී. කුමාරගේ සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 5:01.98
ටී. ආර්. එස්. ප්‍රියදර්ශණී සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 5:20.56
එම්. එම්. එන්. විජේතුංග පේරාදෙණිය විශ්ව විද්‍යාලය විනාඩි 5:41.25

මීටර් 3000

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. ඩී. පී. කුමාරගේ සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 11:11.9
යූ. ජී. එල්. ජේ. රණසිංහ සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 11:58.9
එම්. එම්. එන්. විජේතුංග පේරාදෙණිය විශ්ව විද්‍යාලය විනාඩි 12:54.9

මීටර් 100 කඩුලු මතින් දිවීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජී. වී. එච්. වත්සලා කුමාරි සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 16.21
ඩී. එම්. එච්. යූ. ඩී. දිසානායක කැළණිය විශ්ව විද්‍යාලය තත්පර 18.25
එච්. එම්. පී. එම්. කේ බණ්ඩාර සබරගමුව විශ්ව විද්‍යාලය තත්පර 19.36

මීටර් 400 කඩුලු මතින් දිවීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජී. වී. එච්. වත්සලා කුමාරි සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 1:10.62
ඩී. ඩී. වී. සෙනෙවිරත්න සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 1:11.73
ඩී. එම්. එච්. යූ. ඩී. දිසානායක කැළණිය විශ්ව විද්‍යාලය විනාඩි 1:12.62

උස පැනීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජේ. ඒ. ඩී. ජයරත්න සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 1.47
ටී. එස්. හිතක්ෂිකා වයඹ විශ්ව විද්‍යාලය මීටර් 1.47
ජී. තුස්යන්ති යාපනය විශ්ව විද්‍යාලය මීටර් 1.41

දුර පැනීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ජේ. ඒ. ඩී. ජයවර්ධන සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 5.11
එන්. ජී. ඩී. කෞෂල්‍යා කොළඹ විශ්ව විද්‍යාලය මීටර් 5.05
වයි. එන්. පී. ද සිල්වා කැළණිය විශ්ව විද්‍යාලය මීටර් 4.95

තුන් පිම්ම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. ජී. ඩී. වී. නවරත්න කැළණිය විශ්ව විද්‍යාලය මීටර් 11.29
ජේ. ඒ. ඩී. ජයරත්න සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 11.02
පී. ආර්. එම්. එස්. රත්නායක සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 10.92

යඟුලිය විසිකිරීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
කේ. ජී. එච්. රංගිකා සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 10.03
ඒ. එස්. කේ. ධර්මදාස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 9.57
ආර්. තර්ෂිකා සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 9.13

කවපෙත්ත විසිකිරීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ආර්. තර්ෂිකා සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 28.26
ඒ. එස්. කේ. ධර්මදාස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 24.07
ජේ. කලයිවානි යාපනය විශ්ව විද්‍යාලය මීටර් 22.56

හෙල්ල විසිකිරීම

ක්‍රීඩිකාවගේ නම විශ්ව විද්‍යාලය දක්ෂතාවය
එච්. පී. ඒ. ජයමිණි රුහුණු විශ්ව විද්‍යාලය මීටර් 36.09
ආර්. එම්. ටී. කේ. රත්නායක සබරගමුව විශ්ව විද්‍යාලය මීටර් 33.68
එච්. ආර්. ධර්මදාස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල මීටර් 31.74

4* 100 M

විශ්ව විද්‍යාලය දක්ෂතාවය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල තත්පර 51.38
කැළණිය විශ්ව විද්‍යාලය තත්පර 53.30
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තත්පර 54.67

4 * 400M

විශ්ව විද්‍යාලයන දක්ෂතාවය
සබරගමුව විශ්ව විද්‍යාලය විනාඩි 4:19.76
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල විනාඩි 4:33.16
පේරාදෙණිය විශ්ව විද්‍යාලය විනාඩි 4:40.20

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<