23න් පහළ තුන්දින ශූරතාවය Tamil Union ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය 2022

307
Major Club Emerging 3 day Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ නැගී එන තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Tamil Union ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (23) දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි Tamil Union කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 39ක් රැස් කර ගනිමින් Sebastianites පළමු ඉනිමට වඩා ලකුණු 126ක් ඉදිරියෙන් සිටියා.

අවසන් දිනයේ දී Tamil Union පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ Sebastianites පන්දු යවන්නන් Tamil Union දෙවැනි ඉනිම ලකුණු 123කට සීමා කළා.

Tamil Union ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ දිලුම් සුදීර ලකුණු 36ක් වාර්තා කරගන්නා විට සංතුෂ් ගුණතිලක ලකුණු 32කින් සිය දායකත්වය සැපයුවා.

අගනා පන්දු යැවීමක නිරත වූ මනෙල්කර් ද සිල්වා ලකුණු 27කට කඩුලු 5ක් බිඳ හෙළද්දී නැවතත් සාර්ථක වූ තරිඳු රත්නායක කඩුලු 4ක් බිඳ හෙලුවා.

ඒ අනුව Sebastianites කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 211ක්.

පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේ ද Sebastianites ක්‍රීඩකයින් අසරණ කළ දිලුම් සුදීර ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් Sebastianites ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

Sebastianites ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වෙමින් විමුද් සංකල්ප ලකුණු 52ක් රැස් කිරීමට සමත් වූ අතර විශාල් සිල්වා ලකුණු 33ක් රැස් කළා.

එම ඉනෙිමේත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දිලුම් සුදීර ලකුණු 61කට කඩුලු 5ක් දවා ගන්නා විට කවිඳු පතිරණ කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ඒ සමඟින් තරගය ලකුණු 44කින් ජයග්‍රහණය කිරීමට Tamil Union ක්‍රීඩකයින්ට හැකි වුනා‍ෙ

Tamil Union C & A – 254 (71.5): රවිඳු ප්‍රනාන්දු 76, රවීන් ද සිල්වා 30, සංතුෂ් ගුණතිලක 27, තරිඳු රත්නායක 5/113.

Tamil Union C & A – 123 (45): දිලුම් සුදීර 36, සංතුෂ් ගුණතිලක 32, මනෙල්කර් ද සිල්වා 5/27, තරිඳු රත්නායක 4/56.

Sebastian C & A – 167 (67.1): විමුද් සංකල්ප 46, සඳුන් ප්‍රනාන්දු 26, දිලුම් සුදීර 7/65.

Sebastian C & A – 166 (57.4): විමුද් සංකල්ප 52, විශාල් සිල්වා 33, දිලුම් සුදීර 5/61.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<