දිලුම් සුදීර Sebastianites පිතිකරුවන් අසරණ කරයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලිය

828

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන්දින තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය වූ අද (23) නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන Tamil Union කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටියා.

වර්ෂාව නිසාවෙන් ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි Tamil Union ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේ දී Tamil Union ක්‍රීඩකයින්ට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Sebastianites පන්දු යවන්නන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 254ක් වන විට Tamil Union ක්‍රීඩකයින්ගේ ඉනිම අවසන් කිරීමට සමත් වුනා.

Tamil Union කණ්ඩායමේ ගැලවුම්කරුවා වූ රවිඳු ප්‍රනාන්දු ලකුණු 76ක් රැස් කරගන්නා විට අගනා පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 113කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 254ක් පිටුපසින් සිටිමින් සිය පළමු පිළිතුරු ඉනිම ආරම්භ කළ Sebastianites කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 167කට සීමා කිරීමට Tamil Union පන්දු යවන්නන්ට හැකි වුනේ ලකුණු 87ක වාසියක් සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

Sebastianites කණ්ඩායම වෙනුවෙන් විමුද් සපන්ක ලකුණු 46ක් වාර්තා කරගැනීමට සමත් වූ අතර නායක සඳුන් ප්‍රනාන්දු ලකුණු 26ක් සහ තරිඳු රත්නායක ලකුණු 23ක් රැස් කරගැනීමට සමත්ව තිබුණා.

පන්දු යැවීමේ දී Sebastianites ඉනිම විනාශ කළ දිලුම් සුදීර ලකුණු 65කට කඩුලු 7ක් දවා ගන්නා විට කවිඳු පතිරණ, සංතුෂ් ගුණතිලක සහ රවිඳු ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

දෙවන දිනය වූ අද දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන Tamil Union ක්‍රීඩකයින් ලකුණු 39ට කඩුලු 3ක් දැවී, ලකුණු 126ක් ඉදිරියෙන් පසු වූ අතර Sebastianites කණ්ඩායම වෙනුවෙන් තරිඳු රත්නායක කඩුලු දෙකක් දවා ගැනීමට සමත්ව තිබුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව,

Tamil Union C & A – 254 (71.5): රවිඳු ප්‍රනාන්දු 76, රවීන් ද සිල්වා 30, සංතුෂ් ගුණතිලක 27, තරිඳු රත්නායක 5/113.

Tamil Union C & A – 39/3 (14): නවෝද් පරණවිතාන 14, තරිඳු රත්නායක 14/2.

Sebastianites C & A – 167 (67.1): විමුද් සපංක 46, සඳුන් ප්‍රනාන්දු 26, දිලුම් සුදීර 7/65.

මෙම තරගයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<